Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
අද දවස ඔබට කොහොමද? පෙබරවාරි මස 06

how is your day 6th of february 2016 shaa gossip - අද දවස ඔබට කොහොමද? පෙබරවාරි මස 06Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,769 Views
අද 2016 ක් වූ පෙබරවාරි මස 06 වැනිදා සෙනසුරාදා
අද රාහු කාලය දිවා කාලය සඳහා -උදෑසන 9.26 සිට 10.54 දක්වා
සවස් කාලය සඳහා  -9.22 සිට 10.53 දක්වා
මරු සිටින දිශාව -නැගෙනහිර
ශුභ දිශාව -දකුණු දිශාව
මේෂ ලග්නය

පසුගිය දිනවල ඔබට පැවති ඒරාෂ්ටක තත්වය සමනය වන තත්වයක් දක්නට ලැබේ.අසනිපකාරී තත්වය පහව යන ස්වරුපයක් දක්නට ලැබේ.නිරෝගී බව වර්ධනය වන අතර මානසික තත්වයද නිරවුල් වන බව කිව යුතුය.රැකී රක්ෂා වල නිරතව සිටිනා මේෂ ලග්න හිමියන්ට ජය අත්පත් වන දිනයකි.

වෘෂභ ලග්නය

ඔබට අද දිනයේදී හැකියාවක් තිබේනම් උසස් ,වැඩිහිටි පුද්ගලයන්ගේ අවවාද ,උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් වේවි.ඔබගේ ස්ථාවර නොවන අදහස් හේතුවෙන් නොයෙකුත් අපහසුතා මතු වීමට පුළුවන.ආර්ථික සහ රැකී රක්ෂා කටයුතු වලින් යහපත් තත්වයක් පෙන්නුම් කෙරේ.

මිථුන ලග්නය

ඔබට අද දිනය හරමක් කාර්යබහුල දිනයක් බව කිව යුතුය.අද දිනයේදී ඔබට විවේකයක්නම් සොයා ගැනීමට නොහැකි වෙවි.රාජකාරි සහ සමාජයීය කටයුතු වලටද මැදිහත් වීමට සිදු වනු ඇත.ඉගෙනීම් කටයුතු වල නිරත වන දරුවන් සිටින දෙමාපියන් තරමක් දරුවන්ගේ කටයුතු  පිලිබඳ සැලකිලිමත් වන්න.

කටක ලග්නය

යහපත් තත්වයක් බලපවත්වන දිනයකි.ඉතා යහපත් සිතිවිලි රටාවක් පවත්වාගන්නට මෙන්ම අවට සිටින අයගෙන් බොහෝ උදවු උපකාර ලබාගැනීමේ හැකියාවක්ද පවතිනවා.විනෝද ගමනක් යාමට හෝ විනෝදකාමී පිරිසක් සමග කටයුතු කිරීමට සිදු වනු ඇත.ලේ ධාතුව සම්බන්ධ රෝග ඇති අයෙක්නම් සැලකිලිමත් වන්න.

සිංහ ලග්නය

ඉගෙනීම් කටයුතු සිදුකරන දරුවන් වෙනුවෙන් ඔබට අද දිනයේ වැඩි කාලයක් වෙන් කිරීමට සිදු වේවි.ඔවුන්ගේම කටයුතු වලින් ඔබට සතුටුදායක ලෙස දවස ගත කිරීමට හැකි වේවි.ඉතා යහපත් සිතිවිලි ධාරාවක් පවත්වාගන යාමට හැකි වේවි.වැඩිපුර ඇවිදීමට සිදුවන බව කිව යුතුය.

කන්යා  ලග්නය

ගෙදර දොර අලංකරණ කටයුතු මෙන්ම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඔබට වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදු වන දිනයකි.වෘත්තීය වගකීම් සහ වගවීම් වලින් තරමක් දුරස්ව කටයුතු කරනු ඇත.ගෙදරදොර කටයුතු වලට වැඩි මුදලක් වෙන් කරනු ඇත.විදේශයන් සමග කටයුතු කරන අය කාර්යබහුල වේවි.

තුලා ලග්නය

ඔබගේ කටයුතු වලට තරමක බාධාවන් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.ලේ ඥාතීන්ගෙන් යම් යම් ආකාරයේ බලපෑම් ඇති වීමට පුළුවන්.ඒ නිසා වචන භාවිත කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතුයි.ඉඩකඩම් සම්බන්ධ ආරවුල් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.

වෘශ්චික ලග්නය

ඔබගේ වැඩ කටයුතු වලට බාධාවන් ඇති වීම වැළකිය නොහැකි තත්වයක් පෙන්නුම් කරනවා.නමුත් ඔබගේ හැකියාවන්ට නිසි තැන ලැබීම අනිවාර්යෙන්ම සිදු වේවි.ඔබටත් නොදැනීම ඔබගේ පසුම්බියේ මුදල් වියදම් වනු ඇත.වගකීම් නිසි පරිදි ඉටු කරනු ඇත.

ධනු ලග්නය

අද දිනයේ ඔබගේ බොහෝ කටයුතු පෙර පින අනුව සිදු වන බව කිව යුතුය.අත්හැර තිබු බොහෝ කටයුතු ආරම්භ කිරීමට යහපත් දිනයක් ලෙස පෙනේ.පීඩාවට පත් අයට උදවු කිරීමට හැකි වන යහපත් දිනයක් ලෙස දැකිය හැකිය.එයින් ජනිත වන කුසල් ශක්තියෙන් ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවි.

මකර ලග්නය

සැලසුම් සකස් කරගත් ආකාරයට ඒවා දියත් කිරීමේ හැකියාව අඩු බව පෙනේ.තීන්දු තීරණ ගැනීමේදී තරමක් කල්පනාකාරී වන්න.වචන භාවිතා කිරීමේදී තරමක් සැලකිලිමත් වන්න.ඔබේ උදාසීන තත්වය යටපත් කරගැනීමට කටයුතු කල යුතුයි.සුරිය පිරිත සජ්ජායනා කිරීමෙන් ජය අත්වේ.

කුම්භ ලග්නය

හවුල් වෙළෙඳාම් කටයුතු වල නිරත වන අයට තරමක් බාධාකාරී තත්වයක් පෙන්නුම් කෙරේ.කලාකාමී සහ නිර්මාණශීලී වැඩ කටයුතු වල නිරත වන අයටනම් ඉතාමත් වාසනාවන්තයි. එම කටයුතු අන් අයගේ පැසසුමට ලක් වනු ඇත.අත්හැර දමා තිබු කටයුතු ආරම්භ කිරීමට ඉතාමත් යහපත්.

මීන ලග්නය

යහපත් සිතිවිලි පරම්පරාවක් යටතේ කටයුතු කල හැකි දිනයක් බව කිව යුතුය.කුඩා දරුවන්ගේ ආම්පන්න නිර්මාණය කරන වෙළෙදාමක නිරත වන කෙනෙක්නම් අද දිනය ඔබට ඉතාමත් වාසනාවන්තයි.දණහිස සහ යටිබඩ අසල යම් යම් රෝග පිඩා තත්වයන් ඇති වීමේ ඉඩකඩක් පවතියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top