Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
12
තරුණ පෙම් යුවළ මධු සමයදා හොරෙන්ම කළ වැඩේ නිසා සේවකයින් දෙදෙනෙකුට රැකියාව අහිමි වෙයි.

තරුණ පෙම් යුවළ මධු සමයදා හොරෙන්ම කළ වැඩේ නිසා සේවකයින් දෙදෙනෙකුට රැකියාව අහිමි වෙයි. - තරුණ පෙම් යුවළ මධු සමයදා හොරෙන්ම කළ වැඩේ නිසා සේවකයින් දෙදෙනෙකුට රැකියාව අහිමි වෙයි.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,370 Views
විවාහ වී මධු සමය ගත කිරීමට හෝටලයට පැමිණි තරුණ යුවළක් නිසා එම හෝටලයේ දෙදෙනෙකුට රැකියාව අහිමි වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා.
විවාහ වී මධු සමය ගත කිරීමට හෝටලයට පැමිණි තරුණ යුවළක් නිසා එම හෝටලයේ දෙදෙනෙකුට රැකියාව අහිමි වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා.

සිය විවාහ දිනය දා ගෙන එන ලද මත්පැන් බෝතල් වලින් තමන්ට ද වෙනම බෝතලයක් වෙන් කර තබන ලෙසට මනමාල මහතා විසින් සිය මිතුරන් වෙත දන්වා තිබෙනවා.එහෙත් පවතින කොවිඩ් වසංගත තත්වය නිසාවෙන් උත්සවයක් නොපවත්වා ලියාපදිංචි කිරීමේ කටයුතු පමණක් සිදුකොට ඇති අතර එම නිසා අවසන් මොහොතේදී තීරණය කොට ඇත්තේ මත්පැන් වලින් තොරව අදාළ කටයුතු සංවිධානය කිරීමටයි.

විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව නව යුවළ ඔවුන් නවාතැන් ගැනීමට නියමිත හෝටලයට පැමිණ තිබෙනවා.එදින රාත්‍රියේදී ඔහු හෝටලේ සේවකයෙකුට පවසා ඇත්තේ තමාට කොහෙන් හෝ මත්පැන් බෝතලයක් ලබා දෙන ලෙසටයි .එහෙත් ඒ වන විට මධ්‍යම රාත්‍රියත් පසු වී තිබූ බැවින් හෝටලයේ බාර් එක වසා ඇති බවත්,කළමණාකරුට නොදන්වා එය නැවත විවෘත කල නොහැකි බවත් එම සේවකයා දන්වා තිබෙනවා.

නමුත් එම තරුණයා විසින් අදාළ සේවකයාට මුදල් ලබා දී ඇති අතර ඔහු තවත් සේවකයෙකුගේද සහයෝගය ඇතිව බාර් එක විවෘත කොට මත්පැන් බෝතලයක් ලබා දී තිබෙනවා.

පසුදා උදෑසන ආහාර ගැනීමට ඔවුන් පහතට පැමිණි අවස්ථාවේදී "හස්බන්ඩ් තවම නිදිද මැඩම් " යනුවෙන් කළමණාකරු විසින් එම තරුණියගෙන් විමසා තිබෙනවා .

එවිට ඇය පවසා ඇත්තේ ඊයේ රාත්‍රියේ අවදි වී මෙලෙස මත්පැන් බෝතලයක් ලබාගත් බවත්,ඒ මහන්සියට ඔහු තවමත් නින්දේ පසුවන බවත් ය.

ඊයේ රාත්‍රියේදී කුමක් හෝ යම් දෙයක් සිදුව ඇති බව වටහා ගත් අදාළ හෝටලයේ කළමණාකරු විසින් CCTV දර්ශන පරීක්ෂා කොට ඇති අතර ,හෝටලේ පනවා ඇති නීතියට පටහැනි ලෙස මධ්‍යම රාත්‍රියේදී බාර් එක විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ සේවකයින් දෙදනාගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනා විසින් වරද පිලිගෙන ඇති අතර , හෝටලයේ කළමණාකරු විසින් ඔවුන්ගේ වැඩ තහනම් කොට තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top