Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී කට්රිනාට අනතුරක් සිදුවෙලා.


චිත්‍රපට රූගත කිරීම්වලදී නළු නිළියන්ට නොයෙකුත් හදිසි අනතුරු සිදු වෙනවා. ඇතැම් අය සිතන්නේ චිත්‍රපටයක රඟපෑම හරිම පහසු කාර්යයක් කියලයි. නමුත් රංගනය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. පසුගියදා කට්රිනා කායිෆ්ට සිදුවූ දෙයත් එයට හොඳම සාක්ෂියක්. අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන
‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී කත්‍රිනා කායිෆ් අනතුරක් සිදුවෙලා. දැන ගන්නට ලැබෙන හැටියට නම් කිසියම් බර දෙයක් ඇයගේ සිරුර වෙතට පෙරළිලා.
එයින් ඇගේ ගෙල පෙදෙස සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවයි පැවසෙන්නේ. අනතුර සිදු වූ හැටියෙම කට්රිනාව වෛද්‍යවරයකු වෙතට ගෙන යෑමට චිත්‍රපට කණ්ඩායම කටයුතු කර තිබුණා. කත්‍රිනා කායිෆ් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පවසා ඇත්තේ දින කිහිපයක් යනතුරු විවේක ගන්නා ලෙසයි. සිරුර වෙහෙසන කිසිම කටයුත්තක නොයෙදෙන ලෙස ද ඇයට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.



4,821 Views
පාකිස්තාන් - ලන්ඩන් මෝස්තර නිරූපණ සංදර්ශනයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වුණා.

ලොව ප්‍රකට නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගිවූ මේ සංදර්ශනයට ජනප්‍රිය නිළි බිපාෂා බාසු ද ඇරයුම් ලැබුවා. බිපාෂාව මේ සඳහා සහභාගි කරවා ගැනීමේ වගකීම පැවරුණේ එම සංදර්ශනය මෙහෙයවූ රොනිටා ශර්මා රෙඛියි. ඇය එවැනි කටයුතුවල ප්‍රවීණත්වයක් දැරූ අයෙක්. රොනිටාගේ ඇරයුම පිළිගත් බිපාෂා, සංදර්ශනයට සහභාගිවීමට පෙර
පවුම් 7,800ක මුදලක් ලබා ගෙන තිබෙනවා. එයට අමතරව ගමන් වියදම් ලෙස තවත් මුදලක් ද සංවිධායකයන් ඇයට ගෙවා තිබෙනවා.


කෙසේ වෙතත්, සංදර්ශනයට සහභාගිවීමට යැයි පවසා ලන්ඩන් නුවරටත් පැමිණ සුඛෝපභෝගී හෝටලයක ලැගුම්ගත් බිපාෂා, මෝස්තර සංදර්ශනයට සහභාගිවීම ප්‍රතික්ෂේප කරලා. ඇගේ කළමනාකාරවරිය ඇයව සංදර්ශනයට රැගෙන යෑමට බලවත් උත්සාහයක් දැරුවත් එය නිශ්ඵල වෙලා. බිපාෂා තම කළමනාකාරියව එළවා ගත් බවයි පැවසෙන්නේ. “අපි, ලන්ඩන්වල ආගමන විගමන කාර්යාලයෙන් ඉල්ලා සිටියා බිපාෂාට කිසිම වෘත්තිය කටයුත්තකට ලන්ඩනයට පැමිණීම තහනම් කරන්න ය කියලා.” සංදර්ශනයේ සංවිධායකවරියක පැවසුවා.

“කවුදෝ වංචාකාර ගැහැනියක් මට විරුද්ධව කටකතා පතුරනවා. එයා හදනව මට නිරූපණ කලාව උගන්වන්න.” ඒ, බිපාෂාගේ ප්‍රතිචාරය.

