Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


‘Lara Croft’ යනු ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම පුරාවස්තු ගවේෂකයකු ද වන රිචඞ් ක්‍රොෆ්ට් ආදිපාදවරයාගේ දියණියයි. ගවේෂණ චාරිකාවකදී රිචඞ් ක්‍රොෆ්ට් අතුරුදන් වෙයි.

පියාට සිදුවූයේ කුමක්දැයි සොයමින් Lara Croft ඔහු සොයා වික්‍රමයක යෙදෙයි. එහිදී Lara Croft සිත්පිත් නැති ‘ටි්‍රනිටි’ සංවිධානය සමඟ ගැටීමට සිදුවෙයි. නවතම Lara Croft චිත්‍රටයේ කථාව වන්නේ එයයි.

මීට පෙර Lara Croft චරිතයට පණ දුන්නේ ඇන්ජොලීනා ජෝලී ය. මෙම නවතම චිත්‍රපටයේ Lara Croft චරිතයට පණ දෙන්නේ Alicia Vikanderයි

මෙය කරළියට පැමිණියේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසිනි. වීඩියෝ ක්‍රිඩාව අදටත් ප්‍රති නිර්මාණය වෙමින් පවතින අතර එය ද අතිශයින් ජනප්‍රියය.

‘Lara Croft’ Roar Uthaug අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටීන් ස්කොට් තෝමස්, ඩැනියෙල් වූ, ඩොමිනික් වෙස්ට්, වෝල්ටන් ගොගින්ස් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. ‘Lara Croft’ ක්‍රියාදාම පිරි වීර වික්‍රමයක් වන අතර ලබන මාර්තු 16 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.










5,968 Views
පසුගිය සතිය බුකිය 47
17,800 Views















ජනවාරි 20 දා විද්‍යා බාලන්ට විශේෂ දවසක් වුණා.

ජනවාරි 20 දා පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගැනීමට ජනප්‍රිය නිළි විද්‍යා බාලන්ට අවස්ථාව ලැබුණා .
ඒ තුමාරී සුලි චිත්‍රපටය වෙනුවෙන්.ඇය මේ විදියට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ සිවුවන වතාව මෙය වීම විශේෂත්වයක්..
8,133 Views
මිෂන් ඉම්පොසිබල් කවුරුත් බලපු දන්න චිත්‍රපටයක් මේ එකේ 06 වැන්න මෙම වසරයේ මැද භාගයේ තිරගත වීමට නියමීත බව හොලිවුඩ් වාර්තා පවසයි.

මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක පණපොවන ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස් තමයි මේ ආරංචිය දීලා තියෙන්නේ . බලමු එහෙනම් මේ පාර මොකද වෙන්නේ කියල නේද ?

6,112 Views










ඓශ්චර්යා රායි කියන්නේ ඉතාමත් සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.

ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඓශ්චර්යා රායි කියන්නේ.ඇයගේ අලුත්ම සිනමා නිර්මාණයට ඇය සුදානම් වන බව වාර්තා වෙනවා .මෙහිදී ද්විත්ව චරිත නිරුපණය කරන නිසාම ඒ සදහා ඉහල මිලක් ඉල්ලා ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.1967 දී තිරගත වූ raath arudin චිත්‍රපටියේ නව නිර්මාණය සදහා තමයි මේ විදියට ඇය රංගනයෙන් එකතු වෙන්නේ.ඇය ඉතා ඉහල මිලක් අය කලත් ඓශ්චර්යා රායි ගේ දක්ෂතාවය සහ සුරූපී බව නිසාම එය අසාධාරණ නොවනු බවයි විචාරකයින්ගේ අදහස වෙලා තියෙන්නේ
8,213 Views
ෂා FM නාළිකාවේ සිය 16 වන සංවත්සරය ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙසින් සමරණු ලැබුවා. 2002 ජනවාරි 21 වන සඳුදා දින ABC මාධ්‍යජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබ ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ජනප්‍රියම ගායක ගායිකාවන් මැදිරියක සිට නිවේදක නිවේදිකාවන් ලෙස ඔබ අමතන සංකල්පයද රටට දායාද කල ෂා FM එලෙස සිය 16 වන සංවත්සරය සැමරූ මොහොතේ ඡායාරූප එකතුව පහතින්....

