අභිෂේක් බච්චන්, ඓෂ්වර්යා රායි සිය ආදරණීය දියණිය ආරාධ්‍යා බච්චන් සමඟින් ලොකු නිවාඩුවක් ගත කරන්න
සුදානමින් පසුගියාදා අමෙරිකාවට ගිහිං තිබුණා .
නිවාඩුවක් ගැනීම මේ දෙදෙනාටම ලොකු අවශ්‍යතාවක් බවට පත් වෙලා තිබුණා කියලා තමයි ඔවුන් නම් කියන්නේ. පසුගිය අවුරුද්දේ අභිෂේක් - ඓෂ් දෙදෙනාම කාර්යබහුල වෙලා හිටියේ.
මේ අවුරුද්ද ආරම්භයේදී ඓෂ්ගේ පියාගේ අසනීප තත්ත්වය නිසා ඔවුන් සිය 10 වැනි විවාහ සංවත්සරය පවා ඉහළින් සැමරුවේ නැහැ. ඓෂ්ගේ පියාගේ අභාවයත් කාන් සිනමා උලෙළත් නිසා මැයි මාසයේදී විවේකයක් ගන්නත් ඓෂ්ට හැකි වුණේ නැහැ.
නැවතත් දෙන්නාම වැඩ පටන් ගන්න කලින් විවේකයක් ගන්න තීරණය කරලා. ඒ අනුව පසුගිය ජූනි 13 වැනිදා අභිෂේක්, ඓෂ් සහ ආරාධ්‍යා අමෙරිකාවට ගියා. එහි සති දෙක තුනක් ගත කරලා ඔවුන් එංගලන්තයට යන්න නියමිතයි. ජූලි මාසයේ මැද ඔවුන් බොලිවුඩයට පැමිණේවි කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ.