Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


















පද්මාවතී චිත්‍රපටය කියන්නේ හැමදෙනාගේම අවධානයට ලක්වුණු චිත්‍රපටයක්

මෙහි රංගනයේ යෙදෙන සියලුම නළු නිලියන් අතිශය කාර්ය බහුලවීම නිසා ආතතියෙන් නොපෙළුණොත් තරමක පුදුමයක්.
අද ඔවුන්ට එතරම්ම වැඩ. වසරක් තිස්සේ රූගත වෙමින් තිබෙන සන්ජේලීලා ගේ ‘පද්මාවතී’ චිත්‍රපටයේත් එවැනි සංකීර්ණ, අභියෝගාත්මක චරිතයක් තිබෙනවා. ඒ, අලව්දීන් ඛිල්ජි නම් වූ චරිතයයි.

මේ චරිතය නිරූපණය කිරීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ රන්වීර් සිංට යි. අලවුදීන් වැනි ක්‍රෑර ගති ඇති පුද්ගලයෙකුගේ චරිතයට ආරූඪ වී රඟපෑ රන්වීර් ගේ මානසික තත්ත්වය ද වෙනස් වූ බවයි සමහරු පවසන්නේ. තමන්ට ලැබෙන කුමන චරිතයක් හෝ ගැඹුරින් අධ්‍යයනය කොට රඟපෑම රන්වීර්ගේ සිරිතක්.
ඔහු අලවුදීන් බිල්ජිගේ යථා ස්වරූපය හොඳින් විමසීමෙන් පසුවයි, ඒ චරිතය පණ ගන්වා ඇත්තේ. මේ හේතුවෙන් ඒ චරිතය රඟපෑමෙන් පසුව රන්වීර් ට යළි සැබෑ ජීවිතයට පිවිසෙන්නට අපහසු වෙලා. කාගේත් උපදෙස් අනුව ඔහුට මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන්නට සිදුවූ බවයි ආරංචිවල සඳහන් වන්නේ.
මුම්බායි නුවර ‍රෝහලකට ඇතුළත් වූ රන්වීර් මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා තුනකදී සේවාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. මේ වනවිට රන්වීර්ගේ මානසික තත්ත්වය යහපත් වී තිබෙනවාලු. මෙවැනි අසීරු අවස්ථා පසු කරමින් නිර්මාණය වන ‘පද්මාවතී’, නොවැම්බර් 30 දා සිට තිරගත කිරීමට නියමිතයි.
6,038 Views














සයිෆ් අලී ඛාන් කියන්නේ හැම දෙනාගේම ආදරය දිනාගත්ත ආදරණිය කලාකරුවෙක්
 

සයිෆ් අලී ඛාන් ප්‍රධාන චරිත නිරුපණය කරන චෙෆ් චිත්‍රපටය මේ වෙද්දී අදායම් වාර්තා උපයමින් තිරගත වන බව වාර්තා වෙන බව දැනගන්න ලැබෙනවා.ඔක්තෝබර් 6 නිදා තිරගත වුණු දින දෙක තුල ඉන්දියානු රුපියල් කෝටි 2.4 ක් උපයාගෙන තියෙනවා.2014 දී තිරගත වුණු හොලිවුඩ් චිත්‍රපටයක අනු නිර්මාණයක් ලෙසින් මෙය නිර්මාණය කර ඇති බවයි දැනගන්න ලැබුණේ.
5,572 Views















ඩිෂා පටානි, බොලිවුඩ්පුරයට එක්වූ නවක යොවුන් නිළියක්.
 

 ඩිෂා පටානි සමඟ සිනමා ලොව පෙම් කරන්නට එක්වී සිටින්නේ ටයිගර් ශ්රොෆ්. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ නළුවකු වන ජැකී ‍ශ්රොෆ් ගේ පුත්‍රයා තමයි, ටයිගර්.

ටයිගර් සහ ඩිෂා ගේ කුළුඳුල් පෙම් රැඟුම් ඇතුළත් වන චිත්‍රපටය, ‘බාගි - 2’. මේ චිත්‍රපටයේ මුල් කොටස වූ ‘බාගි’ තිරගත වුණේ 2016 දී.
මෙහි පෙම්වතා ලෙස රඟපෑවේ ටයිගර් ශ්රොෆ්. ඔහුගේ පෙම්වතිය වුණේ ශ්‍රද්ධා කපූර්. දැන් ‘බාගි - 2’ චිත්‍රපටයේ ඩිෂා නිරූපණය කරන්නේ ශ්‍රද්ධා එදා ‘බාගි’ චිත්‍රපටයේ රඟපෑ චරිතයයි. ‘බාගි - 2’ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුණේ සැප්තැම්බර් 18 දා. එදින ඇරැඹුණු රූගත කිරීම්වලට එක්වී සිටියේ ටයිගර් සහ ඩිෂා රූගත කිරීම්වල මුල් අදියර නිමාවට පත්වූ එදා, ටයිගර් විසින් කාගේත් සිත් පැහැර ගන්නා සුළු ඡායාරූප සහ වීඩියෝ දසුන් අන්තර් ජාලයට එක්කර තිබුණා. ඒ, ඔහු සහ ඩිෂා පෙනී සිටින අවස්ථා රැසක්.

