කලකට පසුව පිටියට පැමිණ තරඟ නැරඹීමට ක්‍රිකට් ප්‍රේකෂකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා.
ඒ එළඹෙන LPL තරඟාවලියේදීයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා.
දෙසැම්බර් 05 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී LPL තරඟාවලිය ආරම්භ වන අතර සමාරම්භක තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර එදින රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිතයි.
තරඟාවලියේ පලමු වටයේ තරඟ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර , අවසන් වටයේ තරඟ හම්බන්තොට දි පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.