Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


යතුරු පැදිය කියන්නේ අනතුරු වැඩිපුර සිද්දවෙන වාහනයක් . ලංකාවෙත් පහුගිය ටිකේ බයික් වලින් අනතුරු වෙලා ගොඩක් දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණා . පිටරට සමාගමක් බයික් වලින් සිද්ද වෙන අනතුරු අවම කරන්න ඇදුමක් නිර්මාණය කරලා. මේ නිසානම් බයික් වලින් වෙන අනතුරු ගොඩක් අඩුවෙයි කියල තමයි එයාල කියන්නේ 
5,010 Views
පසුගිය සතියේ බුකිය 17
18,452 Views
අරාබියේ ඉන්න Prank Video කරන Ramez Galal එයාගේ මේ ලගදි Prank එකට යොදා ගත්තේ ශාරුක් .හැබැයි අන්තිමට ශාරුක්ට Prank නිසා හොදටම කේන්ති ගියා .Ramez Galal ට පහර දෙන්නත් හැදුවා බලන්නකෝ මොකද වුනේ කියල. 
32,848 Views














ජනප්‍රිය තරුවක් වුණු රැජ්නි කාන්ත් දේශපාලන ලෝකයට පිවිසෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව පසුගිය සති දෙක තුන තිස්සේ
නොයෙකුත් පුවත් මතු වුණා.



ඒ ආරංචිවල උණසුම පහව යන්නටත් කලින් රැජ්නි කාන්ත්ට අවවාදාත්මක ලිපියක් ලැබී ඇති බව බොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා.

මේ ලිපිය ඔහුට ලැබී ඇත්තේ ඉන්දියාවේ පාතාල ලෝකයේ නායකයකු වූ හජ් මස්තාන්ගේ පුත්‍රයාගෙන්. සුන්දර් ශේඛර් නම් වූ ඔහු රැජ්නි කාන්ත්ට ලිපියක් ලියමින් අවවාදාත්මකව දන්වා ඇත්තේ තම පියා පිළිබඳව නිර්මාණය වීමට නියමිතව තිබෙන චිත්‍රපටයෙහි වැරැදි අරුතක් ජනිත වන පරිදි රඟපෑමෙන් වළකින ලෙසයි. මේ වනතුරු නමක් යොදා නොමැති මෙම චිත්‍රපටයෙහි හජ් මස්තාන්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටින්නේ රැජ්නි කාන්ත්. පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි හාජ්ගේ චරිතය නිරූපණයේදී ඔහුගේ සැබෑ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් ද මෙමඟින් ඉස්මතු වනු ඇතැයි පැවසුණා. මේ බව දැනගත් සුන්දර් ශේඛර් එම රංගනයට එරෙහිව වහාම නීතිමය පියවර ගැනී‍මට ද කටයුතු කළා.

සුන්දර් ශේඛර් තව දුරටත් පවසන්නේ තම පියාගේ හොඳ නම රැකෙන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ නම් එහි නිෂ්පාදන කටයුතුවලට සහයෝගය දීමට කැමැති බවයි.

කොහොම නමුත් සුපිරි නළු රැජිනී කාන්ත් නම් කියන්නේ තමන්ගේ අවසාන ෆිල්ම් එකේ රංගනයෙන් පස්සේ ඔහු දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
3,194 Views














කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් කාලයක් බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක් විදියට හැමදෙනාගේම ආදරය දිනගනිපු යුවළක් .



2009 වසරේදී Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටය රංගනයෙන් පසුව ඇති වූ ඔවුන්ගේ මේ ආදර කතාව 2016 වසරේදී නිමාවට පත් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. මේ සිදුවීමෙන් පසුව මේ දෙන්නා හමුවන අවස්ථා දකින්න නොලැබුණු තරම්. සමහර අවස්ථාවලදී , ඇතැම් තැන්වලදී දෙදෙනාම එකිනෙකා මඟ හරින බව තමයි ආරංචි වුණේ.