ඔවුන් දෙදෙනා එක්තරා පිහිනුම් තටාකයක විවිධ ඉරියව් වලින් සිටින අයුරු තමයි, ඒ දසුන්වල දැක්වුණේ.
ඩිෂා ඊට කලින් එම පිහිනුම් තටාකයේ ම රැඳී සිටිද්දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කර තිබුණා.
මේ හේතුවෙන් ටයිගර් සහ ඩිෂා අතර මෝදු වෙමින් පවතින සැබෑ ප්‍රේම කතාවට අත්තටු ලැබී ඇති බවයි පැවසෙන්නේ.
7,098 Views


පසුගිය සතියේ බුකිය 33


17,192 Views














පද්මාවතී චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන දීපිකා පදුකෝන් ඒ සදහා කෝටි 13 ක මුදලක් අය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙසැම්බර් 01 දා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත පද්මාවතී චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගිය 09 නිදා නිකුත් කරනු ලැබුවා . මේ අවස්ථාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් ගැනීමට එහි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර තිබීම හැමදෙනාගේම අවධානයට යොමු වී තිබුණා කියලයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ . කිසිවෙකුටත් හිතා ගන්න බැරි ලෙසකට මිලියන 04 ක පිරිසක් මෙය නරබා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ .
6,631 Views


















බාහුබලි චිත්‍රපටිය නිසා මේ වෙද්දී ජනප්‍රියත්වය වෙලා ඉන්න නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ

බාහුබලි චිත්‍රපටිය නිසා ජනප්‍රියත්වයට පත්වුණු ප්‍රභාස් තමන්ගේ රට වෙනුවෙන් සේවයට කැපවී සිටින බව වාර්තා වෙනවා .
තමන්ගේ රට පිරිසිදුවට තබා ගැනීම සදහා තමයි ඔහු මේ විදියට ඉදිරිපත් වෙලා තියෙන්නේ .මේ සදහා අගමැති නරේන්ද්‍ර සිංහ් මෝදී ,රැජිනි ඛන්ත් , ආක්ෂේ කුමාර් , සහ දීපිකා පදුකෝන් ද සහභාගී වී තිබීම විශේෂත්වයක් කියලයි දැනගන්න ලැබෙන්නේ .
5,683 Views














සුපිරි කලාකරුවකුට ඒ අයුරින් පිය පදවිය ලබන්නට සිතක් පහළ වෙලා




ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, කරන් ජොහාර් අවිවාහකෙයක්. ඒත් ඔහු දැන් පුතුන් දෙදෙනකුගේ පියෙක් බවට පත්වෙලා. ඔහුට ඒ වාසනාව ලැබුණේ එක්තරා නාඳුනන කාන්තාවගේ කුසෙහි ඔහුගේම ජානවලින් පිළිසිඳගත් නිවුන් දරුවන් දෙදෙනකු මෙලොව එළිය දුටු නිසයි. එය සිදුවුණේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලට පින් සිදු වන්නටයි. ඔබට මතක ඇති, ශාරුක් ඛාන් සහ ගෞරී යුවළට තුන්වැනි දරුවකු ලැබුණු අයුරු. එය සිදුවුණේත් මේ ක්‍රමයට ම තමයි.

දැන් තවත් සුපිරි කලාකරුවකුට ඒ අයුරින් පිය පදවිය ලබන්නට සිතක් පහළ වෙලා. මේ සුපිරි තරුව තමයි, සල්මන් ඛාන්. ඔහු අවිවාහකයකු බවට කවුරුත් දන්නවා. දැන් සල්මන් ගේ බලා‍පොරොත්තුව වී ඇත්තේ කරන් ජොහාර්ව අනුගමනය කරමින් පිය පදවිය ලබන්නටයි. ඔහු පවසන්නේ මීළඟ වසර දෙක, තුන ඇතුළතදී පුතකු හෝ දියණියකගේ සෙනෙහස ලැබීම තම පැතුම බවයි.

ඒ දරුවා හෝ දැරියට වයස අවුරුදු 20 ක් සපිරෙද්දී තමන්ගේ වයස 70 ක් පමණ වන බවත් සල්මන් ඒ සමඟම පැවසුවා.