6,680 Views
13,695 Views














ආක්ෂේ කුමාර්ගේ අලුත්ම ෆිල්ම් එක ලගදීම රසිකයින්ට දකින්න අවස්ථාව ලැබෙන බව වාර්තා වෙනවා


ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්ගේ අලුත්ම ෆිල්ම් එක තමයි කේසාරි කියන්නේ.මෙහි ආක්ෂේ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නිළි පරිනිතා චොප්රා සමගින්.
ආක්ෂේ සමගින් පරිනිතා රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.පරිනිතා අවසන් වරට දායක වූ ගෝල්මාල් අගේන් චිත්‍රපටිය අතිශය සාර්ථක වුණා.ඒනිසාම මේ චිත්‍රපටියත් ආදායම් වාර්තා අතරට පැමිණෙයි කියලයි සිනමා විචාරකයින් පවසන්නේ.
6,418 Views














ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා මේ වෙද්දී බොලිවුඩයේ වගේම හොලිවුඩයෙත් ගොඩාක් ප්‍රසිද්ධයි.

ප්‍රියංකා, පසුගියදා දිල්ලි ගුවන් තොටුපළට පැමිණියේ උත්තර් ප්‍රදේශ්හි බාරීලි නගරයට යන්න හිතාගෙනයි. පෞද්ගලික ගුවන් යානයකින් බාරිලි වෙත ඇය යන්නට සූදානම් වී සිටියේ එහි විශ්ව විද්‍යාලයක පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙන්නයි. මෙහිදී ප්‍රියංකාටත් සම්මානිත ආචාර්ය උපාධියක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. ප්‍රියංකාට විශේෂයෙන් වැදගත් වන මේ උත්සවයට සහභාගි වෙන්න ඇය සමඟ ඇගේ මව සහ සොහොයුරා ද එක්වී සිටියා.

නමුත් ඇය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට නියමිත වේලාවට ළඟා වූවත් ඒ වන විට පැවැති අයහපත් කාලගුණය ඇගේ ගමනට හරස් වුණා. උදෑසන 10 පමණ වෙද්දී ප්‍රියංකා ගුවන් ගමනට ලෑස්ති වී සිටියත් අධික මීදුම නිසා කිසිවකුටවත් කිසිවක් කර කියා ගත හැකිවුණේ නැහැ. කාල වේලාව ටිකෙන් ටික ඉක්මවා යද්දී ප්‍රියංකාට තේරුම් ගියා, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නොහැකි වන බව. ගුවන් තොටුපළේ රැඳී සිටිද්දීම ඇය එම විශ්ව විද්‍යාලයට ට්විටර් පණිවිඩයක් යවමින් කනගාටුවෙන් දන්වා සිටියේ තමන්ට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට නොහැකි බවයි.
6,717 Views
උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම කරවන මංගල රිය පෙරහරේ ගමන් මාර්ග මෙන්න...


ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, ෂා FM සිරිපා කරුණාවට මේ වනවිට සියල්ල සුදානම් කර හමාරයි. 16 වසරක් පුරාවටම ශ්‍රී ලාංකේය රේඩියෝ නාලිකා අතර ජනප්‍රිය රේඩියෝ නාලිකාව බවට ෂා FM ඔසවා තැබූ දයාබර ශ්‍රාවක ඔබ වෙනුවෙන් වාර්ශිකව 'ෂා FM සිරිපා කරුණාව' සංවිධාන කෙරෙනවා. ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පිංබර සංකල්පයක් ලෙසින් දිග හැරෙන 'ෂා FM සිරිපා කරුණාව' ඔස්සේ දිවයිනේ සතර දිග්භාගයෙන් ම පෙළගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියලු සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීමට වරම් හිමි වනවා. ඒ අනුව එදා මෙදාතුර දිවයිනේ සංවිධාන වන විශාලත ම වන්දනා ගමනට තවත් සුවිශේෂිත්වයක් එක් කරන්නටත් ෂා FM මෙවර කටයුතු කර තිබෙනවා. ඒ ලංකාවේ සතර කොනින්ම ආරම්භ වන වන්දනා නඩ සමගින් පරම පූජනීය වූ මංගල කරඬුන්වහන්සේලා ශ්‍රීපාදස්ථානය දක්වා මහ පෙරහරින් වැඩම කරවීමයි. ලොව්තුරා බුදු පියාණන්වහන්සේ තෙවන ලංකා ගමනේදී ශ්‍රී පතුල පිහිටුවා පරම පූජණීයත්වයට පත් කළ සමන්ත කූඨය අදටත් දෙව් බඹුන්ගේ නොමද වන්දනාමානයට පාත්‍රවන්නා වූ අසිරිමත් පිං බිමක්. භූගෝලීය වශයෙන් මධ්‍යම හා සබරගමු පළාත්වලට අයත් විශාලත්වයෙන් සැතපුම් 8641 ක් හෙවත් අක්කර 56,000 කින් යුත් ශ්‍රීපාදස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක උසකින් පිහිටා තිබෙනවා. එකී පිං බිමෙහි උඳුවප් පුර පසලොස්වක දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයෙන්. බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබු, සිරිපතුල් සටහන රැදුණු මේ පිං බිම නලල් තලය තබා වන්ඳනා කරන්නට ලැබීම බොදුනුවන් සලකන්නේ සිය ජීවිතයේ ලැබෙන අති දුර්ලභ වු අවස්ථාවක් ලෙසයි. එකී පිං බිම වැඳ පුදා ගන්නට වරම් ලැබු සදාදරණීය ශ්‍රාවක ඔබව සුඛෝපභෝගී බස් රථ වලින් රැගෙන ෂා FM වෙතින් සියලු සුව සත්කාර මැද ජනවාරි 19 වන සිකුරාදා අලුයම් කාලයේ දිවයිනේ ස්ථාන රැසකින් ගමන් ආරම්භ කරන්නට මේ වන විටත් සියල්ල සූදානම්.. එමෙන්ම උදෑසන වන්දනා බස් රථ පිටත්වන මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කරනවා. ඊට වන්දනාමාන කිරීමට පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටින ජනතාවට අවස්ථාව සැලසෙනු ඇති.


ඒ අනුව, උත්තරීතර පූජා කරඬු වහන්සේලා වැඩම කරවන මංගල රිය පෙරහරේ ගමන් මාර්ග පහතින් බලන්න.

කොළඹ

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ කඩුවෙල, හංවැල්ල, කොස්ගම, පුවක්පිටිය, අවිස්සාවේල්ල, කරවනඇල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය

මිද්දෙණිය

ඇඹිලිපිටිය , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , දෙහිඕවිට , කරවනැල්ල , යටියන්තොට , ගිනිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

අකුරැස්ස

ඉමදූව , මතුගම , දොඩංගොඩ , බණ්ඩාරගම , හොරණ , පාදුක්ක , මීපේ , පහත්ගම , අවිස්සාවේල්ල , කරවනැල්ල , යටියන්තොට , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

අනුරාධපුර

කැකිරාව , දඹුල්ල , මාතලේ , නුවර , පේරාදෙණිය , ගම්පොල , නාවලපිටිය , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය.

පඬුවස්නුවර

වාරියපොළ , කුරුණෑගල , මාවතගම , ගලගෙදර , කටුගස්තොට , පේරාදෙණිය , ගම්පොල , නාවලපිටිය , ගිණිගත්හේන , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය 

පස්සර

බදුල්ල , බණ්ඩාරවෙල , හාලිඇල , වැලිමඩ , කැප්පෙටිපොළ , නුවරඑළිය , නානුඕය , තලවකැළේ , හැටන් , මස්කෙළිය , නල්ලතන්ණිය

16 වසරක් පුරා ෂා FM සමඟ සිටින ආදරණිය ශ්‍රාවක ඔබ සියලුදෙනාටම මේ අති උතුම් බැතිභර ගමන සඳහා දායකවෙන ලෙස පින් සිතින් ආරාධනා කරන්නෙමු.