තමන්ට ලබාදුන් ජංගම දුරකථන සිම් කාඩ්පත්වල අඩු මුදලක් තිබුණේ යැයි කියමින් බිපාෂා එම කාඩ්පත්, සංවිධායකවරුන්ගේ මුහුණටම දමා ගැසුවේ යැයි මේ අතර තවත් ආරංචියක දැක්වෙනවා.


4,894 Views
පසුගිය සතියේ බුකිය 7
16,569 Views
තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණයේ රංගනය තමන්ට අභියෝගයක් වුණා කියලා තමයි ජැකලීන් නම් කියන්නනේ .


70 දශකයේ අග භාගයේදී සිදු වූ ආන්දෝලනාත්මක කතාවක් වුණු මැතිව් පීරිස් ඝාතන සිද්ධිය මුල් කරගනිමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරන ලද ACCORDING TO MATHEW සිනමා නිර්මාණය ලගදීම ප්‍රේක්ෂකයන්ට  අවස්ථාව ලැබෙනවා.මේ චිත්‍රපටිය සදහා බොලිවූඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ද රංගනයෙන් එකතුවෙනවා.මේ චිත්‍රපටියේ ඇය ප්‍රධාන  චරිතයක් නිරුපණය කිරීම ද විශේෂත්වයක්.
අප්‍රේල් මාසයේ දී මංගල දර්ශනය තිරගත වීමට නියමිත මෙය සිංහලෙන් හඬකවා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
එදිනට සමගාමිව ලෝකය පුරා තවත් රටවල මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට සුදානම් කියුඅල තමයි ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරන්නේ .


6,488 Views


රිතීක් රෝෂන්ගේ ගේ බිරිද සහ අර්ජුන් රම්පාල් ගේ බිරිද සාදයකදී රණ්ඩු වී ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

සුසෑන් ඛාන් සහ මෙයර් ජෙසියා කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙදෙනකුගේ බිරින්දෑවරුන්.
සුසෑන්, ජනප්‍රිය නළු රිතික් රෝෂන්ගේ බිරිය ව සිටියත් දැන් ඒ දෙදෙනා වෙන් වෙලා. මෙයර් ජෙසියා, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල්ගේ බිරියයි.

සුසෑන් කියන්නේ අර්ජුන් සහ මෙයර්ගේ සමීප හිතවතියක්. රිතික් රෝෂන්, සුසෑන්ගෙන් වෙන්වීමට හේතු වුණේ අර්ජුන් කියලා පසුගිය කාලයේ ආරංචි පැතිරී ගියා. මාස කිහිපයක් ගතවෙද්දී ඒ උණසුම යටපත් වී ගියත් පසුගියදා සිදු වූ අප්‍රසන්න සිද්ධියක් නිසා නැවතත් එය ඇවිළෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා.

සුසෑන් සහ මෙයර් දෙදෙනා පසුගියදා පැවැති සාදයකට සහභාගි වුණා. මෙය පැවැත්වුණේ ආදිත්‍ය ගවේරේ සහ රේණු චයිනානි යන දෙපළ යුගදිවියට එළඹීම නිමිත්තෙන්. මේ දෙදෙනාගේ සමීප හිතවතකු වන ෆර්ඩීන් ඛාන් විසින් සංවිධානය කරන ලද මෙම සාදයට සොනාක්ෂි සිංහ, සොහේල් ඛාන්, චන්කි පාන්ඩේ සහ සායෙඩ් ඛාන් යන නළු නිළි පිරිස ද පැමිණ සිටියා. සන්ධ්‍යාවෙහි සිට මැදියම් රැයත් පසුවී පැවැත්වුණු මේ සාදයේදී සුසෑන් සහ මෙයර් එක ළඟ වාඩිවී සතුටු සාමියෙහි යෙදී සිටියා. නමුත්, කුමක් හෝ කරුණකට දෙදෙනා අතර කතා බහ දුර දිග ගිහින් ඇති  බවට තමයි ඉන්දීය මාධ්‍යවල සටහන් වී තිබුණේ. සමහරු පවසන්නේ එවැන්නක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් වෙනත් ආරංචි පවසන්නේ අර්ජුන් නිසා හටගත් ආරවුලක් දුරදිග ගොස් මෙයර් සහ සුසෑන් කෙහෙවලු පටලවා ගත්තා ය කියලයි. නමුත් මේ පිලිබදව මේ සිද්ධියට සම්බන්ද කිසිම පුද්ගලයෙක් මාධ්‍යට කිසිවක් ප්‍රකාශ කරලා නෑ කියලා තමයි වැඩි දුරටත් ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
8,978 Views

තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට කාසි විසිකර ඇති අතර එම සත්ත්වයා ගිල ඇති බවයි  හෙළි වුණේ.

කැස්බෑවෙකුගේ උදරයේ තිබී ගත් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් පහකට ආසන්නයි.

සැත්කමෙන් අනතුරුව මෙම සත්ත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද තායිලන්තයෙන් වාර්තා වනවා.

කැස්බෑවෙකු සඳහා ශල්‍යකර්මයක් සිදුකළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා



8,593 Views
පසුගියදා පැවති සි සිනේ සම්මාන උළෙලේදී ගොඩක් බොලිවූඩ් සිනමා තරු  දෙනා සම්මානයෙන් පිදුම් ලැබුවා

පසුගියදා පැවති සි සිනේ සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම සිනමා නළුවා වුණේ සල්මන් ඛාන් ...හොඳම නිළිය වුණේ අනුෂ්කා ෂර්මා
සුල්තාන් ෆිල්ම් එක වෙනුවෙන් තමයි මේ විදියට අනුෂ්කා ට සහ සල්මන් ට සම්මාන දිනාගන්න අවස්ථාව ලැබුණේ.
එකම චිත්‍රපටියක රංගනයෙන් දායක වුණු දෙදෙනෙක්ට මේ විදියට සම්මානයක් ලැබීම විශේෂ සිදුවීමක් වුණා.
මේ සිනමා උළෙලේදී හොඳම  වුණේ චිත්‍රපටිය අමිතාබ් බච්චන්රංගනයෙන් දායක වුණු  PINK  චිත්‍රපටිය .
හොඳම නළුවා වුණේ අමිතාබ් බච්චන්.හොඳම නිළිය වුණේ ආලියා බාත්.ජනප්‍රියම සිනමා නිර්මාණය වුණේ සල්මන් ඛාන් රගපෑ දංගල්  චිත්‍රපටියයි.
4,381 Views
මෙන්න එහෙනම් පහුගිය සතියේ බුකියේ හිට් වුන පොස්ට් වලින් ටිකක්
21,847 Views
සමහර අය ගන්න ෆොටෝ වල ගන්නේ එක දෙයක් හැබැයි ෆොටෝ එකේ තියෙන්නේ වෙන දෙයක් අපිට අන්තර්ජාලයෙන් එහෙම ෆොටෝ ටිකක් ලැබුණා  බලන්නකෝ කොහොමද කියල 
15,640 Views
ගිය අවුරුද්දෙ මට මුණ ගැහුණු මේ රසිකයා අවුරුදු කීපයක් තිස්සෙම මා ගැන පිස්සු වැටිලයි ඉඳල තියෙන්නෙ.

සමහර සිනමා රසික රසිකාවියන් තමන්ගේ ප්‍රියතම නළුවා හෝ නිළිය රඟපෑ චිත්‍රපට එක වතාවක් නොවෙයි, දහ දොළොස් වතාවක් පවා නරඹනවා අතර සමහරු ඊටත් වඩා වැඩි වාර ගණනක් එකම චිත්‍රපටය නරඹනවා. ලන්ඩනයේ පදිංචිව සිටින එක්තරා ඉන්දීය තරුණයකු ‘භූල් බුලෙයියා’ නම්වූ බොලිවුඩ් චිත්‍රපටය 50 වතාවක් නරඹා තිබෙනවාලු. ඔහු එලෙස නරඹා ඇත්තේ එම චිත්‍රපටයේ අමීෂා පටේල් රඟපෑ නිසාලු. ඔහුගේ ප්‍රියතම නිළිය අමීෂා පටේල්. මේ බව හෙළි වුණේ අමීෂා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයකින්.

