Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
27
'ලෝක කුසලානයේ සංවේදීම සිදුවීම්"

'ලෝක කුසලානයේ සංවේදීම සිදුවීම්" - 'ලෝක කුසලානයේ සංවේදීම සිදුවීම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

18,775 Views
ක්‍රිකට් ක්‍රීඩාව මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන්නේ එම ක්‍රීඩාව තුලින් මුළු ලොවටම මහත්මා ගතිගුණ විදහා දැක්වෙන බැවිනි. එකමුතුකමින්, සහයෝගයෙන් කණ්ඩායම් හැඟීමෙන් ප්‍රතිවාදී පිලට ගරුකරමින් ඔවුන් මේ ක්‍රීඩාවේ නිරතවෙයි.......,

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඉතා ආවේගශීලි වෙන්න පුළුවන්. ඒ වුනාට තරඟය පටන් ගන්නත් කලින් සොහෙල් කාන් හැමෝගෙම හදවත් වලට දැනෙන දෙයක් කරා. පිටිය මැදදී අපි මොනවා කරත් ඉන් පිටතට ආවම අපි හැමෝම සමානයි නේ?




පාකිස්තානය හා අයර්ලන්තය දෙපිලේ සාමාජිකයන්ට මුළු හදවතින්ම සුබපතාගත්තේ දැවැන්ත තරඟයකින් අනතුරුවයි.




බ්‍රෙන්ඩන් ටේලර් සිම්බාබ්වේ කණ්ඩායමේ වසර ගණනක සිටම ක්‍රීඩා කල දක්ෂතම ක්‍රීඩකයා යි. ඔහු සිය අවසාන තරඟයේදී දැවී යාමෙන් පසු ඉතා සංවේදී සමුගැනිමක් සිදු විය. ඔහු සිය කණ්ඩායමේ සගයන්ගෙන් පමණක් නොව ඉන්දියානු කණ්ඩායමේ හා දෙස් විදෙස් නරඹන්නන්ගේ ප්‍රශංසාවට ලක් විය.




ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟය අවසානයේ ක්වින්ටන් ඩි කොක් වහාම අපේ සංගාට සුබ පැතුම් එක කර සිටියා.



සංගාගේ නික්මයාමත් සමගම ඇතිවූ වැස්ස




ස්ටේන් ගේ පන්දුවට 6යේ පහරක් එල්ල කල එලියට් නවසිලන්ත කණ්ඩායම අවසන් මහා තරඟය වෙත රැගෙන ගියා. ඒ සමගම දකුණු අප්‍රිකානුවන් ඉමහත් කම්පාවට පත් වුණා. ග්‍රාන්ට් එලියට් ඉන් අනතුරුව තම කණ්ඩායමේ සගයන් සමග ජය සැමරීමටත් ප්‍රථම පිටියේ වැතිර සිටි ස්ටේන් වෙත ගොස් ඔහුට අත දී ඔහු සැනසුවා.




තරඟයේ පීඩනය ක්‍රීඩකයන්ට දැනෙන්නට විය. රබෙල් හසන් කෝලි දවාගත් මොහොත එයට නිදසුනක්. ඇත්තටම එයට අතීත කතාවක්ද තිබෙනවා. ඔහුගේ ආවේගය කැපී පෙනුනා.





තරඟය අවසානයේ ඉන්දියානු කණ්ඩායමේ නායක M S දෝනි ප්‍රේක්ෂකාගාරය වෙත ඇවිද ගියේ කොදෙව් පිලේ කදුළු රකින්නා වුනු දිනේෂ් රාම්දීන් සමගයි. සියලු තරුණ ක්‍රීඩකයන්ට දෝනිගේ මේ ක්‍රියාකලාපය කදිම ආදර්ශයක්.




මහේලටත් ඔහුගේ අවසන් තරඟයේදී සුබ පැතුම් එක් කරන්නට අමතක කරේ නෑ.




ඕස්ට්‍රේලියානු පිලේ ෂේන් වොට්සන් පාකිස්ථානු පිලේ වහාබ් රියාස්ට තරඟය අවසානයේ සුබ පැතුවේ පිටිය මධ්‍යයේ පැවති උණුසුම් තරඟයෙන් අනතුරුවයි. කෙසේ නමුත් තරඟය අතරතුර ආවේගශීලි ආකාරයෙන් ක්‍රීඩා කිරිම හේතුවෙන් මොවුන් දෙදෙනාටම දඩ මුදලක් පැනවූවා.




තරඟ විනිසුරු කුලසේකර වෙත යැවුණු පන්දුව පිත්තේ වැදුනේ දැයි සැකපළ කරද්දී එය දැවී යාමක් ලෙස පැවසීමට මැලිකමක් දක්වද්දී ඔහු පිටියෙන් ඉවත්ව ගියා. මෙය සැබවින්ම අවංකකම විදහා දැක්වුණු අවස්ථාවක්. දකුණු අප්‍රිකානුවන්ට එම පන්දුව නැවත වරක් නැරඹීමේ අවස්තාවක් ද නොතිබිණ. කුලසේකරට අවශ්‍ය නම් තවදුරටත් පිටියේ රැදී සිට ක්‍රීඩා කිරීමට ඉඩ තිබුණා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top