Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


බොලිවුඩ්පුරයේ සුපිරි නළු සල්මන් ඛාන් ,ඔහුගේ මෝටර් රථයේ නිල රියැදුරාගේ පුතුගේ විවාහ උත්සවයට පසුගියදා සහභාගී වෙලා තිබුණේ පවුලේ සියලුදෙනාම සමගින්.. මෙලෙස පවුලේ සියලුදෙනාමසමගින් විවාහ උත්සවයට පැමිණීම විශේෂත්වයක් කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරන්නේ



අශෝක් සිං, බොලිවුඩ්පුරයේ සුපිරි නළුවෙකුගේ මෝටර් රථයේ නිල රියැදුරායි. පසුගියදා අශෝක්ගේ පුත්‍රයා විවාහ දිවියට එළඹුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට අශෝක්ගේ හාම්පුතා ද සහභාගි වුණා. ඔහු තමයි, සල්මන් ඛාන්. භාරතය පමණක් නොවෙයි, මුළු ලොවම හඳුනන සල්මන්, තම රියැදුරුගේ පුතාගේ මංගල උත්සවයට සහභාගි වුණේ පවුලේ සියලු දෙනාත් එක්කයි. සල්මන්ගේ පියාණන් වන ප්‍රවීණ තිර නාටක රචක සලීම් ඛාන්, බාල සොහොයුරෙකු වන ජනප්‍රිය නළු සොහේල් ඛාන්, නැඟණියන් වන අල්විරා සහ අර්පිතා සහ අර්පිතාගේ සැමියා වන අතුල් අග්නිහෝත්‍රි ද මේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියා.

ආඩම්බරකාරයකු, දඩබ්බරයකු ලෙස ඇතැම් අය සල්මන් දෙස බැලුවත් සැබවින්ම ඔහු කාරුණික සහ නිහතමානී මනුෂ්‍යයකු බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවයි බොලිවුඩ්පුරවාසීන් ප්‍රකාශ කරන්නේ. සල්මන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සලකන්නේ පවුලේම ඥාති පිරිසක් හැටියටයි. මේ බැඳීම වඩාත් ශක්තිමත් වුණේ පසුගිය කාලය තුළ ඔහු ගත කළ අසීරු වාතාවරණවලදියි.

සල්මන් නිතරම පවසන්නේ තම ජීවිතයට බාධක පැමිණි සැම විටම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුම තමන් සමඟ සිටි බවයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල වැදගත් අවස්ථාවන්ට එකතු වීමට සල්මන් කොහෙත්ම අමතක කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවිතවලට ඇතිවන නොයෙකුත් කරදරවලදී පිහිට වෙන්නටත් සල්මන් පසුබට වෙන්නෙ නැහැ. සල්මන්ගේ මේ මනුස්සකම බොලිවුඩ්පුරයේ කාට කාටත් ආදර්ශයක් බවයි බොහෝ දෙනාගේ මතය.



27,839 Views
ටයිගර් ෂෙරෝෆ් හා ඔහුගේ පෙම්වතිය වන ඩිෂා පටානි ළගදීම චිත්‍රපටයකින් දකින්න අවස්ථාව ලැබෙනවා කියලා ඉන්දීය ආරංචි මාර්ග සදහන් කරනවා


කරන් ජෝහාර් විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නට ටයිගර් ෂෙරෝෆ් හා ඔහුගේ පෙම්වතිය වන ඩිෂා පටානි තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ දිනවල අති සාර්ථකව තිරගත වන ජැකී චෑන්ගේ ‘කුංන්ග් ෆු යෝගා’ චිත්‍රපටය තුළද රංගනයෙන් දායකව සිටින ඩිෂා ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයාගත් ‘මහේන්ද්‍ර සිං දෝනි’ චිත්‍රපටයේ ‘ප්‍රියංකා’ ලෙසද ඇය පෙනී සිටියාය.

ප්‍රණිත් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය සඳහා සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන්ද, ෂාහිඩ් කපූර්ගේ බාල සොහොයුරා වූ ඉෂාන් කපූර්ද ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා පෙනී සිටින බව සඳහන් වේ.




6,344 Views
කරීනා මේ වන විට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී රූගත කිරිම්වලට මුල පුරන ‘වීර්රේ ඩී වෙඩින්’ නම්වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමටයි.




