Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
22
‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ රසිකයන් අතරට

‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ රසිකයන් අතරට /shaafmgossip - ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ රසිකයන් අතරටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,027 Views














පළමු වරට අර්ජුන් කපූර් හා ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් බවට පත්වන්නේ මෙම සිනමා පටයත් සමඟයි.


සිය ආදර කතාවක් ඇතුළත් පුස්තකයක්, තිර රචනයක් කර එය රසිකයන් මන මෝහනය කරන බොලිවුඩ් සිනමා අන්දරයක් බවට පත් කිරීම චේතන් බගට් කතුවරයාට අලුත් දෙයක් නොවේ. හෙලෝ (2008), ත්‍රී ඉඩියට්ස් (2009), ටූ ස්ටේට්ස් (2014), කෛ පෝ චේ (2013), කික් (2014) වැනි ජනප්‍රිය, ආදායම් වාර්තා පිහිටුවූ සිනමා පට රැසක ම පිටපත් රචකයා ඔහුය. ඔහුගේ අලුත් ම වික්‍රමය ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ ය.
පළමු වරට අර්ජුන් කපූර් හා ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් බවට පත්වන්නේ මෙම සිනමා පටයත් සමඟයි. අර්ජුන් මෙහි රඟන්නේ බිහාර් ප්‍රාන්තයේ ගැමි තරුණයකුගේ චරිතයයි. මාධව් ජා නම් ඔහුට ඉංග්‍රීසි භාෂා දැනුම දුර්වල වුවත් ක්‍රීඩා කුසලතාව නිසා ශාන්ත ස්ටීවන්ස් කොලිජීයට ඇතුළත් වීමට වරම් ලැබේ. එහිදී මුණගැසෙන රියා සොමනිට (ශ්‍රද්ධා කපූර්) මාධව් පෙම් බඳියි. ධනවත් පවුලක ඇය මාධව් හා මිතුරු වන්නේ දෙදෙනා ම විද්‍යාලයේ පැසි පන්දු ක්‍රීඩාවට සම්බන්ධ නිසයි.
මාධව් තමන් රියාට කැමැති බව දැන්වූ විට ඊට පූර්ණ අනුමැතිය නොදෙන රියා පෙම්වතිය නොවී අර්ධ පෙම්වතියක් වීමට මනාපය පළ කරන්නීය.
ආදරයේ උපරිමය අත්දකින්නට මාධව්ට අවශ්‍ය වුවත් රියා එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව ඔහු නොසලකා මඟ හරින්නට ගන්නීය.
වසරකට පසු රියා ළමා වියේ මිතුරකු වූ රොහාන් සමඟ විවාහ වී ලන්ඩනයේ පදිංචියට යන අතර මාධව් ගමේ පදිංචි වී මවට උදව් කරන්නේය.
රානි සහීබා මාධව් ගේ මවයි. ඇය පාසලක් පවත්වාගෙන යන්නීය. ඇයගේ පාසලේ දැරියන්ට වැසිකිළි පහසුකම් අඩු නිසා දැරියන් පාසලට ඇතුළු වන්නේ අඩුවෙනි. ඔහු මවගේ පාසලට ඇතුළු වන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට මහත් වෑයමක් දරයි. බිල් ගේට්ස් බිහාර් ප්‍රාන්තයේ පාසල්වලට ආධාර කිරීමට පැමිණෙන බව දැන ගන්නා ඔහු මවගේ පාසලට ද ආධාර ලබාගෙන වැසිකිළි පහසුකම් ඇති කිරීමට හිතා ගන්නවා. එහෙත් ගැටලුව මතු වන්නේ මාධව්ට ඉංග්‍රීසි බසින් අවශ්‍යතාව කියා කතාවක් පැවැත්වීමට හැකියාවක් නොමැතිකම නිසයි. මේ අතරේ බිහාර් පැමිණෙන රියා මාධව් මුණ ගැසෙන්නීය. තමන් දික්කසාදවී සිටින බව දන්වන ඇය මාධව්ට බිල් ගේට් ඉදිරියේ පැවැත්වීමට කතාවක් සකසා දෙන්නීය. ඉතා හොඳින් කතාව පවත්වා ආධාර ද ලබා ගත් පසු ඔහු රියා ගැන සොයා බැලුවත් හමුවන්නේ නැත. පසුව ඔහුට ඇය තබා ගිය ලිපියක් අසුවේ. තමන්ට ලේ පිළිකාවක් ඇති බවත් තවත් තෙමසකට වඩා ජීවත් නොවන බවත් ඇය එහි සඳහන් කර තිබිණි.
රියා ලියා තිබෙන්නේ මුසාවක් බව දැන ගන්නා මාධව් ඇය සොයා යයි. එහෙත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඔහු මහත් සොවින් පසුවේ. හය මාසයක් ගතවේ. නත්තල් සමයේ හදිසියේ ම ඔහුට රියා ජෑස් සන්දර්ශනයකදී හමුවේ. සිනමාවේ අවසානය සුඛාන්තයකි.

බොනි කපූර්ගේ එකම පුත්‍ර රත්නය වන අර්ජුන් කපූර් සිනමා ජීවිතය ඇරැඹුවේ ඉෂාක්ෂාඩේ සිනමා පටයෙනි. විචාරක, ප්‍රේක්ෂක මනාපය රැගෙන යන සිනමා ගමනේ ඔහුට හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් තවත් ජයග්‍රාහී සුන්දර මතකයක් වී ඇත. ඔහුගේ කුඩම්මා ශ්‍රී දේවියගේ ‘මම්’ සිනමා පටය තිරගත වීමට ඇත්තේ ද තව සති කිපයක් වීම දෛවයේ සරදමකි. තිස් එක් හැවිරිදි අර්ජුන් සහාය අධ්‍යක්ෂවරයකු සහ සහාය නිෂ්පාදකයකු ද වේ.
ශ්‍රද්ධා, ශක්ති කපූර්ගේ දියණියයි. තමන්ට වඩා දෑවුරුද්දක් බාල ශ්‍රද්ධාව අර්ජුන් කුඩා වියේ සිට දැනගෙන සිටියත් දෙදෙනා කිසිදා මිතුරන් ලෙස හඳුනාගෙන නොතිබිණි. එහෙත් ඇය සමඟ රඟපෑම ඉතා පහසු වූ බව අර්ජුන් කපූර් සිනමාපටය රූගත වීමත් සමඟ පැවසුවේය. දෙදෙනා තිරයට යසට කැපෙන යුවළක් බව ප්‍රේක්ෂක විචාරක දෙපිරිසේ ම මතයයි.
හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් මොහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන්, රාජු සිංගේ සංගීතයෙන්, නිර්මාණය වූ සිනමා පටයකි. මෙහි ගීත එකොළහක් ඇතුළත් අතර ‘ෆිර් හි තුම්කෝචාහුංගි’ ගීය ගයා ඇත්තේ ද කතා නායිකාව වන ශ්‍රද්ධා කපූර් විසිනි. සිනමා පටයේ වික්‍රන්ත් මාසි, රියා චක්‍රබෝර්ති, සීමා බිස්වාස්, අනිසා බට් ඇතුළු නළු නිළියෝ රැසක් රඟති.
මැයි 19 වැනි දින සිට තිරගතවන හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙසතියකදී උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 60කට ආසන්නය. තිරගත වූ පළමු දිනයේදී ම රුපියල් කෝටි 10 ඉක්මවූ ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ තෙදිනක ආදායම ඕ කේ ජානු, රැන්ගූන්, කමාන්ඩෝ 2 සිනමාපට ලද මුළු ආදායම අභිබවා යන්නට සමත් වීම විශේෂත්වයක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top