කොහොම වුණත් ඔන්න දැන් මේ දෙදෙනාම එකට රංගනයෙන් දායක වෙන අවස්ථාවක් ලගදීම දකින්න අවස්ථාවක් උදා වෙයි කියලා තමයි වැඩි දුරටත් ඉන්දීය ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ . ඒ ලබන ජූලි මාසයේදී තිරගත කෙරන
Jagga Jasoos චිත්‍රපටය නිසා. Jagga Jasoos කත්‍රිනා - රන්බීර් එක්ව රඟන තෙවන චිත්‍රපටය වීම විශේෂත්වයක් .
Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටයෙන් පසුව Raajneeti චිත්‍රපටයේ චරිත නිරූපණයට මේ දෙදෙනා දායක වුණා.

සංගීතමය, ප්‍රේමණීය හාස්‍ය රැගත් චිත්‍රපටයක් වන Jagga Jasoos අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු විසින්.
මෙය බ්‍රිතාන්‍ය ලේඛිතා ඉනිඩ් බ්ලයිටන්ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කෙරුණක් බවත් ආරංචියි.
එහි පෝස්ටරය කත්‍රිනා විසින් පසුගිය දවසක තම ට්විටර් පිටුවට ඇතුළත් කළා. ඒක හරියට පොතක කවරයක්
වගේ කියලයි හැමෝම පවසන්නේ.

Jagga Jasoos හි රන්බීර්ගේ රංගනය අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ Barfi චිත්‍රපටයේ රන්බීර් කළ රංගනය වගේ කියලාත් ආරංචියි. හැබැයි චිත්‍රපට දෙකේ කතාව වගේම පසුතලයත් වෙනස්. Jagga Jasoos තිරගත වෙන්නේ ජූලි 14 වැනිදා. කත්‍රිනාගේ උපන්දිනය යෙදි තියෙන්නේ ජූලි 16 වැනිදා. ඒ නිසාම මේ අවස්ථාව තමන්ට ගොඩක් විශේෂ වෙයි කියලා තමයි ඇය තම ට්විටර් පිටුවේ ඒ ගැනත් සඳහන් කරලා තිබුණේ.
4,283 Views
පසුගිය සතියේ බුකිය 16
10,296 Views
බ්‍රැඩ්ගේ අලුත්ම චිත්‍රපටය වුණු War Machine හි ප්‍රචාරක කටයුතු සදහා බ්‍රැඩ් පීට් පසුගියදා බොලිවුඩයට පැමිණ තියෙනවා .

දැන් හොලිවුඩ් තරු බොලිවුඩයට පැමිණීම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා . බටහිර සිනමා නිර්මාණවලට ඉන්දියාවේ තිබෙන වෙළෙඳපොල විශාල වීම සමඟ බොහොමයක් හොලිවුඩ් තරු දැන් බොලිවුඩයට එන්න පටන් අරන් තියෙනවා .
ඒ ඔවුන්ගේ අලුත් චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු හේතුවෙන්.

මේ විදියට හොලිවුඩ් ජනප්‍රිය නළු බ්‍රැඩ් පීට් බොලිවුඩයේ සංචාරය කළා පසුගිය දවසකදී . ඒ පසුගිය මැයි 26 වැනිදා තිරගත කෙරුණු බ්‍රැඩ්ගේ අලුත්ම චිත්‍රපටය War Machine හි ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

ඉතින් මේ ගමන අතරතුර මුම්බාහිදී බ්‍රැඩ්ට බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ද හමු වෙන්න අවස්ථාව ලැබුණා.

War Machine චිත්‍රපටය කෙසේ වෙතත් මේ දෙන්නාගේ කතාවට මාතෘකාව වුණේ නර්තනය. පැයක පමණ වූ ඒ කතාබහේ වැඩි වේලාවක් නර්තනය වෙනුවෙන් වෙන් වෙලා. එහිදී තමාට නටන්න නොහැකි බව බ්‍රැඩ් පවසන විටදී පහසුවෙන් නටන්නේ කොහොමද කියා ශාරුක් ඔහුට කියා දුන්නා.
4,590 Views














අතීත ආදර සැමරුම් යළි සිතුවම් පටයකින් එළිදැක්වීම මධුරි ඩික්සිත්ගේ අමනාපයට හේතු වෙලා තියෙනවා . 

