Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
25
"ඔබ උපන් දවසෙන් හෙලි කරන ජීවිත රහස් මෙන්න"

BIRTHDAY SECRET SHAA GOSSIP - "ඔබ උපන් දවසෙන් හෙලි කරන ජීවිත රහස් මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,511 Views
තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්‌ම ආවරණය වන බවයි. නවීන පරිගණක මගින් රැස්‌කර ඇති තාරක, පර්යේෂණ හා ග්‍රහ වාර්තාමය තොරතුරු මගින්ද, දවසේ ඇති ග්‍රහබල ශක්‌තිය මනාව පැහැදිලි වෙයි. ඔබ උපත ලැබූ දිනය ග්‍රහයන්ගේ නාමයෙන් හඳුන්වනුයේද එබැවිනි. මේ අයුරින් එක්‌ එක්‌ දිනයන්හි උපත ලැබු අයට ග්‍රහයන්ගේ බලපෑමෙන් ලැබෙන පලාපල විවිධාකාරය. මෙය ඒ පිළිබද කෙරෙන විග්‍රහයකි.
 ඉරිදා

මෙදින උපන් අයගේ ශරීරය මද රන් පැහැයෙන් යුතු වන අතර ඔවුන්ගේ හිසකෙස්‌ රැලි සහිතය. බුද්ධිමත් භාවයෙන් යුතුවන ඔවුන් ගුණයහපත්කමින්ද අඩුවක්‌ නැත. දැඩි අධිෂ්ඨාන ශක්‌තියක්‌ ඇති අතර ඔවුන් ආරම්භ කරන හැම කාර්යයකින්ම සාර්ථක ප්‍රතිඵල උදාකරගනී. පිත් අධික ශරීරයක්‌ හිමිය. ආත්මාර්ථකාමිත්වයෙන් යුතුය. මෙදින උපන් කාන්තාවෝද එඩිතර වන අය වන අතර පිරිමි අය පවා යටත් කර තම අණසක පැතිරවීමට සමත්ය. සියලූ අභියෝගයන් ජයගනී.

සඳුදා

මෙදින ඔබ ඉපදුනේ සඳුදාවක රාත්‍රියේ නම් ඔබ ඉතා වාසනාවන්තය. අවපක්‍ෂයේ රාත්‍රි කාලයේ නම් ඔබේ සිතේ ඇති සතුටට විටින් විට බාධා පැමිණේ. මෙදින උපන් අය සුදු වස්‌ත්‍ර රෙදිපිළිවලට වැඩි කැමැත්තක්‌ දක්‌වති. පරාර්ථකාමිත්වයෙන් යුතු ඔවුහු තමාගේ බත් පත වුවද අන් අයට පරිත්‍යාග කිරීමට මැලි නොවේ. මෙලොව පරලොව දෙකටම මග හෙළිකර ගන්නා සුගතිගාමි කෙනෙක්‌ වෙයි. එදින උපන් කාන්තාවෝ ධර්මයට අනුව තම ජීවිතය සකස්‌ කරගනී. තමාට ලැබෙන ස්‌වාමි පුරුෂයාට ඉමහත් ආදරයක්‌, භක්‌තියක්‌ දක්‌වයි.

අඟහරුවාදා

මෙදින උපන් අයගේ ශරීරය වඩා උස නොවේ. වයසට ගියත් තරුණ පෙනුමක්‌ පෙන්නුම් කරයි. අහංකාර සිත් ඇත්තෙක්‌ වෙයි. දුෂ්ටකම් හා පාපී කටයුතුවලට වඩාත් නැඹුරුවේ. අනිත් අයට අණදීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන අතර කිසිම අයෙකුට රැවටිය හැකිද නොවේ. එදින උපන් කාන්තාවෝ ද අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි ශාරීරික ස්‌වරූපයක්‌ පෙන්නුම් කරන අතර කා සමගත් සුහදශීලීව කටයුතු කරති.

