Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
13
"අලුත් අවුරුදු ලිත 2015"

"අලුත් අවුරුදු ලිත 2015" - "අලුත් අවුරුදු ලිත 2015"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,805 Views

සියලු නැකත් වේලාවන් මෙන්න.....




නව සඳ බැලීම



2015ක් වූ මාර්තු මස 22 වන ඉරිදා දින ද, අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම



අප්‍රේල් මස 13 වන සඳුදා දිවුල් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි දී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව



අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 1.47 ට සිංහල අලුත් අවුරුද්ද උද වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා  පුර්වභාග 7.23 සිට අපරභාග 8.11 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පුර්වභාග 7.23 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස එනම් 1.47 සිට අපරභාග 8.11 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින අපරභාග 2.05 ට රතු පැහැති වස්ත්‍රාභවරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා, දී කිරි හා උක් සකුරු මිශ්‍ර රතු කැකුළු කිරි බතක්ද විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය


අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 2.42 ට රතු පැහැති වස්ත්‍රාභවරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට අහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම



අප්‍රේල් මස 15 වන බදාදා ලා කොළ පැහැති වස්ත්‍රාභවරණයෙන් සැරසී පුර්වභාග 9.06 ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත්‍ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සඳහා පිටව යාම



අප්‍රේල් මස 22 වන බදාදා ලා කොළ පැහැති වස්ත්‍රාභවරණයෙන් සැරසී සකුරු සහ තල මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර පුර්වභාග 6.02 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top