Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්












බොලිවුඩයේ අලුත්ම හින්දි ගුරුවරයා සල්මන් ඛාන්. 



කත්‍රිනා කායිෆ් සහ ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් සිනමාවට පා තබද්දී හින්දි භාෂාව දැන සිටියේ නැහැ.
ජැකලින් නම් ශ්‍රී ලාංකික යුවතියක නිසා ඇය හින්දි භාෂාව නොදැන සිටීමේ අරුමයක් නැහැ.
නමුත්, කත්‍රිනා ඉන්දීය සම්භවය සහිත යුවතියක වුණත් ඇයට හින්දි බසින් කතා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

මේ දෙදෙනාටම හින්දියෙන් කතා කරන අයුරු ඉගෙන ගන්න සිදු වුණා. ඒ වෙනුවෙන් දෙදෙනාගේම හින්දි භාෂා ආචාර්යවරයා වූයේ සුපිරි නළු සල්මන් ඛාන්.
ඔහු පැවසුවේ කත්‍රිනාටත් වඩා හොඳින් හින්දි බස ග්‍රහණය කර ගත්තේ ජැකලින් බවයි.

සල්මන් පසුගියදා තවත් යොවුන් නිළියකට හින්දි ඉගැන්වූවා. ඇය, චීන ජාතික නිළියක්. ඇගේ නම සු සු.
‘ටියුබ්ලයිට්’ නම් වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයේ ඇය, සල්මන් සමඟ ප්‍රධාන චරිතයක් රඟපානවා. චරිතයේ ස්වභාවය අනුවයි, එහි අධ්‍යක්ෂවරයා මේ චීන ජාතික සුරූපිනියව එම චිත්‍රපටයට යොදා ගන්නට තීරණය කළේ.

සු සුට හින්දි බස කතා කිරීමට හෝ එහි වචන උච්චාරණය කිරීමට නොහැකි නිසා අධ්‍යක්ෂවරයා සිත යොමු කළේ ඒ ගැන දැනුමැති අයකු වෙතට ඇයව යොමු කිරීමටයි. මඳ වේලාවකින් ඔහුගේ සිතට නැඟුණේ සල්මන්වයි. ඔහු දෙවරක් නොසිතා ඒ වගකීම සල්මන්ට පැවරුවා.

ඒ අනුව මාස කිහිපයකදී සසුට ප්‍රමාණවත් හින්දි භාෂා දැනුමක් ලබා දෙන්නට සල්මන්ට හැකි වුණා. ඔහු එතැනින් නැවතුණේ නැහැ. චිත්‍රපටයේ රූගත කිරීම්වලට කලින්, සසුට කියන්නට නියමිත දෙබස්වල අරුත වටහා දෙමින් ඒවා මනාව උච්චාරණය කළ යුතු අයුරු ද ඇයට පුහුණු කළා. ‘ටියුබ්ලයිට්’, ලබන සැප්තැම්බර් මාසයේ සිට ලොව පුරා තිරගත වේවි. චිත්‍රපටයේ නිෂ්පාදනයට කබීර් ඛාන් සමඟ සල්මන් ද දායක වී තිබෙනවා.
4,066 Views
පසුගිය සතියේ බුකිය 20
10,174 Views

 Rolls Royce කියන්නේ ලෝකේ මිල අධිකම වාහනයක් .

15,810 Views
මේ තමයි මේ දවස් වල ලෝකෙම හිට් එක Despacito 
6,169 Views














‘බේ වොච්’ චිත්‍රපටයේ රඟපෑමෙන් ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණ සිටින ප්‍රියංකා චොප්රා මේ දිනවල රැඳී සිටින්නේ ජර්මනියේ බර්ලින් නුවරයි.




ඒ, ‘බේ වොච්’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ සටහන්වලට සහභාගි වෙමින්. මේ ප්‍රචාරක කටයුතු ජර්මනියේ මෙන්ම තවත් යුරෝපා රටවල් රැසක සිදු කෙරෙනවා.

