Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
27
"දිව කපා ගත් ඉන්දීය ක්‍රිකට් ලෝලියා"

"දිව කපා ගත් ඉන්දීය ක්‍රිකට් ලෝලියා" - "දිව කපා ගත් ඉන්දීය ක්‍රිකට් ලෝලියා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,845 Views

ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරග පරාජයට පත් වූ සෑම විටම එය දරාගත නොහැකි ඉන්දීය ක්‍රීඩා ලෝලීන් දිවි නසා ගැනීම සහ ක්‍රීඩකයන්ගේ නිවාසවලට අලාභ හානි සිදු කිරීම්  මෑත ඉතිහාසයේ සාමාන්‍ය දෙයක් බවට පත් උනා.

 ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ඊයේ පරාජයවීමත් සමග තවත් එවැනි පුවතක් තමිල්නාඩුු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඉන්දීය පුවත් වාර්තාවල දැක්වුණේ මෙම තරගයේ ජය ඉන්දියාවට හිමිකර දීමට දෙවියන්ට බල කිරීම සඳහා ඉන්දීය ක්‍රීඩා ලෝලියෙකු සිය දිව කපාගෙන ඇති බවයි.

 ඔස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව ලකුණු 328ක් රැස් කිරීමත් සමග මෙම තරුණයා දැඩි සිත් තැවුලට පත්ව ඇති බවයි ඉන්දීය මාධය වාර්තා කළේ. එම ඉලක්කය හඹායෑමට පිවිසි ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් දැවී යාමත් සමග මේ පිළිබද දෙවියන්ගේ ඇස් ඇරවීම සදහා තම නිවසේ තිබූ පිහියකින් එම තරුණයා සිය දිව කපාගෙන තිබෙනවා.  පසුව ඔහු වේදනාවෙන් කෑ ගසා ඇති අතර නිවැසියන් සහ අසල්වාසීන් එක්ව අදාළ තරුණයා රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

 මේ අතර ඉන්දීය කණ්ඩායම ඊයේ පරාජය වීමත් සමග නායක මහේන්ද්‍ර සිං දෝනිි සහ තවක් ක්‍රීඩකයින්ගේ නිවාසවලට දැඩි ආරක්ෂාවක් යෙදවීමටද ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගත්තා. විරාත් කෝලි අතින් ඊයේ ගිලි හී ගිය පහසු උඩ පන්දුව සහ එම තරගය නැරඹීමට සිඞ්නි ක්‍රීඩාංණයට පැමිණි ඔහුගේ පෙම්වතිය වන බොලිවුඞ් නිලි අනුෂ්කා ෂර්මාට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ස්ථාන කිහිපයක ඊයේ විරෝධතා පැවැත්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top