ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, ෂා FM සිරිපා කරුණාව අද (30) අති සාර්ථකව නිමාවට පත්වුණා.
ෂා FM සංවිධාන කළ මේ සුපින්බර වන්දනා ගමනට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධාන වූ මෙම සුපින්බර වන්දනා ගමනේදී එයට සහභාගී වන ෂා FM ශ්‍රාවකයන්ට සියලු පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට ෂා FM කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.