බදාදා

නිතරම සිනහ මසු මුහුණින් කල්ගත කරයි. බුද්ධිමත් කාරුණික අයවන අතර නව සොයා ගැනීම්වලට උනන්දු වේ. වෛද්‍ය, කලාශිල්ට්‌, පොත්පත් ලිවීම ආදියට දක්‍ෂකමක්‌ පෙන්වයි. භක්‌තිමත් වන අතර සත්‍යවාදීය. පරෝපකාරයට ලැදි ඇත්තෙකි. ව්‍යාපාරික කටයුතු පිළිබඳවද දක්‍ෂතාවයක්‌ දක්‌වයි. බදාදා උපන් කාන්තාවෝද පරිත්‍යාගශිලී අය වෙති. අන් අය වශීකරන්නාවු හඩකින් යුක්‌තය.

බ්‍රහස්‌පතින්දා

උසට සරිලන ශරීරයක්‌ හිමිය. ඔවුන්ගේ නෙත් පිÛුවන් වර්ණයෙන් යුතුවන අතර හිසකෙස්‌ කාලවර්ණය. ධනයෙන් පිරිපුන් සැපවත් ජීවිතයක්‌ ගත කිරීමේ වාසනාව ඇත. ධනවත්කම උපතින්ම ලැබූ බුද්ධිමතෙකු වේ. මසුරුකමින් යුතු මෙදවස උපන් අය අන් අයගේ දුකට පිහිට නොවෙයි. මෙදින උපන් කාන්තාවෝ ශ්‍ර‍්‍රී සද්ධර්මයට ගරු කරන භාග්‍යවන්තියෝ වෙති. එමෙන්ම දේශීය සිරිත් විරිත්වලට ගරු කරයි. වාසනාවන්ත දරු සම්පත් ලබාදෙයි.

සිකුරාදා

මෙදින උපන් අය පැහැපත් සිරුරකට හිමිකම් කියයි. නෙත් දිගය මුහුණ පළල් ගතියක්‌ පෙන්නුම් කරයි. සෙම් අධික ශරීරයක්‌ හිමිය. ඔවුන් ජ්‍යොතිෂ්‍යයට දක්‍ෂතාවයක්‌ ඇත. නාට්‍ය, චිත්‍රකලාව, සංගීතය ආදී විෂයන් ප්‍රගුණ කරන්නෙක්‌ වෙයි. පරිත්‍යාගශීලී ගුණයෙන් යුතුය. මෙදින උපන් කාන්තාවෝද රූමත්ය. ජීවිතය සැපසම්පතින් පිරීයන අතර හැමවිට සතුටින් කල් ගෙවති. එමෙන්ම මිනිස්‌ ගුණධර්මවලින් පෝෂිත වූ පින් වන්තියෝය. මේ අනුව සිකුරාදා උපන් කාන්තාවෝ උතුම්වූ පංච කල්‍යාණයෙන්ද යුක්‌තවූ පතිදම් රකින සුන්දර ලලනාවක්‌ වේ.

සෙනසුරාදා

මෙදින උපන් අය බොහෝ විට අතපය සිහින් දුර්වල ශරීරයක්‌ ඇති අයවෙති. බන්දු විරෝදී, කායික මානසික, පීඩාවලින් තැවෙන නිතර බාහිර ප්‍රශ්නවලට මුහුණදෙන අය වේ. සුවනොවන කල්ගිය රෝග මොවුන්ට පීඩා ගෙන දෙයි. මෙදින උපන් කාන්තාවෝදා කටුක අත්දැකීම් ලබති. කෙසේ හෝ තම ජීවිතය ගෙනයයි. බොහෝ විට ධර්මයේ පිහිට පතයි. කෙසේ වූවත් දුක සැප බෙදාගනිමින් තම සැමියා සමග සහයෝගයෙන් දිවිගෙවීමට ඔවුන් සමත් වන්නෝය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top