Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් අමනාපයෙන්

කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් අමනාපයෙන් - කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් අමනාපයෙන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,135 Views








කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන්  සහ කාජල් අමනාපයෙන් 

ප්‍රවීණ සිනමාකරු කරන් ජොහාර් සහ ප්‍රවීණ නළු නිළි යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල් අතර පැවතුණේ දැඩි හිතවත්කමක්. වෘත්තීය ජීවිතය තුළදී විතරක් නොවෙයි, පෞද්ගලිකවත් ඔවුන් තිදෙනා අතර තිබුණේ අව්‍යාජ මිතුරුදමක්.

නමුත්, කිසිවකු නොසිතූ විලසින් මේ මිතුරු සබඳතාව කැඩී බිඳී ගියා. එයට මුල් වුණේ චිත්‍රපට දෙකක්. එක චිත්‍රපටයක නම තමයි, ‘ශිවායි’. අනෙක් චිත්‍රපටය ‘ඒ දිල් හේ මුෂ්කිල්’. ‘ශිවායි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අජේ දේව්ගන්. අනෙක් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, කරන් ජොහාර්. මේ චිත්‍රපට දෙක පසුගිය වසරේ තිරගත වුණේ එකම කාලයක. ‘ශිවායි’ තිරගත වීම ඇරැඹුවේ 2016 ඔක්තෝබර් 28 දා.

‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයත් තිරගත කිරීම ආරම්භ කළේ එදිනමයි. මේ නිසා චිත්‍රපට දෙක අතර පැවතුණේ දැඩි තරගයක්.

මෙයින් පසුව හටගත් ආරවුල කෙළවර වුණේ කරන් ජොහාර් සහ අජේ - කාජල් යුවළ අමනාප වීමෙන්. දැන් එය සීතල යුද්ධයක් බවට පත්වෙලා. විශේෂයෙන්ම කාජල් සහ කරන් අතර තිබුණු දැඩි හිතවත්කම දැන් මුළුමනින්ම කණපිට හැරිලා. කෙසේ වෙතත් මේ අමනාපය ගැන කිසිදු සඳහනක් මෑතකදී ප්‍රකාශයට පත්වූ කරන්ගේ ජීවිත කතාව රැගත් ග්‍රන්ථයෙහි ඇතුළත් නොකිරීමට ඔහු වග බලා ගත්තා.

නමුත්, කාජල් නම් මේ අමනාපය ලෝකයටම දැනෙන්නට ඉඩ හරින බවක් දකින්නට ලැබෙනවා. එවැනි එක් අවස්ථාවක් පසුගියදා පැවැත්වුණු එක්තරා සාදයකදී පිළිබිඹු වුණා. මේ සාදයට මලෙයිකා අරෝරා, ඩියා මිර්සා යන නිළි දෙපළත් නිරන්ජන් අයියෙන්ගර් නම්වූ තිර රචකයාත් සහභාගි වී සිටියා.

මේ අතරින් මලෙයිකා අරෝරා, කරන් ජොහාර් සමඟ හිතවත් බව කාජල් දැන සිටියා. ඒත් මීට කලින් කාජල් සහ මලෙයිකා අතර අමනාපයක් තිබුණේ නැහැ. කොහොම වෙතත් එදින මේ සාදයට පැමිණ සිටි මලෙයිකා සමඟ කතාබහ කිරීම තබා සිනා සෙන්නටවත් කාජල් උනන්දු වුණේ නැහැ.

තිර රචක නිරන්ජන් සමඟත් ඇය සිනාසුණේ නැහැ. ඔහු ද කරන්ගේ මිත්‍රයෙක්. සාදයට එක්වූ හැම කෙනකුටම කාජල්ගේ මේ වෙනස ගැන පුදුමයි. ඇය, කරන් සමඟ අමනාප වුවත් මේ අයුරින් මලෙයිකා සහ නිරන්ජන්ව නොසලකා හැරීම නිවැරැදි ක්‍රියාවක්දැයි මේ සිද්ධිය දුටු ඇතැමුන් විමසනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top