බාල වයස්කාර සිසුවියකට අසභ්‍ය දර්ශනය යැවූ සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින්.
තමාගේ දුරකථනයට ලැබුණු මෙම දර්ශන පිළිබඳව දහසය හැවිරිදි සිසුවිය විසින් සිය මව සමඟ පැමිණ පැමිණිලි කොට තිබෙනවා.

ඒ අනුව කල සොයා බැලීමේදී හෙළිව ඇත්තේ විශ්‍රාමික සෙබලෙකුට අයත් බව කියන සිම්පතකින් මෙම වීඩියෝ යවා ඇති බවයි.
පසුව කල පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සෙබළා පවසා ඇත්තේ සිය මුණුපුරාට ඔන්ලයින් පන්ති යෑම සඳහා දුරකථනයක් අරගෙන දුන් අතර මේ වන විට එය භාවිතා කරන්නේ අදාළ මුණුපුරා බවටයි.
එම සිසුවාගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී සියල්ල හෙළිවූ අතර ඔහුගේ මිතුරෙකු විසින් ජංගම දුරකථනය ටික වෙලාවකට ඉල්ලා ගත් බව අදාළ සිසුවා පවසා තිබෙනවා.එම මිතුරා විසින් මෙලෙස අසභ්‍ය දර්ශන සිසුවියට යවා ඇහි බවයි අවසානයේදී හෙළිව ඇත්තේ.