Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
අද දවස ඔබට කොහොමද?

how is your day 5th of february 2016 shaa gossip - අද දවස ඔබට කොහොමද?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,156 Views
අද 2016 ක් වූ පෙබරවාරි මස 05 වැනිදා සිකුරාදා
අද රාහු කාලය-උදෑසන10.55-මධ්‍යහ්න 12.23
මරු සිටින දිශාව-ගිනිකොන
ශුභ දිශාව-උතුර


මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන් අද දිනයේදී තරමක් ධනය , නිල බලය භාවිතා ආකාරයක් පෙන්නුම් කෙරේ.අන් අයව යටත් කරගෙන වැඩ කතයුතු කරන ස්වභාවයක් දක්නට ලැබේ.නීතිඥ ක්ෂේත්‍රයක,උපදේශන ක්ෂේත්‍රයක නිරත වන කෙනෙක්නම් ඔබට අද දිනය යහපත්.අස්ථි ආශ්‍රිත රෝග පීඩා දේ.

වෘෂභ ලග්නය

අද දිනයේ ඔබ ඉතාම සැහැල්ලුවෙන්  කාලය ගත කරාවි.වගකීමක් රැගෙන කටයුතු කිරීමට තිබෙන අකමැත්ත නිසාම ප්‍රධානීන්ගේ හොඳ හිත පලුදු වීමට ඉඩ ඇත.තමන්ට පැවරෙන වගකීම් අන් අයට පැවරීමට ඔබ උත්සාහ දරනු ඇත.දුවා දරුවන්ගේ අනාගත කටයුතු පිලිබඳ සතුටු වීමට කටයුතු යෙදේ

මිථුන ලග්නය

අද දිනයේ දුර බැහැර ගමන් බිමන් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන්ද යෙදෙන බව  කිව යුතුය.දුරදිග නොසිතා කරනු ලබන වැඩ කටයුතු වලින් බොහෝ
පාඩු සිදු වීමට ඉඩ ඇත.නෑයින් සහ හිතමිතුරන් සමග තිබෙන හොඳ හිත වර්ධනය වේ.ව්‍යාපාර ආදියට යහපත් ග්‍රහ පිහිටීමකි.ඉතා ශුභයි.

කටක ලග්නය

ඔබ තබන තබන පියවරක් පාසා ජය උදා වන දිනයක් බව හැකිය.ඔබගේ සිතුවිලි ව්‍යාප්ත කරගැනීමට හැකිවන ග්‍රහ රටාවක් පෙන්නුම් කෙරේ.සෞම්‍ය ,සහ සතුටුදායක දිනයක් ලෙසින් මෙම දිනය හැඳින්විය හැකිය.අලුත් සැලසුමක් ආරම්භ කිරීමට හෝ අලුත් සැලසුමක් නිර්මාණය කිරීමට අදහසක් ඇති වූවානම් අද දිනය ඔබට ඉතාමත් යහපත්.පෘතුල අදහස් උදා වන දිනයකි.

සිංහ ලග්නය

අද දවස ඔබට ඉතා වික්‍රමාන්විතව ගත කිරීමට හැකියාව ලැබේවි.වියදම් පාර්ශවය තරමක් ඉහල යනු ඇත.ඔබ කරන වියදම් සිදු කරන්නේ කුමන කටයුත්තක් වෙනුවෙන්ද යන්න පිළිබඳව වැටහීමක් නොමැති ස්වභාවයක් දක්නට ලැබේ.වැඩි කතා බහකින් තොරව ,කල්පනාකාරී ස්වභාවයකින් අද දිනයේ ඔබේ කටයුතු සිදු කිරීමට ඔබ උත්සාහ කරනු ඇත.ගුප්ත ස්වභාවයක් උසුලයි.ජය වර්ණය -නිල්

කන්‍යා ලග්නය

ඔබ අද දිනයේදී තරමක් ආවේගශීලී වචන භාවිතා කරනු ඇත.එවැනි අවස්ථාවන් වල ඔබ බොහෝ ප්‍රවේශම් වනු ඇත.ඔබ අන් අය පිළිබඳව වැඩිපුර උනන්දුවෙන් සොයා බැලීමට යාමනම් අද දිනයේ එතරම් යෝග්‍ය නොවේවි.ඔබ කුමන ක්ෂේත්‍රයක නිරත වුවත් අද දිනයේදී ඔබට යම් යම් බාධාවන් මතු වීමට ඉඩ ඇත.ජය පිරිත ශ්‍රවනය කිරීමෙන් ජය ලැබේ.

