8,594 Views
තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්රමාණයක් ඉවතට ගෙන තිබෙන බව මාධ්ය වාර්තා කරනවා.
වාසනාව ප්රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට කාසි විසිකර ඇති අතර එම සත්ත්වයා ගිල ඇති බවයි හෙළි වුණේ.
කැස්බෑවෙකුගේ උදරයේ තිබී ගත් කාසි තොගයේ බර කිලෝ ග්රෑම් පහකට ආසන්නයි.
සැත්කමෙන් අනතුරුව මෙම සත්ත්වයා යහපත් සෞඛ්ය තත්ත්වයකින් පසුවන බවද තායිලන්තයෙන් වාර්තා වනවා.
කැස්බෑවෙකු සඳහා ශල්යකර්මයක් සිදුකළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා