Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
05
කත්‍රිනා සහ රන්බීර් යළිත් පෙම්වතුන් ලු

කත්‍රිනා සහ රන්බීර් යළිත් පෙම්වතුන් ලු /shaagossip - කත්‍රිනා සහ රන්බීර් යළිත් පෙම්වතුන් ලුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,284 Views














කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් කාලයක් බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක් විදියට හැමදෙනාගේම ආදරය දිනගනිපු යුවළක් .



2009 වසරේදී Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටය රංගනයෙන් පසුව ඇති වූ ඔවුන්ගේ මේ ආදර කතාව 2016 වසරේදී නිමාවට පත් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. මේ සිදුවීමෙන් පසුව මේ දෙන්නා හමුවන අවස්ථා දකින්න නොලැබුණු තරම්. සමහර අවස්ථාවලදී , ඇතැම් තැන්වලදී දෙදෙනාම එකිනෙකා මඟ හරින බව තමයි ආරංචි වුණේ.

කොහොම වුණත් ඔන්න දැන් මේ දෙදෙනාම එකට රංගනයෙන් දායක වෙන අවස්ථාවක් ලගදීම දකින්න අවස්ථාවක් උදා වෙයි කියලා තමයි වැඩි දුරටත් ඉන්දීය ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ . ඒ ලබන ජූලි මාසයේදී තිරගත කෙරන
Jagga Jasoos චිත්‍රපටය නිසා. Jagga Jasoos කත්‍රිනා - රන්බීර් එක්ව රඟන තෙවන චිත්‍රපටය වීම විශේෂත්වයක් .
Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටයෙන් පසුව Raajneeti චිත්‍රපටයේ චරිත නිරූපණයට මේ දෙදෙනා දායක වුණා.

සංගීතමය, ප්‍රේමණීය හාස්‍ය රැගත් චිත්‍රපටයක් වන Jagga Jasoos අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු විසින්.
මෙය බ්‍රිතාන්‍ය ලේඛිතා ඉනිඩ් බ්ලයිටන්ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කෙරුණක් බවත් ආරංචියි.
එහි පෝස්ටරය කත්‍රිනා විසින් පසුගිය දවසක තම ට්විටර් පිටුවට ඇතුළත් කළා. ඒක හරියට පොතක කවරයක්
වගේ කියලයි හැමෝම පවසන්නේ.

Jagga Jasoos හි රන්බීර්ගේ රංගනය අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ Barfi චිත්‍රපටයේ රන්බීර් කළ රංගනය වගේ කියලාත් ආරංචියි. හැබැයි චිත්‍රපට දෙකේ කතාව වගේම පසුතලයත් වෙනස්. Jagga Jasoos තිරගත වෙන්නේ ජූලි 14 වැනිදා. කත්‍රිනාගේ උපන්දිනය යෙදි තියෙන්නේ ජූලි 16 වැනිදා. ඒ නිසාම මේ අවස්ථාව තමන්ට ගොඩක් විශේෂ වෙයි කියලා තමයි ඇය තම ට්විටර් පිටුවේ ඒ ගැනත් සඳහන් කරලා තිබුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top