මේ අතර ඇයට තවත් හොලිවුඩ් චිත්‍රපට දෙකක රඟපාන්නට ඇරයුම් ලැබිලා. පුළුල් තිරයේ සුපිරි තරු බවට පත්වූ බොහොමයක් නළු නිළියන් එක් චිත්‍රපටයක රඟපාන්නට එකඟ වූ පසුව තවත් චිත්‍රපටයක් භාර ගන්නේ නැහැ. නමුත්, ප්‍රියංකාට නම් ඒ සීමාවන් අදාළ නැහැ. ඇය එක් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ සැණෙකින්ම තවත් හොලිවුඩ් චිත්‍රපටයක රඟපාන්නට එකඟ වෙලා. මේ එක් චිත්‍රපටයක ඇය සමඟ රඟන්නේ ඔක්ටේවියා ස්පෙන්සර්. අනෙක් චිත්‍රපටයේ ප්‍රියංකා සමඟ ලියම් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මේ චිත්‍රපට දෙකෙහිම රූගත කිරීම් දැනටමත් සිදු කෙරෙමින් පවතින බවයි පැවසෙන්නේ. ඉන් පසුව ඇය ‘ක්වොන්ටිකෝ’ නම්වූ ටෙලිනාට්‍ය මාලාවේ තුන්වැනි අදියරෙහි රඟපෑම්වලට එක්වන්නට නියමිතයි.

එහෙමනම් ප්‍රියංකා බොලිවුඩ් සිනමාවේ නැවත රඟපාන්නට එන්නේ කවදාදැයි ඔබට ප්‍රශ්නයක් මතු වේවි. ඇය කිසිසේත්ම බොලිවුඩ්පුරය අමතක කර නැහැ. ‘ක්වොන්ටිකෝ’ ටෙලි නාට්‍ය මාලාවේ අලුත් කථාංගයන් රූගත කළ පසුව ප්‍රවීණ බොලිවුඩ් සිනමාකරු, සන්ජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට නියමිත බවයි බොලිවුඩ් පුවත්වල සඳහන් වන්නේ.
6,899 Views
















අලුත් අත්දැකීම් සමඟින් ලෝ ප්‍රකට මැඩම් ටුසෝඩ් ඉටිකෞතුකාගාරය දැන් නවදිල්ලියටත් ඇවිත් තිබීම හැමදෙනාගේම සතුටට හේතු වෙලා තියෙනවා.



බොලිවුඩ් සිනමා තරු, ලෝ ප්‍රකට ක්‍රිඩා තරු මෙන්ම දේශපාලන ක්ෂේත්‍රෙය් ප්‍රබල චරිතද මෙහි දී ඉටු රූ ලෙසින් නිර්මාණය කරන්න නියමිතයි.

මේ අතරේ බොලිවුඩ් සිනමාවේ සංකේතයක් බඳු වූ ආශා බෝස්ලේගේ ඉටු රුවක් මේ දිනවල ඒ වෙනුවෙන් නිර්මාණය කෙරෙනවා. දශක හයක් පුරා බොලිවුඩ් රිදී තිරය ගීතවත් කළ ආශා හින්දි චිත්‍රපට ගීත දහසකට අධික සංඛ්‍යාවත් ගායනා කර තිබෙනවා. ඉන්දියාවේ සහ විදේශ භාෂා විස්සකින් ඇය ගීත ගායනා කිරීමත් විශේෂයි. තමන්ගේ ඉටි රුවක් නිර්මාණය කිරීම ගැන ආශාහට ලොකු සතුටක් දැනිලා. එය තමා ලද විශාල ගෞරවයක් මෙන්ම අලුත් අත්දැකීමක් බව ඇය පවසනවා.

මෙම කෞතුකාගාරයේ විශේෂත්වයක් තියෙනවා. එහි සංගීත අංශයට පැමිණෙන නරඹන්නන්හට ගීත ගායනා කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ විශේෂත්වය තියෙන්නේ මේ දිල්ලියේ මැඩම් ටුසෝඩ් කෞතුකාගාරයේ පමණයි. එසේ නම් ඉදිරියේදී එය නරඹන අයට ආශා අසළින් සිට ගීත ගායනා කළ හැකිවනු ඇති.
3,530 Views
පසුගිය සතියේ බුකිය 19
10,781 Views














පළමු වරට අර්ජුන් කපූර් හා ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් බවට පත්වන්නේ මෙම සිනමා පටයත් සමඟයි.