තුලා ලග්නය

ඔබ විවාහක අයෙකුනම් අද දිනයේ එකිනෙකා සමග ගනුදෙනු කිරීමේදී තරමක් ප්‍රවේශම් වියයුතුයි.ඔබට පවතින බාධාකාරී සහ කාර්යබහුල ස්වභාවය හේතු කොටගෙන මතභේදාත්මක තත්වයක් මතු වීමට පුළුවන්. දිනය ආරම්භයේදීම ඔබට එය සැලසුම් කරගැනීමට හැකියිනම් වාසනාවන්ත දිනයක් උදා කරගැනීමට හැකියාව ලැබේවි.උසස් උගත් නිලධාරීන්ගෙන් උදවු උපකාර ලබාගැනීමට හැකියාව ලැබේවි.

වෘශ්චික ලග්නය

උගත් උසස් පුද්ගලයින්ගෙන් සමග දවස පුරාම කටයුතු කිරීමට හැකියාව ලැබේවි. ඔබගේ අදහස් වලට අන් අයගේ ගරු සැලකිලි හිමි වන දිනයක් බව කිව හැකිය.ඔබගේ වැදගත් අදහස් ඉදිරිපත් කිරීමට ඔබට අවස්තාවක් උදා වුවහොත් එය අනිවාර්යෙන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න.අනවශ්‍ය බාධක එල්ල වීමට හැකියාව ඇත.ප්‍රවේශම් වන්න.ඔබ කරන සියලු කටයුතු වලදී කල්පනාකාරී වීම වැදගත්.


ධනු ලග්නය

ඔබගේ රැකිරක්ෂා වල දියුණුවක් අපේක්ෂා කරනවානම් එම කටයුතු  ඉතා හොඳින් සිදු කරගැනීමට හැකියාව ලැබේවි.නිසි අවධානයෙන් යුතුව රැකියා කටයුතු වල නිරත නොවුනහොත් අවාසි සහගත තත්වයක් බලපානු ඇත .එම නිසා ඔබ කරන කියන කටයුතු වලදී නිසි කළමනාකාරිත්වයෙන් සහ මානසික එකාග්‍රතාවයෙන් කටයුතු කිරීමට කටයුතු කල යුතුය.වචනය භාවිතා කරන වෘත්තීයන් වල නිරත වන අයට ඉතාමත් ශුභයි.චිත්ත පීඩා ඇති විය හැකියි.

මකර ලග්නය

අද ඔබට රාජකීය ලෙසින් ජීවත් වීමට හැකියාව ලැබෙන බව කිව හැකිය.ඔබ කරන කියන කටයුතු වලට අන් අයගේ සහයෝගය නිබඳවම ලැබේවි.ඔබගේ සිතිවිලි පරම්පරාව ඉතාමත් සෞම්‍ය තත්වයෙන් පවතිනු ඇත.ඍජු ප්‍රතිපත්තීන් වල සිට කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.ඔබට අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමට මෙන්ම ,ව්‍යාපාරික ක්ෂේත්‍ර වලට යොමු වීමටත් හැකියාව ලැබේවි.කුමන හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයක ආයෝජන කටයුත්තකට නිරත වන්නට සිතනවානම් ඔබට ඉතා යහපත්.

කුම්භ ලග්නය

පවතින ග්‍රහ රටාව අනුව හවුලේ සිදු කරන ඕනෑම ව්‍යාපාර කටයුත්තකින් අද දිනයේදී ඔබට සාර්ථකත්වය උදා වනු නියතයි.ජලය හා විදුලිය ආශ්‍රිත වෘත්තීයන් වල නිරත වන කෙනෙක්නම් ඔබ අද දිනය පුරාවටම ඉතාම ප්‍රවේශම් විය යුතුයි.අනෙක් වෘත්තීන් වල නිරත වනවානම් එවැනි අයට වාසි රැසක් ඇත .හදිසි ධන ලාභ උදා වනු ඇත.ගමන් බිමන් යාමේදී තරමක් ප්‍රවේශම් වන්න.

මීන ලග්නය

හවුලේ කරන කටයුතු වලට අද දිනයේ එතරම් ශුබදායක තත්වයක් නොවෙයි පවතින්නේ.එවැනි කටයුතු වලදී තරමක් සිතා බැලීම වැදගත්.නමුත් අද දිනයේදී ඔබ ලබාගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න.ඉතා හොඳ චිත්ත ශක්තියකින් යුතුව දවස ආරම්භ කිරීමට හැකියාව තිබේනම් දවස ඉතා සාර්ථකව නිමා කිරීමට හැකියාව ලැබේවි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top