Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
05
"බල්ලන්ට පුළුවන්ලු සතුටෙන් හා දුකෙන් ඉන්න මිනිසුන්ව හඳුනාගන්න"

"බල්ලන්ට පුළුවන්ලු සතුටෙන් හා දුකෙන් ඉන්න මිනිසුන්ව හඳුනාගන්න" - "බල්ලන්ට පුළුවන්ලු සතුටෙන් හා දුකෙන් ඉන්න මිනිසුන්ව හඳුනාගන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,323 Views
“ඒගොල්ලෝ තේරුම් ගන්න ඇති මුහුණේ තියන හිනාව ඇස් වලින් පේනවා වගේම තරහ ගියාමත් ඇස් වලින් වගේම කටිනුත් ඒක පේනවා කියල ”


පළමු වතාවට පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ බල්ලන්ට මිනිසුන්ගේ ප්‍රීතිමත් මුහුණු සහ තරහෙන් පසු වන මුහුණු වෙන වෙනම හඳුනාගත හැකි බවයි. ඒ වගේම මේ පර්යේෂණයට අනුව බල්ලන්ට ඒ අවස්ථාව හා සම්බන්ධව පැවති අපේ මුණේ ඉරියව්ව ද මතක හිටින බවයි. මේ හැකියාව දීර්ඝ කාලයක් පුරා බල්ලන් නිවෙස් වල හැදී වැඩීමේ ප්‍රතිපලයක් ලෙසට සැලකිය හැක.

මේ පර්යේෂණය සඳහා සුනඛයන් 9ක් යොදාගෙන තිබෙන අතර ප්‍රීතිමත් හා ශෝකයෙන් සිටින මුහුණු වල කොටස් touchscreen එකක් මත පෙනීමට සලස්වා තිබෙනවා. එක කණ්ඩායමක් ප්‍රීතිමත් මුහුණු තේරීමට පුහුණු කෙරුණු අතර එම අවස්ථාවේදී ඔවුනට ආහාරයක් ලබාදෙන ලදී. අනෙක් කණ්ඩායම පුහුණු කෙරුනේ තරහ ගිය මුහුණු තේරිමටයි. පුහුණු කාලයෙන් අනතුරුව, මෙම සුනඛයන්ට 70% – 80% අතර සම්භාවිතාවයකින් නිවැරදි ලෙස මුහුණු තේරීමට හැකි වූ බව පෙනී ගිය බව මෙම පර්යේෂණය කල මනෝ විද්‍යාඥ Corsin Müller මහතා පවසා සිටියේය.

මෙයට සමාන වෙනත් පර්යේෂණ අතීතයේත් සිදුකර ඇති අතර එම අවස්ථා වලදී සම්පුර්ණ චායාරූප පෙන්වීමක් සිදු කෙරුණු අතර ඇතැම්විට සුනඛයන් මුහුණේ ඉරියව් වෙනුවට පින්තුරයේ යම් කිසි ලක්ෂණයක් වෙත අවධානය යොමු කරන්නට ඇති බවටත් මත පල කෙරෙනවා. එසේත් නැතිනම් දත් දිහා බලලා අඳුනාගැනීම සිදු කරා කියල සරලව හිතන්නත් පුළුවන්.

මේකට පිලියමක් ලෙස අලුත් පර්යේෂණයේදී සම්පුර්ණ මුහුණට අමතරව එක් එක් කොටස් වෙන වෙනම හඳුනාගැනීමේ හැකියාවත් පරික්ෂා කෙරුණා. දත් දිහා බලලා මුණ අඳුරගත්තා නම් ඔව්න්ට සතුටු හෝ තරහ ගිය මුහුණු ඇස වලින් අඳුරගන්න ලැබෙන්නේ නෑ . එතුමා වැඩි දුරටත් පවසා සිටියේය. කොහොමහරි වෙන වෙනම කොටස් දීලත් අන්තිමේදී 70% 80%ක් වගේ සම්භාවිතාවයකින් මුණු අඳුරගත්තා.

“ඒගොල්ලෝ තේරුම් ගන්න ඇති මුහුණේ තියන හිනාව ඇස් වලින් පේනවා වගේම තරහ ගියාමත් ඇස් වලින් වගේම කටිනුත් ඒක පේනවා කියල ” Muller මහතා පවසා සිටියා.

ඒවගේම මුහුණේ හැඟීම් එකකට වඩා සුනඛයන්ට අඳුරගන්න පුළුවන් කියන එකකටත් ඉඟි ලැබුනු බව Muller මහතා පවසා සිටියා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top