පළමුවරට බොලිවුඩ්පුරයේ මේ අයුරින් පිය පදවිය ලැබුවේ ජනප්‍රිය නළු තුෂාර් කපූර්. අවිවාහකයකු වන ඔහුට ඒ වාසනාව උදාවුණේ 2016 දී.



5,926 Views














සන්ජේ දත් සහ සල්මන් ඛාන් බොලිවුඩ් සිනමාවේ ඉහළම තලයක වැජඹෙන නිසාදෝ දෙදෙනා අතර පැවතුණේ දැඩි අමනාපයක්.



මෙය, බොලිවුඩයේ කවුරුත් දන්නා ඇත්තක්. ඒත් මෑතකදී මුකේෂ් අම්බානි නම් වූ ධනවත් ව්‍යාපාරිකයා විසින් සංවිධානය කරන ලද ගනපති උත්සවයේදී මේ දෙදෙනා මිතුරන් බවට පත්වුණා. සන්ජේ සහ සල්මන් එකිනෙකා සෙනෙහසින් වැලඳගෙන පැරැණි අමනාපකම් දුරු කරන බව ලෝකයාට එහිදී පෙන්නුම් කළේ කාගේත් සුබ පැතුම් මැද්දේයි. හැමෝම කීවේ දැන් ඉතින් සන්ජේ සහ සල්මන් හොඳම මිතුරන් බවට පත්වේවිය කියලයි.

නමුත්, ඒ බලාපොරොත්තු සුන් කෙරෙන දෙයක් පසුගියදා සිදු වුණා. සන්ජේ රඟපෑ අලුත්ම චිත්‍රපටයේ මංගල දර්ශනයට ඇරයුම් ලද විශේෂ ආරාධිත අමුත්තන් අතර සල්මන් සිටියේ නැහැ. චිත්‍රපටයේ නම ‘භූමි’. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹීමට බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසකට ඇරයුම් ලැබී තිබුණා. අමීර් ඛාන්, ශාරුක් ඛාන්, විදු විනෝද් චොප්රා, රන්බීර් කපූර්, සුනිල් ෂෙට්ටි සහ මානා ෂෙට්ටි යුවළ, රාජ් කුමාර් හිරානි, කරන් ජොහාර්, සොනාක්ෂි සිංහ, ශත්රුගන් සිංහ, අජේ දේව්ගන් සහ කාජල් යුවළ, අභිෂේක් භච්චන් සහ ඓශ්වර්යා රායි යුවළ ඇතුළු තවත් කලාකරුවන් ඇරයුම් ලැබුවා. ඔවුන් සියලු දෙනාම එදා ඒ චිත්‍රපටය නැරැඹීමට පැමිණ සිටියත් සල්මන් පැමිණ සිටියේ නැහැ. තතු දන්නා අය පැවසුවේ සල්මන්ට ඇරයුමක් යවා තිබුණේ නැති බවයි.

මේ ගැන මාධ්‍යවේදීන් සන්ජේ දත්ගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැන්නක්... “සල්මන් මගේ සහෝදරයෙක් වගෙයි. එයාට මේ දවස්වල හරියට වැඩ. මටත් එහෙමයි. පහුගිය දවස්වල මට සල්මන්ව මුණ ගැහුණෙත් නැහැ.” ඒත්, ඇරයුම් නොකළ හේතුව සන්ජේ පැහැදිලි කළේ නැහැ.
5,249 Views
පසුගිය සතියේ බුකිය 32

12,273 Views











බොලිවුඩයේ වර්තමානයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන අනුෂ්කා ෂර්මා හා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඉදිරියේදී මුම්බායි හා දිල්ලි නගරවලදී අවන්හල් ජාලයක් ඇරඹීමට සූදානමින් සිටින බව සඳහන් වෙනවා

එමෙන්ම , මෙය ඉන්දියාවෙන් පිටත යුරෝපා රටවල් කිහිපයකද ඔවුන් ඇරඹිමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වෙනවා.මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ.

ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාත් කෝලි සිය පෙම්වති අනුෂ්කා නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් සඳහාද මුදල් යොදවා තිබෙන බවද සඳහන්.
6,087 Views
11,555 Views

















ජනප්‍රිය නළු ආර්. මාධවන්ට පසුගියදා අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ඇරයුම් ලැබුණා.

චිත්‍රපටයේ නම, ‘ෆැනේ ඛාන්.’ අධ්‍යක්ෂණය කරන්නේ අතුල් මන්ජ්රේකර්. නිෂ්පාදකවරයා, රාකේෂ් ඕම් ප්‍රකාශ්. මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළ පසු එය තිරගත කිරීමේ ආරම්භක දිනය හැටියට යොදාගෙන ඇත්තේ 2018 අප්‍රේල් මාසයේ දිනයක්.