කුළුඳුල් දරුවා ලැබීමෙන් පසුව කරීනා කපූර් අවුරුදු කිහිපයක් නිහඬව සිටිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.
නමුත්, ප්‍රීති විරාජ් කපූර් ගෙන් ඇරැඹුණු සිනමා පරපුර තුළින් කිසිදු විටෙක රංගනය ඈත් නොවන බව සනාථ කරමින්
කරීනා යළි බොලිවුඩ්පුරයට එක්වීමටයි ලකලැහැස්ති වන්නේ.

කරීනා මවු පදවිය ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි. ඇයට ඒ උතුම් ‘තනතුර’ ලබා දෙමින් මෙලොව එළිය දුටු පුතා, තයිමූර් අලි ඛාන්.
මේ සුරතල් දරුවා උපන් පසුව කරීනා විතරක් නොවෙයි, සායිෆ් අලි ඛාන් ද මාස කිහිපයක නිවාඩුවක් ගත්තා.
සායිෆ් තම පුතුගේත් බිරියගේත් දුක සැප නිරතුරුවම සොයා බැලුවා.

කරීනා මේ වන විට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී රූගත කිරිම්වලට මුල පුරන ‘වීර් ඩි වෙඩින්’ නම්වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමටයි.
කරීනා පවසන්නේ මවක ලෙස බිලිඳු පුතුගේ වැඩ කටයුතු සිදු කරන අතරතුරදී චිත්‍රපටවල රඟපෑම අපහසු කරුණක් නොවන බවයි.
නිවසේ සහ සිනමා ලෝකයේ කටයුතු සමබරව පවත්වාගත හැකි බවත් ඇය පවසනවා.

“කවදත් මම විවාහ ජීවිතයයි වෘත්තීය ජීවිතයයි සමබරව පවත්වා ගත්තා. හුඟ දෙනෙක් හිතුවෙ මට එහෙම කරන්න බැරි වේවි කියලයි.
නමුත්, මම එහෙම කළා. ඉදිරියටත් ඒ විදිහට තමයි මම වැඩ කරන්නෙ. කාන්තාවකට පවුල් ජීවිතයක් තිබෙනවානම්, දරුවෙක් ඉන්නවානම්,
 ඒකෙන් කියන්නෙ නැහැ, එයා ගෙදරටම බැඳිලා ඉන්න ඕනෙ කියලා. ඇත්තෙන්ම, ඒ දෙපැත්තටම වෙලාවක් තියෙනවා” කරීනා සැහැල්ලුවෙන් පවසනවා. ඇය, කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටියදීත් මෝස්තර නිරූපණ අවස්ථාවලටත් එක්ව සිටි බව රහසක් නොවෙයි.
4,649 Views


බලමුද පහුගිය සතියේ Facebook එකේ මොනාද වුනේ කියලා

6,576 Views
දේදුණු දැකල තියෙනවා නේද ? 
4,525 Views
අපේ ලෝකේ එහෙම නැත්නම් පෘතුවියට සමාන ග්‍රහලෝක හතක් නසා ආයතනය හොයාගෙන තියෙනවා .
3,268 Views
ඇන්ජලිනා ජොලි  පසුගියදා කාම්බෝජයට ගිහිං තිබුණා .තනියම නෙමේ බබාලත් එක්ක.

සුපිරි නළු බ්‍රැඩ් පීට් එක්ක විවාහය දෙදරා යාමෙන් පසුව ඇන්ජලිනා තමන්ගේ දරුවෝ එක්ක
මේ විදියට දීර්ඝ සංචාරයකට  එකතු වුණු පලවෙනි වතාවද මෙය වෙනවා.
කාම්බෝජයේදී ඇන්ජලිනා ජොලි මීට කලින් කාලා නැති අපුරු කෑමක් කාලා තිබුණා.
සමහර කෑම ජාති අපිට කාලා පුරුදු නැත්තම් අපි ඒවගේ කෑම ආහාරයට නොගැනීම සාමාන්‍ය දෙයක්නේ  .
හැබැයි කාම්බෝජ සංචාරයකට එකතු වුණු ඇන්ජලිනා ජොලි පිසින ලද ගෝනුස්සෝ සහ මකුළුවෝ ආහාරයට අරං තිබුණා
කවදාවත් කළින් කෑවේ නැති කෑමක් වුණාට ඇන්ජලිනා වගේම එයාගේ දරුවොත් මේ කෑම බොහොම කැමැතෙන් ආහාරයට අරං තියෙනවා.එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබදව නියෝජිතවරියක් වුණු ඇන්ජලිනා ජොලි නම් කියන්නේ ඒනිසාම ඇයට විවිධ කෑම ජාති වල රස බලන්න අවස්ථාව ලැබුණු බවයි .