සිය ආදර කතාවක් ඇතුළත් පුස්තකයක්, තිර රචනයක් කර එය රසිකයන් මන මෝහනය කරන බොලිවුඩ් සිනමා අන්දරයක් බවට පත් කිරීම චේතන් බගට් කතුවරයාට අලුත් දෙයක් නොවේ. හෙලෝ (2008), ත්‍රී ඉඩියට්ස් (2009), ටූ ස්ටේට්ස් (2014), කෛ පෝ චේ (2013), කික් (2014) වැනි ජනප්‍රිය, ආදායම් වාර්තා පිහිටුවූ සිනමා පට රැසක ම පිටපත් රචකයා ඔහුය. ඔහුගේ අලුත් ම වික්‍රමය ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ ය.
පළමු වරට අර්ජුන් කපූර් හා ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් බවට පත්වන්නේ මෙම සිනමා පටයත් සමඟයි. අර්ජුන් මෙහි රඟන්නේ බිහාර් ප්‍රාන්තයේ ගැමි තරුණයකුගේ චරිතයයි. මාධව් ජා නම් ඔහුට ඉංග්‍රීසි භාෂා දැනුම දුර්වල වුවත් ක්‍රීඩා කුසලතාව නිසා ශාන්ත ස්ටීවන්ස් කොලිජීයට ඇතුළත් වීමට වරම් ලැබේ. එහිදී මුණගැසෙන රියා සොමනිට (ශ්‍රද්ධා කපූර්) මාධව් පෙම් බඳියි. ධනවත් පවුලක ඇය මාධව් හා මිතුරු වන්නේ දෙදෙනා ම විද්‍යාලයේ පැසි පන්දු ක්‍රීඩාවට සම්බන්ධ නිසයි.
මාධව් තමන් රියාට කැමැති බව දැන්වූ විට ඊට පූර්ණ අනුමැතිය නොදෙන රියා පෙම්වතිය නොවී අර්ධ පෙම්වතියක් වීමට මනාපය පළ කරන්නීය.
ආදරයේ උපරිමය අත්දකින්නට මාධව්ට අවශ්‍ය වුවත් රියා එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව ඔහු නොසලකා මඟ හරින්නට ගන්නීය.
වසරකට පසු රියා ළමා වියේ මිතුරකු වූ රොහාන් සමඟ විවාහ වී ලන්ඩනයේ පදිංචියට යන අතර මාධව් ගමේ පදිංචි වී මවට උදව් කරන්නේය.
රානි සහීබා මාධව් ගේ මවයි. ඇය පාසලක් පවත්වාගෙන යන්නීය. ඇයගේ පාසලේ දැරියන්ට වැසිකිළි පහසුකම් අඩු නිසා දැරියන් පාසලට ඇතුළු වන්නේ අඩුවෙනි. ඔහු මවගේ පාසලට ඇතුළු වන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට මහත් වෑයමක් දරයි. බිල් ගේට්ස් බිහාර් ප්‍රාන්තයේ පාසල්වලට ආධාර කිරීමට පැමිණෙන බව දැන ගන්නා ඔහු මවගේ පාසලට ද ආධාර ලබාගෙන වැසිකිළි පහසුකම් ඇති කිරීමට හිතා ගන්නවා. එහෙත් ගැටලුව මතු වන්නේ මාධව්ට ඉංග්‍රීසි බසින් අවශ්‍යතාව කියා කතාවක් පැවැත්වීමට හැකියාවක් නොමැතිකම නිසයි. මේ අතරේ බිහාර් පැමිණෙන රියා මාධව් මුණ ගැසෙන්නීය. තමන් දික්කසාදවී සිටින බව දන්වන ඇය මාධව්ට බිල් ගේට් ඉදිරියේ පැවැත්වීමට කතාවක් සකසා දෙන්නීය. ඉතා හොඳින් කතාව පවත්වා ආධාර ද ලබා ගත් පසු ඔහු රියා ගැන සොයා බැලුවත් හමුවන්නේ නැත. පසුව ඔහුට ඇය තබා ගිය ලිපියක් අසුවේ. තමන්ට ලේ පිළිකාවක් ඇති බවත් තවත් තෙමසකට වඩා ජීවත් නොවන බවත් ඇය එහි සඳහන් කර තිබිණි.
රියා ලියා තිබෙන්නේ මුසාවක් බව දැන ගන්නා මාධව් ඇය සොයා යයි. එහෙත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඔහු මහත් සොවින් පසුවේ. හය මාසයක් ගතවේ. නත්තල් සමයේ හදිසියේ ම ඔහුට රියා ජෑස් සන්දර්ශනයකදී හමුවේ. සිනමාවේ අවසානය සුඛාන්තයකි.

