Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
02
රියදුරාගේ පුතාගේ වෙඩින් එකට ගිය සල්මන් ඛාන්

රියදුරාගේ පුතාගේ වෙඩින් එකට ගිය සල්මන් ඛාන් /shaagossip - රියදුරාගේ පුතාගේ වෙඩින් එකට ගිය සල්මන් ඛාන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

27,840 Views
බොලිවුඩ්පුරයේ සුපිරි නළු සල්මන් ඛාන් ,ඔහුගේ මෝටර් රථයේ නිල රියැදුරාගේ පුතුගේ විවාහ උත්සවයට පසුගියදා සහභාගී වෙලා තිබුණේ පවුලේ සියලුදෙනාම සමගින්.. මෙලෙස පවුලේ සියලුදෙනාමසමගින් විවාහ උත්සවයට පැමිණීම විශේෂත්වයක් කියලා තමයි ඉන්දීය ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරන්නේ



අශෝක් සිං, බොලිවුඩ්පුරයේ සුපිරි නළුවෙකුගේ මෝටර් රථයේ නිල රියැදුරායි. පසුගියදා අශෝක්ගේ පුත්‍රයා විවාහ දිවියට එළඹුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට අශෝක්ගේ හාම්පුතා ද සහභාගි වුණා. ඔහු තමයි, සල්මන් ඛාන්. භාරතය පමණක් නොවෙයි, මුළු ලොවම හඳුනන සල්මන්, තම රියැදුරුගේ පුතාගේ මංගල උත්සවයට සහභාගි වුණේ පවුලේ සියලු දෙනාත් එක්කයි. සල්මන්ගේ පියාණන් වන ප්‍රවීණ තිර නාටක රචක සලීම් ඛාන්, බාල සොහොයුරෙකු වන ජනප්‍රිය නළු සොහේල් ඛාන්, නැඟණියන් වන අල්විරා සහ අර්පිතා සහ අර්පිතාගේ සැමියා වන අතුල් අග්නිහෝත්‍රි ද මේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියා.

ආඩම්බරකාරයකු, දඩබ්බරයකු ලෙස ඇතැම් අය සල්මන් දෙස බැලුවත් සැබවින්ම ඔහු කාරුණික සහ නිහතමානී මනුෂ්‍යයකු බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවයි බොලිවුඩ්පුරවාසීන් ප්‍රකාශ කරන්නේ. සල්මන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සලකන්නේ පවුලේම ඥාති පිරිසක් හැටියටයි. මේ බැඳීම වඩාත් ශක්තිමත් වුණේ පසුගිය කාලය තුළ ඔහු ගත කළ අසීරු වාතාවරණවලදියි.

සල්මන් නිතරම පවසන්නේ තම ජීවිතයට බාධක පැමිණි සැම විටම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුම තමන් සමඟ සිටි බවයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල වැදගත් අවස්ථාවන්ට එකතු වීමට සල්මන් කොහෙත්ම අමතක කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවිතවලට ඇතිවන නොයෙකුත් කරදරවලදී පිහිට වෙන්නටත් සල්මන් පසුබට වෙන්නෙ නැහැ. සල්මන්ගේ මේ මනුස්සකම බොලිවුඩ්පුරයේ කාට කාටත් ආදර්ශයක් බවයි බොහෝ දෙනාගේ මතය.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top