මේ සිනමා නිර්මාණය ප්‍රවීණ සිනමාකරු රාජ් කුමාර් හිරානිගේ. තවමත් නමක් යොදා නැති මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සදහා ප්‍රධාන නළු නිළි පිරිස නම් දැනටමත් තෝරාගෙන තිබෙනවාලු .

මෙහි ප්‍රධාන නළුවා සන්ජේ දත්. චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැ‍ඟෙන්නේ ඔහුගේ සැබෑ ජීවිතය පදනම් කරගෙනයි. සන්ජේගේ බිරිය මන්යාටා ලෙස රඟන්නේ ඩියා මිර්සායි. සෝනම් කපූර්, තුළින් මූර්තිමත් වන්නේ සන්ජේ පෙම්බැඳි ජනප්‍රිය නිළියන්. මෙතැනදී මධුරි ඩික්සිත්ගේ ජීවිතයේ සිදුවීම් ද සෝනම්ගෙන් නිරූපණය වීමට නියමිතයි.

ඒ නිසා මධුරි, අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානිට විරෝධය දක්වමින් පවසා ඇත්තේ තම සැබෑ ජිවිතයේ සිදුවීම් මේ චිත්‍රපටයට ඇතුළත් කර නොගන්නා ලෙසයි. ඇය එලෙස විරුද්ධ වී ඇති හේතුව පැහැදිලියි. අනූව දශකයේ අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්ව සිටි මධුරි, සන්ජේ දත් සමඟ පෙම් සබඳකමක් පැවැත්වූ බවට තොරතුරු පුවත්පත් සහ සඟරාවල පළවී තිබුණා. මධුරිගේ ඉල්ලීමට කන් නොදී සිටින්නට රාජ් කුමාර් හිරානිට හැකි වුණේ නැහැ. ඔහු මහත්මයකු ලෙස ඇගේ ඉල්ලීම ඉටු කරන්නට තීරණය කළා.

මධුරි මේ වන විට නර්තන ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඇය පවසන්නේ සන්ජේගේ සැබෑ ජීවිතය විවරණය කෙරෙන
මේ චිත්‍රපටයට‍ තමන්ගේ ජිවිත තතු මසු කෙ‍රෙන්නේ කොයි ආකාරයෙන්දැයි තමන්ට වටහා ගත නොහැකි බවයි.

මේ චිත්‍රපටයේ සන්ජේගේ මව වූ නැසී ගිය ප්‍රවීණ නිළි නර්ගීස්ගේ චරිතය ද ජීවමාන වෙනවාලු .
එය නිරූපණය කරන්නේ මනීෂා කොයිරාලයි.
6,928 Views