අධ්‍යක්ෂ අතුල් මන්ජ්රේකර් මෙහි ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරා ගත්තේ ආර්. මාධවන් සහ ඓශ්වර්යා රායි.

ගිවිසුම් අත්සන් කිරීමට නියම කරගෙන තිබුණා. නමුත්, මාධවන් කියා සිටියේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට යොදාගෙන තිබෙන දිනවලට තමන්ට පැමිණිය නොහැකි බවයි. ඔහුගේ එම හේතු දැක්වීම ව්‍යාජයක් යැයි තතු දන්නා අය පවසනවා. සැබැවින්ම මාධවන් එලෙස පවසමින් චිත්‍රපටය මඟ හැර ඇත්තේ ඔහු ඉල්ලා සිටි ගාස්තුව ගෙවීමට නිෂ්පාදක රාකේෂ් ඕම් ප්‍රකාශ් අකැමැති වීමයි. මාධවන් ඉල්ලා ඇත්තේ දින 15ක රූගත කිරීම් වෙනුවෙන් රු. කෝටි 1.5 බැගින් වූ ඉහළම ගාස්තුවක්!

චිත්‍රපටයේ වියදම් ඇස්තමේන්තුව අනුව එවැනි වියදමක් දැරිය නොහැකි බව පැවසූ නිෂ්පාදකවරයා, මාධවන් වෙනුවට අදිල් ඉබ්රාහිම් නම්වූ මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියාව යොදාගන්නට තීරණය කළා. ඔහු මේ බව ඓශ්වර්යා රායිට දැන්වූ විට ඇය අදිල් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළා. ඇගේ ඉල්ලීම වුණේ මාධවන්. එය ඉටුකළ නොහැකි ඉල්ලීමක් බව පැවසූ නිෂ්පාදකවරයා, ඊළඟට යෝජනා කළේ රාජ් කුමාර් රාවන්වයි. අන්තිමේදී ඔහු සමඟ රඟපෑමට ඓශ්වර්යා එකඟ වුණාලු
5,806 Views














සුපිරි නළු සල්මන් ඛාන් ගේ නැවුම් රංගනයන්, ඇතුළත් වන මීළඟ චිත්‍රපටය, ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’.

ඔහු මේ චිත්‍රපටයේ රඟන්නේ අමිතාබ් භච්චන් සහ අමීර් ඛාන් වැනි දැවැන්තයින් සමඟයි.

කෙතරම් ඉහළ තත්ත්වයේ රැඳී සිටින නළු නිළියන් සමඟ රඟපෑවත් සල්මන් තමන්ට ලැබෙන ඕනැම ස්වරූපයක චරිතයකට ප්‍රවිෂ්ට වන්නේ එකම අයුරකින්. එය ඇතැමුන්ට අසාමාන්‍ය බවක් දැනවෙන ක්‍රියාවක්. සල්මන්ගේ මේ අමුතු රංගන ප්‍රවිෂ්ටය විස්තර කළේ ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’ චිත්‍රපටයේ රඟපෑ මොහොමඩ් සීෂාන්.

“සල්මන් දර්ශනයක රඟපාන්න කලින් ඒ අවස්ථාව කියවල බලන්නෙ එක වතාවයි. ඒ එක වතාවෙන්ම එයා දෙබස් ටික හිතට ගන්නවා. ඊට පස්සෙ දර්ශනය රූගත කරනකොට සල්මන් දෙබස් කියන්නෙ එයාගෙ වචනවලින්. තිර රචනයේ තියෙන වචන ම නෙමෙයි.”
4,997 Views














ශ්‍රී දේවිගේ මාම් චිත්‍රපටිය මේ වෙද්දී අතිසාර්ථකව ඉන්දියාවේ තිරගත වන බව වාර්තා වෙනවා


ඉන්දීය රුපියල් කෝටි 36ක මුදලක් ඉන්දියාවේදී පමණක් උපයා ගන්නට සමත් වුණු ශ්‍රී දේවිගේ මාම් චිත්‍රපටිය මේ වෙද්දී රටවල් රැසකම ප්‍රදර්ශනය කිරීමට සුදානම් බව වාර්තා වෙනවා.චෙක් ජනරජය , පෝලන්තය ,ඇමරිකාව ,එංගලන්තය , සිංගප්පුරුව යන රට වල ළගදීම ප්‍රදර්ශනය වීමට සුදානම් කර ඇති මේ චිත්‍රපටය ඉහල ආදායමක් ලබා ගනු ඇති බවයි මෙහි නිෂ්පාදන සමාගම මාධ්‍යයට කියලා තිබුණේ
5,157 Views
පසුගිය සතියේ බුකිය 30 
12,926 Views
[1]      «      10   |   11   |   12      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top