බොනි කපූර්ගේ එකම පුත්‍ර රත්නය වන අර්ජුන් කපූර් සිනමා ජීවිතය ඇරැඹුවේ ඉෂාක්ෂාඩේ සිනමා පටයෙනි. විචාරක, ප්‍රේක්ෂක මනාපය රැගෙන යන සිනමා ගමනේ ඔහුට හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් තවත් ජයග්‍රාහී සුන්දර මතකයක් වී ඇත. ඔහුගේ කුඩම්මා ශ්‍රී දේවියගේ ‘මම්’ සිනමා පටය තිරගත වීමට ඇත්තේ ද තව සති කිපයක් වීම දෛවයේ සරදමකි. තිස් එක් හැවිරිදි අර්ජුන් සහාය අධ්‍යක්ෂවරයකු සහ සහාය නිෂ්පාදකයකු ද වේ.
ශ්‍රද්ධා, ශක්ති කපූර්ගේ දියණියයි. තමන්ට වඩා දෑවුරුද්දක් බාල ශ්‍රද්ධාව අර්ජුන් කුඩා වියේ සිට දැනගෙන සිටියත් දෙදෙනා කිසිදා මිතුරන් ලෙස හඳුනාගෙන නොතිබිණි. එහෙත් ඇය සමඟ රඟපෑම ඉතා පහසු වූ බව අර්ජුන් කපූර් සිනමාපටය රූගත වීමත් සමඟ පැවසුවේය. දෙදෙනා තිරයට යසට කැපෙන යුවළක් බව ප්‍රේක්ෂක විචාරක දෙපිරිසේ ම මතයයි.
හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් මොහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්, රාජු සිංගේ සංගීතයෙන්, නිර්මාණය වූ සිනමා පටයකි. මෙහි ගීත එකොළහක් ඇතුළත් අතර ‘ෆිර් හි තුම්කෝචාහුංගි’ ගීය ගයා ඇත්තේ ද කතා නායිකාව වන ශ්‍රද්ධා කපූර් විසිනි. සිනමා පටයේ වික්‍රන්ත් මාසි, රියා චක්‍රබෝර්ති, සීමා බිස්වාස්, අනිසා බට් ඇතුළු නළු නිළියෝ රැසක් රඟති.
මැයි 19 වැනි දින සිට තිරගතවන හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙසතියකදී උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 60කට ආසන්නය. තිරගත වූ පළමු දිනයේදී ම රුපියල් කෝටි 10 ඉක්මවූ ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ තෙදිනක ආදායම ඕ කේ ජානු, රැන්ගූන්, කමාන්ඩෝ 2 සිනමාපට ලද මුළු ආදායම අභිබවා යන්නට සමත් වීම විශේෂත්වයක්.
3,026 Views

















අභිෂේක් බච්චන්, ‍ඓෂ්වර්යා රායි සිය ආදරණීය දියණිය ආරාධ්‍යා බච්චන් සමඟින් ලොකු නිවාඩුවක් ගත කරන්න

සුදානමින් පසුගියාදා අමෙරිකාවට ගිහිං තිබුණා .

නිවාඩුවක් ගැනීම මේ දෙදෙනාටම ලොකු අවශ්‍යතාවක් බවට පත් වෙලා තිබුණා කියලා තමයි ඔවුන් නම් කියන්නේ. පසුගිය අවුරුද්දේ ‍අභිෂේක් - ‍ඓෂ් දෙදෙනාම කාර්යබහුල වෙලා හිටියේ.
මේ අවුරුද්ද ආරම්භයේදී ඓෂ්ගේ පියාගේ අසනීප තත්ත්වය නිසා ඔවුන් සිය 10 වැනි විවාහ සංවත්සරය පවා ඉහළින් සැමරුවේ නැහැ. ඓෂ්ගේ පියාගේ අභාවයත් කාන් සිනමා උලෙළත් නිසා මැයි මාසයේදී විවේකයක් ගන්නත් ඓෂ්ට හැකි වුණේ නැහැ.