ශාහිඩ් කපූර් ගේ බිරිද මීරාට , පොලීසියෙන් දඩ


ශාහිඩ් කපූර් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වුණත් ඔහුගේ බිරිය, හැම විටම උත්සාහ කරන්නේ නිහඬව ජීවත් වෙන්නයි. ඇය, මිරා රාජ්පුට්.
නිළියක් නොවන නිසාදෝ මාධ්‍ය ඇස්වලින් ඈත්වී සිටීම තරම් සුවදායක දෙයක් ඇයට තවත් නැහැ. නමුත් පසුගියදා අහඹු සිද්ධියකට මැදිවෙන්නට සිදුවූ නිසා මිරා මාධ්‍යවේදියකුගේ කැමරාවකට හසු වුණා. ඒ, ඇය තනිවම බන්ද්‍රා ප්‍රදේශයේ අවන්හලකට ගොඩවැදී දහවල් ආහාරය ගෙන එයින් පිටතට පැමිණෙද්දීයි. මාධ්‍යවේදියාගේ අවධානය ඇය වෙත වඩාත් යොමු වුණේ ඇය පොලිස් නිලධාරියකු විසින් නතර කරන ලද නිසයි. පොලිස් නිලධාරියා පැවසුවේ ඇය වරදක් කර තිබෙනවා ය කියලයි. ඇය තම මෝටර් රිය නවත්වා ඇත්තේ රථ වාහන නවතා තැබීම තහනම් ස්ථානයක වීම තමයි,
ඒ වරද. පොලිස් නිලධාරියා වරද පෙන්වූ පසුව එය නිහතමානීව පිළිගත් මිරා, දඬුවම කුමක්දැයි ඔහුගෙන් ඇසුවා. රු. 2000ක දඩයක් ගෙවිය යුතු යැයි ඔහු දැන්වූවා. එයට කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වූ මිරා වහාම එම මුදල ගෙවා දැමුවා. “මේ වගේ වැරැදි කළාම ජනප්‍රිය නළු නිළියො, නළුවන්ගෙ බිරින්දෑවරුන් දඩ ගෙවන්නෙ නැතුව වාද කරනවා. නමුත් මිරා නම් එහෙම කළේ නැහැ. බොහොම ආචාරශීලිව කටයුතු කළා” පොලිස් නිලධාරියා පැවසුවා.
6,346 Views
පසුගිය සතියේ බුකිය 15
17,917 Views








කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන්  සහ කාජල් අමනාපයෙන් 

ප්‍රවීණ සිනමාකරු කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් අතර පැවතුණේ දැඩි හිතවත්කමක්. වෘත්තීය ජීවිතය තුළදී විතරක් නොවෙයි, පෞද්ගලිකවත් ඔවුන් තිදෙනා අතර තිබුණේ අව්‍යාජ මිතුරුදමක්.

නමුත්, කිසිවකු නොසිතූ විලසින් මේ මිතුරු සබඳතාව කැඩී බිඳී ගියා. එයට මුල් වුණේ චිත්‍රපට දෙකක්. එක චිත්‍රපටයක නම තමයි, ‘ශිවායි’. අනෙක් චිත්‍රපටය ‘ඒ දිල් හේ මුෂ්කිල්’. ‘ශිවායි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අජේ දේව්ගන්. අනෙක් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, කරන් ජොහාර්. මේ චිත්‍රපට දෙක පසුගිය වසරේ තිරගත වුණේ එකම කාලයක. ‘ශිවායි’ තිරගත වීම ඇරැඹුවේ 2016 ඔක්තෝබර් 28 දා.

‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයත් තිරගත කිරීම ආරම්භ කළේ එදිනමයි. මේ නිසා චිත්‍රපට දෙක අතර පැවතුණේ දැඩි තරගයක්.

මෙයින් පසුව හටගත් ආරවුල කෙළවර වුණේ කරන් ජොහාර් සහ අජේ - කාජල් යුවළ අමනාප වීමෙන්. දැන් එය සීතල යුද්ධයක් බවට පත්වෙලා. විශේෂයෙන්ම කාජල් සහ කරන් අතර තිබුණු දැඩි හිතවත්කම දැන් මුළුමනින්ම කණපිට හැරිලා. කෙසේ වෙතත් මේ අමනාපය ගැන කිසිදු සඳහනක් මෑතකදී ප්‍රකාශයට පත්වූ කරන්ගේ ජීවිත කතාව රැගත් ග්‍රන්ථයෙහි ඇතුළත් නොකිරීමට ඔහු වග බලා ගත්තා.

නමුත්, කාජල් නම් මේ අමනාපය ලෝකයටම දැනෙන්නට ඉඩ හරින බවක් දකින්නට ලැබෙනවා. එවැනි එක් අවස්ථාවක් පසුගියදා පැවැත්වුණු එක්තරා සාදයකදී පිළිබිඹු වුණා. මේ සාදයට මලෙයිකා අරෝරා, ඩියා මිර්සා යන නිළි දෙපළත් නිරන්ජන් අයියෙන්ගර් නම්වූ තිර රචකයාත් සහභාගි වී සිටියා.

