Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
10
"අයිඑස් ත්‍රස්තයෝ සමලිංගිකයන් ඝාතනය අරඹති"

"අයිඑස් ත්‍රස්තයෝ සමලිංගිකයන් ඝාතනය අරඹති" - "අයිඑස් ත්‍රස්තයෝ සමලිංගිකයන් ඝාතනය අරඹති"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,705 Views

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් විසින් සම ලිංගිකයන් ඝාතනය කිරීමටද දැන් පෙළඹී තිබේ.

සිරියාවේ රකා නගරයේදී සිදුකළ මෙවන් ඝාතනයකට අදාළ ඡායාරූප සමූහයක් ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම පළමු ඡායාරූපයේ කාන්තාවන් හා ළමයින් ඇතුළු විශාල පිරිසක් ඉහළ බලා සිටිනු දැක්වී ඇත. ඔවුන් එසේ බලා සිටිනුයේ උස් ගො‍ඩනැගිල්ලක මුදුන දෙසය.

ඉන්පසු දැක්වෙන ඡායාරූපවල හිසේ සිට දෙකන්ද වැසෙන කළු ඇඳුමින් සැරසුනු සන්න්ද්ධ පුද්ගලයින් තිදෙනකු දක්නට ලැබී තිබේ. ඔවුන් වින්දිතයාගේ දෙපසින් සිට ඇත.

සිවුවැන්නකු මේ සිද්ධිය රූප ගත කරද්දී එම තිදෙනා විසින් අදාල වින්දිතයා ගොඩනැගිල්ලෙන් බිමට වීසි කර තිබේ. ඉන්පසු ඡායාරූපයක දැක්වෙන්නේ වින්දිතයා මුණින්තලාව බිම වැටී සිටින අයුරුය.

ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහුගේ සිරුර වටා පිරිමි පිරිසක් සිටිති . නරඹන්නෝ ඒ අවටය. පිරිමින් අත ගල් මුල් තිබේ . ඔවුන්ගේ නායකයා ගල්වලින් එම සිරුරට ගසන ලෙස අණ කරයි.

ඔහුට මේ ඉරණම අත්වුණේ ඔහු සමලිංගිකයකු නිසා බව සඳහන්ව තිබේ. මෙය සමලිංගිකයන් ඝාතනයේ පළමු සිද්ධිය නොවන බවත් මීට කලින්ද එවන් පුද්ගලයන් රැසක් ඝාතනය කර ඇති බවත් වාර්තාවේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top