ප්‍රියංකා චොප්රාගේ අලුත්ම ඇදුම් විලාසිතාව
ප්‍රියංකා චොප්රාට පසුගිය සති කිහිපය තුළ ජනමාධ්‍යවල විශේෂ තැනක් හිමි වී තිබුණා. ‘බේ වොච්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය ගැනයි එයින් පැවසුණේ.
පසුගිය දා නැවතත් ප්‍රියංකා චොප්රා වෙත බොහෝ දෙනාගේ බැල්ම යොමු වුණා. ඒ, ඇය රඟපෑ චරිතයක් නිසා නොවෙයි, ඇගේ ඇඳුම් මෝස්තර දෙකක් නිසයි. පසුගිය සතියේ නිව්යෝක් නුවර පැවැත්වුණු ඉහළ පෙළේ සාදයකට ප්‍රියංකා සහභාගි වුණේ නවතම මාදිලියේ ඇඳුමක් ඇඟලාගෙනයි.
එය ලෝක ප්‍රකට මෝස්තර නිර්මාණ තොරතුරු ගෙන එන සඟරාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබූ බවයි ආරංචි.
මෙම උත්සවයට සහභාගි වූ ප්‍රියංකා, ඉන් පසු දිනයකදී සිම්බාබ්වේ දේශයට ගිහිං තිබුණා.ඒ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ කටයුත්තකට සහභාගි වීම සදහායි.
මේ විශේෂ කටයුත්තට ප්‍රියංකා පැමිණ සිටියේ ලස්සන සාරියකින් සැරසිලා.සියල්ලන්ගේම අවධානය දිනා ගත්තේ ඇය හැඳ සිටි සාරී හැට්ටයයි.
එහි කොටියෙකුගේ රුවක් සටහන් වී තිබුණා.
කවුරුත් සිතුවේ එය මුද්‍රණය කළ රූපයක් කියලයි. ඇතැම් අය ඒ ගැන ප්‍රියංකාගෙන් විමසූ විට ඇය කීවේ එම රූපය අතින් සිතුවම් කළ චිත්‍රයක් බවයි.
එය බෙංගාලි කොටියකුගේ චිත්‍රයක් බවයි, ප්‍රියංකා කියා සිටියේ. ඇය ඒ ගැන ට්විටර් සටහනක් ද තැබුවා.
ප්‍රියංකා මේ වන විට වසර 10ක්ම යුනිසෙෆ් සංවිධානයේ ඉන්දීය තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේදී ඇය, එම සංවිධානයේ විශ්ව තානාපතිනිය ලෙස පත් කෙරුණා. මේ වන විට ඇය දකුණු අප්‍රිකානු රටවල අසරණ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සේවය කරනවා.