මේ අතරින් මලෙයිකා අරෝරා, කරන් ජොහාර් සමඟ හිතවත් බව කාජල් දැන සිටියා. ඒත් මීට කලින් කාජල් සහ මලෙයිකා අතර අමනාපයක් තිබුණේ නැහැ. කොහොම වෙතත් එදින මේ සාදයට පැමිණ සිටි මලෙයිකා සමඟ කතාබහ කිරීම තබා සිනා සෙන්නටවත් කාජල් උනන්දු වුණේ නැහැ.

තිර රචක නිරන්ජන් සමඟත් ඇය සිනාසුණේ නැහැ. ඔහු ද කරන්ගේ මිත්‍රයෙක්. සාදයට එක්වූ හැම කෙනකුටම කාජල්ගේ මේ වෙනස ගැන පුදුමයි. ඇය, කරන් සමඟ අමනාප වුවත් මේ අයුරින් මලෙයිකා සහ නිරන්ජන්ව නොසලකා හැරීම නිවැරැදි ක්‍රියාවක්දැයි මේ සිද්ධිය දුටු ඇතැමුන් විමසනවා.


11,134 Views















ප්‍රියංකා චොප්රාගේ අලුත්ම ඇදුම් විලාසිතාව 

ප්‍රියංකා චොප්රාට පසුගිය සති කිහිපය තුළ ජනමාධ්‍යවල විශේෂ තැනක් හිමි වී තිබුණා. ‘බේ වොච්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය ගැනයි එයින් පැවසුණේ.

පසුගිය දා නැවතත් ප්‍රියංකා චොප්රා වෙත බොහෝ දෙනාගේ බැල්ම යොමු වුණා. ඒ, ඇය රඟපෑ චරිතයක් නිසා නොවෙයි, ඇගේ ඇඳුම් මෝස්තර දෙකක් නිසයි. පසුගිය සතියේ නිව්යෝක් නුවර පැවැත්වුණු ඉහළ පෙළේ සාදයකට ප්‍රියංකා සහභාගි වුණේ නවතම මාදිලියේ ඇඳුමක් ඇඟලාගෙනයි.

එය ලෝක ප්‍රකට මෝස්තර නිර්මාණ තොරතුරු ගෙන එන සඟරාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබූ බවයි ආරංචි.
මෙම උත්සවයට සහභාගි වූ ප්‍රියංකා, ඉන් පසු දිනයකදී සිම්බාබ්වේ දේශයට ගිහිං තිබුණා.ඒ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ කටයුත්තකට සහභාගි වීම සදහායි.

මේ විශේෂ කටයුත්තට ප්‍රියංකා පැමිණ සිටියේ ලස්සන සාරියකින් සැරසිලා.සියල්ලන්ගේම අවධානය දිනා ගත්තේ ඇය හැඳ සිටි සාරී හැට්ටයයි.
එහි කොටියෙකුගේ රුවක් සටහන් වී තිබුණා.
කවුරුත් සිතුවේ එය මුද්‍රණය කළ රූපයක් කියලයි. ඇතැම් අය ඒ ගැන ප්‍රියංකාගෙන් විමසූ විට ඇය කීවේ එම රූපය අතින් සිතුවම් කළ චිත්‍රයක් බවයි.
එය බෙංගාලි කොටියකුගේ චිත්‍රයක් බවයි, ප්‍රියංකා කියා සිටියේ. ඇය ඒ ගැන ට්විටර් සටහනක් ද තැබුවා.

ප්‍රියංකා මේ වන විට වසර 10ක්ම යුනිසෙෆ් සංවිධානයේ ඉන්දීය තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේදී ඇය, එම සංවිධානයේ විශ්ව තානාපතිනිය ලෙස පත් කෙරුණා. මේ වන විට ඇය දකුණු අප්‍රිකානු රටවල අසරණ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සේවය කරනවා.
6,537 Views
12,062 Views
ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් සිතුවම් කළ චිත්‍රයක්  ඇමරිකාවේ නිව්යොර්ක්හි පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 45කට (රුපියල් මිලියන 6930) අලෙවි  වී තිබේ.
5,687 Views
පසුගිය සතියේ බුකියේ 13 
18,994 Views
[1]      «      15   |   16   |   17      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top