ෂා FM සිරිපා කරුණාවේ ගමන් මග 2018 මෙතනින්
6,866 Views
13,308 Views






හැමෝගෙම ආකර්ෂණය දිනාගත් කතා මාලාවක් තමයි GAME OF THRONES කියන්නේ.

GAME OF THRONES කතා මාලාව බොහෝ දෙනා දන්න කතා මාලාවක්.ඒ නිසාම මේ කතා මාලාවේ චරිත සියල්ලන්ටම හැමදෙනාම වගේ ආදරය කරනවා.බ්‍රිතාන්‍ය රාජ්‍යයේ තැපැල් සේවය GAME OF THRONES කතා මාලාවේ මුද්දර එකතුවක් ඉදිරිපත් කරලා තියෙනවා.මුද්දර එකතු කරන අයට වගේම මේ කතා මාලාවට ආදරය කරන අයට මෙය මහගු අවස්ථාවක් වනු ඇති බවයි එරට රජයේ අදහස වී ඇත්තේ.
5,406 Views
පසුගිය සතිය බුකිය 44
15,054 Views














ඉලේනා ඩී කෘස් කියන්නේ පසුගිය කාලයේදී බොලිවුඩයේ ඉතාමත් හොඳින් රංගන හැකියාව පෙන්නපු නිළියක්. 
 
ජුඩ්වා දෙවෙනි චිත්‍රපටය වගේම බද්ෂාඕ චිත්‍රපට ඔස්සේ හැමදෙනාගේම ආදරය වඩාත් දිනාගත් ඇය පසුගියදා විවාහ වී ඇති බවට කට කතා පැතිර ගියා.ඉලේනා පසුගියදා ඇයගේ ටුවිටර් ගිණුමේ එක්තරා පණිවිඩයක් සදහන් කර තිබුණා ලව්ලි හස්බන් ලෙසින් , ඇය සහ ඇයගේ පෙම්වතා වන ක්නෙබෝන් සමගින් ගත් මේ පින්තූරයට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබුණා
7,288 Views
ජනප්‍රිය නිළි සෝනම් කපූර් කියන්නේ ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ ආදරණිය දියණියයි.






ළගදීම ඇය මනාලියක් වනු ඇති බවට කට කතා පැතිර යනවා..අනුෂ්කාගෙන් පසුව මීළඟට යුග දිවි ගමන් අරඹන්නට සූදානම් වන්නේ ඇයයි. ඇගේ අත ගන්නේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන ආනනද් අහුජා. ඔහුත් ඇයත් පෙම්වතුන් ලෙස ඇසුරු කරන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයක් ගතවෙලා. මෑතකදී පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලට සෝනම් පැමිණ සිටියේ ආනන්ද් එක්කයි. මේ සම්මාන උළෙලේදී සෝනම්ට විශේෂ සම්මානයක්ද හිමි වුණා. අනුෂ්කා ශර්මා ,ඛෝලි ගේ මනාලිය වීමෙන් පසුව දැන් කාගේත් නෙත් සිත් යොමුවී ඇත්තේ බොලිවුඩි පුරයේ මීළඟ මනාලිය දෙසටයි. වටින් ගොඩින් ලැබෙන ආරංචි වලට අනුව බොලිවුඩයේ මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව සිටින සුරූපිනියන් කිහිප දෙනකු ට සිකුරු දසාව ලබා ඇති හැඩයි. පෙම් ලොව අබිසෙස් ලබන්න සූදානම් වන මේ රුවැත්තියන් අතරින් මුලින්ම සඳහන් වන්නේ ජනප්‍රිය නිළි සෝනම් කපූර් ගේ නමයි. අනුෂ්කාගෙන් පසුව මීළඟට යුග දිවි ගමන් අරඹන්නට සූදානම් වන්නේ ඇයයි. ඔහුත් ඇයත් පෙම්වතුන් ලෙස ඇසුරු කරන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයක් ගතවෙලා. මෑතකදී පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලට සෝනම් පැමිණ සිටියේ ආනන්ද් එක්කයි. මේ සම්මාන උළෙලේදී සෝනම්ට විශේෂ සම්මානයක්ද හිමි වුණා.
 
7,637 Views
[1]      «      7   |   8   |   9      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top