2,527 Views
මධුරි නැවත වතාවක් තම්මා ගීතයට නර්තනයෙන් එක්වීමට ලැබීම ගැන ගොඩාක් සතුටෙන්ලු.


බොලිවුඩයේ අංක එකේ සාර්ථක නිලියක් වුණු මදුරි ඩික්සිත් මේ වෙනකොට බොලිවුඩ් සිනමාවෙන් ඈත් වෙලා ඉන්නේ .
බද්රිනාත් කී දුල්හානියා චිත්‍රපටයට මධුරි 1990 වසරේ රගපෑ "තනිඩාර්" චිත්‍රපටයේ  ඇතුලත් වූ "තම්මා තම්මා" ගීතය යොදාගෙන තිබුණා .
මෙම ගීතයේ රූගත කිරීම් සදහා මධුරි එක් වු අතර එහිදී එම චිත්‍රපටයේ  ප්‍රධාන නළුවා වන වරූන් ධාවන් ,මධුරි සමග සෙල්ෆි චායාරූපයක්
අරගෙන තියෙනවා.
මේ ගීතයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කරන මධුරි නැවත වතාවක් තම්මා ගීතයට නර්තනයෙන් එක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා කියලත් වැඩි දුරටත් කියලා තිබුණා.

මධුරි මෙම ගීතය රූගත කිරීමෙන් පසුව වරූන්ට මෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතයට පණ පොවන ආලිය බාත්ටද සුබපතා තිබුණා .
ඇය මාධ්‍යය හමුවේ පවසා තිබුනේ තමන් හා සංජේ දත් දායක වුණ තම්මා තම්මා ගීතයට වර්තමානයේ වරූන් හා ආලියා  ඉතා හොද සාධාරණයක්
මෙම ගීතයට එක කර ඇති බවයි .


2,904 Views
2017 වසර සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය ඉන්දියාවේදී පැවැත්වුණා 
2,816 Views
5,961 Views
ඊයේ මැච් එක ගැන බුකිය මෙහෙමයි පත්තු වුනේ..
31,857 Views
බලමුද පහුගිය සතියේ Facebook එකේ මොනාද වුනේ කියල
14,455 Views
ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් පිරිණමන ෂා FM වලම්පුරිය තරගයේ තවත් පියවරක ජයග්‍රාහකයන්ට ත්‍යාග ඊයේ (16) පිරිනැමුණා .

එහි සුපිරි ත්‍යාගය රුපියල් මිලියනය දිනා ගත්තේ - මහියංගණය පන්වලපිටිය සොරබොර වැව පාරේ පදිංචි T .M මහින්ද තෙන්නකෝන් මහතායි .

ගුවන් විදුලි අසන්නන්ගේ සිහින සුපිරි මුදල් ත්‍යාග සහ තවත් ත්‍යාග වලින් සැබෑ කරන එකම වැඩසටහන වන්නේ ෂා FM වලම්පුරියයි .

සුපිරි ත්‍යාගයට අමතරව රුපියල් ලක්ෂය බැගින් දිනාගත් තවත් වාසනවන්තයින්ට සහ ස්කුටර් , හෝම්තියේටර් සිස්ටම් , ලැප්ටොප් පරිගණක ඇතුළු තෑගි රැසක් මෙහිදී ජයග්‍රාහකයින්ට ලබා දුන්නා .

ෂා FM වලම්පුරිය වැඩසටහනේ මීළග අදියරයේ සුපිරි ජයග්‍රාහකයා බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමියි .ඒ සදහා කල යුත්තේ FM 90.9 හෝ 91.1 ෂා FM ෂා FM වලම්පුරිය වැඩසටහනට සවන්දිමයි .
3,612 Views
මේ දවස් වල බුකියේ හැමතැනම ඉන්නවා කොකෙක් දම්පාට .
14,261 Views
තාක්ෂනය කියන්නේ හැමදාම වෙනස් වෙන අලුත් වෙන දෙයක් 
6,672 Views
[1]      «      18   |   19   |   20      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top