නැවතත් දෙන්නාම වැඩ පටන් ගන්න කලින් විවේකයක් ගන්න තීරණය කරලා. ඒ අනුව පසුගිය ජූනි 13 වැනිදා අභිෂේක්, ඓෂ් සහ ආරාධ්‍යා අමෙරිකාවට ගියා. එහි සති දෙක තුනක් ගත කරලා ඔවුන් එංගලන්තයට යන්න නියමිතයි. ජූලි මාසයේ මැද ඔවුන් බොලිවුඩයට පැමිණේවි කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ.
9,333 Views
පහුගිය දවස් වල කෝච්චියට පැනල සියදිවි නසා ගැනීම් ගොඩක් වාර්තා වුනානේ . මෙන්න ඒකට විසදුමක් මූණු පොතේ මේ දවස් වල Share වෙනවා බලන්නකෝ මොකක්ද මේ විසදුම කියල 
8,431 Views















සිරුර තරබාරු කරගත්ත කිසිම නිළියකට චිත්‍රපටවල ආකර්ෂණීය චරිත නිරූපණය කරන්න බැහැ. 


විශේෂයෙන්ම පෙම්වතියන් ලෙස රඟන්න හැකියාව ඒනිසා නැතිවෙනවා . සුරූපි නිළි කරීනා කපූර්, තමන්ගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 19කින් අඩු කරගන්න මේ දිනවල වෑයම් කරන්නෙ ඒ නිසයි.

කරීනා, පසුගිය දෙසැම්බර් මාසයේදී මවු පදවිය ලැබූ පසුව වෛද්‍ය උපදෙස් ලබාගෙන කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම් වල නිරත වෙලා තියෙනවා. කුලුඳුල් පුතු, තයිමූර්ගේ වැඩ කටයුතුවල යෙදීමෙන් පසුවයි, ඇය එලෙස ව්‍යායාම්වල නිරත වුණේ. නොකඩවාම සති 13ක් කායවර්ධන මධ්‍යස්ථානයේ ව්‍යායාම් කළ නිසා ඇගේ තරබාරුකම ටිකෙන් ටික අඩුවෙලා. මේ වන විට කරීනාගේ සිරුරේ බර කිලෝ 16කින් අඩුවී ඇති බවයි පැවසෙන්නේ. කරීනා පවසන්නේ මේ සති 12ක කාලය තුළ සිරුර තරබාරු නොවන පරිදි ආහාර ගනිමින් යෝග ව්‍යායාම්වල ද යෙදුණු බවයි.

කරීනා මෙලෙස බිලිඳු පුතාගේ වැඩ කටයුතු සහ ව්‍යායාම්වල යෙදී සිටිමින් කාර්ය බහුලව සිටියත් තවත් බිලිඳු පුතකුගේ පළමුවැනි උපන් දින උත්සවයට සහභාගි වීමට අමතක කළේ නැහැ. ඒ. ජනප්‍රිය නළු තුෂාර් කපූර්ගේ පුතු ලක්ෂ්‍යාගේ පළමු උපන් දිනයටයි. ඒ වෙනුවෙන් තයිමූර් පුංචි පුතුවත් ලැහැස්ති කර ගත් කරීනා, උපන් දින සාදයට එක්වුණා. එදා උපන් දින කුමරා වෙතට විතරක් නොවෙයි, පුංචි නවාබ් තයිමූර් අලි ඛාන් වෙතටත් කාගේත් නෙත් යොමු වුණා. පෞද්ගලික ජීවිතයේ මේ අයුරින් කාර්ය බහුල වුණත් ළඟදීම ‘වීර් ඩි වෙඩින්’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වීමටත් කරීනා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ තරබාරුව අඩු කරගන්නට ඇය උත්සාහ ගැනීමට ප්‍රධාන හේතුව එයයි.
11,667 Views
පසුගිය සතියේ බුකිය 18
13,044 Views