“ගිය අවුරුද්දෙ මට මුණ ගැහුණු මේ රසිකයා අවුරුදු කීපයක් තිස්සෙම මා ගැන පිස්සු වැටිලයි ඉඳල තියෙන්නෙ. මම රඟපාපු ‘භූල් බුලෙයියා’ චිත්‍රපටයේ ඩී වී ඩී පිටපත 50 වතාවක්ම බලලා. පහුගිය වැලන්ටයින් දිනයේදී එයා මාව මුණ ගැහෙන්න ලන්ඩන්වල ඉඳන් ඉන්දියාවට ඇවිත් තිබුණා. එයාට ඕනැ වෙලා තිබුණෙ සැබෑ ජීවිතයේදී මගේ පෙනුම කොහොමද කියල බලන්නලු. සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමක් ඇඳල ඉන්නවා දකින්නත් එක්කලු ආවෙ. මේ රසිකයා මාව මුණ ගැහෙන්න මගේ ඔෆිස් එකටම ඇවිත් හිටියා.” අමීෂා මෙලෙස කියා සිටියේ පසුගියදා දිල්ලි නුවරට පැමිණි අවස්ථාවකදීයි. චිත්‍රපට නිෂ්පාදිකාවක ද වන අමීෂා මෑතක දී රූගත වුණු ‘අාකටයි’ නම්වූ තෙලිගු චිත්‍රපටයේ ගීතමය දර්ශනයක රඟපෑවා.
12,835 Views
ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කරන Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මාය.


ඇයට මෙම අවස්ථාව ලැබී ඇත්තේ ඇය පසුගිය වසරේ රංගනයෙන් දායක වූ "සුල්තාන්" හා "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපට අතිසාර්ථකත්වයට පත්වීම හේතුවෙනි.
එමෙන්ම ඇයගේ දෙවැනි සිනමා නිෂ්පාදනය වන "පිල්ලුරී" චිත්‍රපටය තවත් නොබෝ දිනකින් තිරගතවීමට නියමිතව ඇති හෙයින්ද ඇය මෙම අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙයි. Entrepreneur සඟරාවේ පෙනී සිටින පළමු බොලිවුඩ් සිනමා නිළිය ඇය වන අතර, දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා වැනි හොලිවුඩය ජයගත් නිළියන් සිටියදී මෙම අවස්ථාව අනුෂ්කාට හිමිවීම මෙහි විශේෂත්වයක්ද වෙයි.
3,602 Views

ලෝ ප්‍ර‍කට Facebook සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යළි පිය පදවියට සැරසෙන බව, ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා.

තමා සහ බිරිඳ ප්‍රිසිලා දියණියක බලාපොරොත්තුවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ



3,710 Views
පසුගිය සතියේ බුකිය 05
13,406 Views

හැරී පෝටර් චිත්‍රපට මාලාවෙ සිටි භූත ආරක්ෂකයන්ට සමාන රුවක් ඇති අද්භූත රූපයක් සැම්බියාවේ ඉහළ අහසේ දැකගන්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අද්භූත රූපය මීටර් 100 කට වඩා වැඩි වන අතර, අඩි 330ක් තරම් විශාල වූ බවයි මේ සිද්ධිය දුටු අය කියලා තියෙන්නේ.

ඔවුන් මෙය සාපයක් වශයෙන් දක්වන අතර දැනටමත් මෙම ප්‍රදේශය අත්හැර දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.




5,838 Views
7,776 Views
[1]      «      17   |   18   |   19      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top