Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
09
"දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්"

"දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්" - "දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,902 Views

සැතපුම් 3 ක් දුරින් තිබෙන සතුරු ඉලක්ක විනාශ කළ හැකි නව ලේසර් කිරණ අවියක් ඉතා සාර්ථකව අත්හදා බැලූ බව ප‍්‍රහාරක යානා හා නව තාක්ෂණික ගිනි අවි නිපදවීම සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම කියයි.

ලේසර් අවි වලින් භාවිතය ලොවට අලූත් දෙයක් නොවූවද මෙම නව ලේසර් අවිය සැහැල්ලූ හා වඩා කාර්යක්ෂම බව පැවසේ.එනිසාම දැනට භාවිතයේ ඇති ලේසර් අවි ගොඩබිම සවිකිරීමට හෝ විසල් යුධ නෞකා වල සවිකිරීමට හෝ සිදුව ඇතත් මෙම නව අවි ගුවන්යානා හා හෙලිකොප්ටර යානා ආදියටද සවිකළ හැකිබව සඳහන්ය.

සාම්ප‍්‍රදායික ලේසර් අවියේ එන විසල් කිරණ ජනකයකින් ජනනය වන තනි ලේසර් කදම්භය වෙනුවට මෙම අවියේ භාවිතා වන්නේ කුඩා කුඩා ලේසර් කිරණ ජනක රාශියකින් ජනනය වන ලේසර් කිරණ එකතුකර තනාගෙන ඇති තනි කදම්භයකි.මෙනිසා අවිය කි‍්‍රයාත්මක කිරීමට යෙදිය යුතු බලය සැළකිය යුතු ලෙස අඩුකරගැනීමට හැකිව තිබෙන බව ලොක්හීඞ් සමාගම පවසයි.

කෙටි දුර ප‍්‍රහාරයන් සදහා මෙම නව අවිය ඉතාම ප‍්‍රයෝජනවත් වනු ඇති බවට යුද විශේෂඥයින් දැනටමත් අනාවැකි පළකර තිබේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top