අනූව දශකයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් බොලිවුඩ් සිනමාව දීප්තිමත් කළ සුරූපී නිළි ජූහි චව්ලා දිගු කලකට පසුව නැවතත් සිනමා රංගනයට එක්වී සිටිනවා.
මෙවර ඇය රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද රසික ජනතාවට සමීප වන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ.
ජූහි රඟපාන්නේ දකුණු ඉන්දීය කණ්ණඩ චිත්‍රපටයකයි. ළමයින් වෙනුවෙන් නිර්මාණය කෙරෙන ‘වෙරි ගුඩ් 10/10’ නම්වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ යෂ්වාන්ට් සර්දේශ්පාන්ඩේයි. ජූහි මේ චිත්‍රපටයෙහි සංගීත ගුරුවරියක ලෙස රඟපානවා. එය ආරාධිත කෙටි රංගනයක් ‍බවයි පැවසෙන්නේ. “චිත්‍රපටය ආරම්භ වෙන්නේ ජූහිගේ රංගනයත් එක්කමයි. ඒ නිසා අපි මුලින්ම රූගත කළේ ජූහිගේ රඟපෑම්. මේ මාසෙ මුලදි අපි ඒ දර්ශන රූගත කළා. ජූහි ගීත ගායනා කරමින් රඟපාන දර්ශන දෙකක් මේ චිත්‍රපටයේ ඇතුළත් වෙනවා.” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පැවසුවා.

ජූහි පවසන්නේ සංගීතය ඇගේ ජීවිතය සමඟ නිරතුරුවම සම්බන්ධ වී තිබෙන බවයි. කලකට පෙර ලන්ඩනයේ භාර්ති විද්‍යා භවන් ආයතනයට එක්වී පණ්ඩිත් විශ්ව ප්‍රකාශ් ගුරුතුමිය ගෙන් සංගීතය ඉගෙන ගත් බවත් ජූහි පැවසුවා. “මම හරිම සතුටෙන් ‘වෙරි ගුඩ් 10/10’ චිත්‍රපටයේ රඟපෑවා. මගේ රඟපෑම් රූගත කළේ උතුරු කර්ණාටක දිස්ත්‍රික්කයේ යලපුරා ප්‍රදේශයේ.” ජූහි, සුපුරුදු සුන්දර සිනහව නඟමින් පැවසුවා.

ජූහි, මීට පෙර කණ්ණඩ චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා.
3,963 Views
මේ ඇවිල්ලා මේ අවුරුද්දේ එන්න තියෙන සුපිරි ෆිල්ම් එකක් .. බලන්නකෝ කොහොමද කියල 
3,213 Views














අනිල් කපූර් පසුගිය දවසක නව පරපුරට අභියෝගයක් එල්ල කළා.


ඔහු නව පරපුරෙන් මේ සදහා තෝරාගත්තේ තම ඥාති පුත්‍ර අර්ජුන් කපූර් සමඟින් රන්වීර් සිං සහ වරුන් ධවාන්. අනිල් කියන්නේ, තමන් විලාසිතා සීමාවන් පසු කළේ මෙම නව පරපුරේ අයට වඩා සෑහෙන කාලයකට පෙරදී බවයි. අනිල් කපූර් එහෙම කියන්නේ තමන්ගේ පැරණි ඡායාරූපයක්ද
තම ට්විටර් පිටුවට එක් කරමින්.

හැබැයි රන්වීර් නම් දැන් ටිකක් අමුතු විලාසිතා සමගින් ඇඳුම් අඳීන බව අනිල් පවසනවා. වරුන් සහ අර්ජුන් කෙතරම් දුරට එය ඉටු කරාවිද යන්න අනිල්ගේ බලාපොරොත්තුවයි. හැබැයි අනිල් හිතන විදියට නම් පළමුවෙන්ම මේ විලාසිතා අභියෝගය භාර ගන්නේ රන්වීර්. අර්ජුන් කපූර් තම බාප්පා වන අනිල් කපූර් සමඟින් සිනමා නිර්මාණයකටත් එක් වී සිටිනවා. එයත් හැමදෙනාගේම ආදරය දිනාගන්න සමත් වේවි කියලා තමයි අනිල් කපූර් වැඩි දුරටත් කියලා තිබුණේ.
3,687 Views
[1]      «      14   |   15   |   16      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top