Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
31
සන්ජේ සහ මධුරි ගේ ආදර අන්දරය සිනමා පටයකට නගයි

සන්ජේ සහ මධුරි ගේ ආදර අන්දරය සිනමා පටයකට නගයි /shaagossip - සන්ජේ සහ මධුරි ගේ ආදර අන්දරය සිනමා පටයකට නගයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,929 Views














අතීත ආදර සැමරුම් යළි සිතුවම් පටයකින් එළිදැක්වීම මධුරි ඩික්සිත්ගේ අමනාපයට හේතු වෙලා තියෙනවා . 

මේ සිනමා නිර්මාණය ප්‍රවීණ සිනමාකරු රාජ් කුමාර් හිරානිගේ. තවමත් නමක් යොදා නැති මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සදහා ප්‍රධාන නළු නිළි පිරිස නම් දැනටමත් තෝරාගෙන තිබෙනවාලු .

මෙහි ප්‍රධාන නළුවා සන්ජේ දත්. චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැ‍ඟෙන්නේ ඔහුගේ සැබෑ ජීවිතය පදනම් කරගෙනයි. සන්ජේගේ බිරිය මන්යාටා ලෙස රඟන්නේ ඩියා මිර්සායි. සෝනම් කපූර්, තුළින් මූර්තිමත් වන්නේ සන්ජේ පෙම්බැඳි ජනප්‍රිය නිළියන්. මෙතැනදී මධුරි ඩික්සිත්ගේ ජීවිතයේ සිදුවීම් ද සෝනම්ගෙන් නිරූපණය වීමට නියමිතයි.

ඒ නිසා මධුරි, අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානිට විරෝධය දක්වමින් පවසා ඇත්තේ තම සැබෑ ජිවිතයේ සිදුවීම් මේ චිත්‍රපටයට ඇතුළත් කර නොගන්නා ලෙසයි. ඇය එලෙස විරුද්ධ වී ඇති හේතුව පැහැදිලියි. අනූව දශකයේ අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්ව සිටි මධුරි, සන්ජේ දත් සමඟ පෙම් සබඳකමක් පැවැත්වූ බවට තොරතුරු පුවත්පත් සහ සඟරාවල පළවී තිබුණා. මධුරිගේ ඉල්ලීමට කන් නොදී සිටින්නට රාජ් කුමාර් හිරානිට හැකි වුණේ නැහැ. ඔහු මහත්මයකු ලෙස ඇගේ ඉල්ලීම ඉටු කරන්නට තීරණය කළා.

මධුරි මේ වන විට නර්තන ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඇය පවසන්නේ සන්ජේගේ සැබෑ ජීවිතය විවරණය කෙරෙන
මේ චිත්‍රපටයට‍ තමන්ගේ ජිවිත තතු මසු කෙ‍රෙන්නේ කොයි ආකාරයෙන්දැයි තමන්ට වටහා ගත නොහැකි බවයි.

මේ චිත්‍රපටයේ සන්ජේගේ මව වූ නැසී ගිය ප්‍රවීණ නිළි නර්ගීස්ගේ චරිතය ද ජීවමාන වෙනවාලු .
එය නිරූපණය කරන්නේ මනීෂා කොයිරාලයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top