Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
08
"අයි එස් ලා වගේ පාසල් සිසුන් මිතුරාට ගිනි තබයි"

"අයි එස් ලා වගේ පාසල් සිසුන් මිතුරාට ගිනි තබයි" - "අයි එස් ලා වගේ පාසල් සිසුන් මිතුරාට ගිනි තබයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,613 Views

අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ගුවන් නියමුවා ගිනි තබා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීන් කටයුතු කළ ආකාරය අනුකරණය කරමින් තම මිතුරාව ගිනි තබා මරණයට පත්කිරීමට යේමනයේ පාසල් සිසුන් කණ්ඩායමක් උත්සාහ කර තිබේ.

වයස අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන්යැයි පැවසෙන මෙම පාසැල් සිසුන් පිරිස තම මිතුරාව ලීයෙන් තැනූ කූඩුවක සිරකර එය මතට පෙට‍්‍රල් වත් කර ගිනි තබා ඇත.

කූඩුවේ සිරව සිටි සිසුවාගේ වාසනාවට එතැනින් යමින් සිටි වැඩිහිටියෝ පිරිසක් මේ දැක වහාම ගින්න නිවාදමා ඔහුට රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.බරපතල ගණයේ පිළිස්සුම් තුවාළ සිදුවී ඇති වුවද ඔහුගේ ජීවිතයට අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ජොර්දාන නියමුවා ඝාතනයට ලක්කෙරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කළ අයිඑස් අන්තවාදීන් එම වීඩියෝවේ පෙනී සිටි සේ මෙම පාසැල් සිසුන්ද නායකයා,තුවක්කුකරුවන්,ඝාතකයා ආදී ලෙස තම තමන්ටද තනතුරු වෙන්කරගෙගන මේ මාරක සෙල්ලමේ නිරතව ඇති බවද සඳහන්ය.

අයිඑස් අන්තවාදීන් අනුකරණය කිරීමට කුඩා දරුවන් පෙළඹුනු පළමු අවස්ථාව මෙය නොවන අතර පෙර අවස්ථාවකදී යේමනයේම දරුවන් කණ්ඩායමක් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීහු කටයුතු කළ අයුරු තමන් අනුකරණය කරනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කළහ.එම වීඩියෝවේ නම් අනුකරණය කිරීමක් විනා සැබෑමටම සිරකරුවන් මරාදැමිීමක් සිදුනොවුනි.

අයිඑස් අන්තවාදීත් තම ප‍්‍රචාරණ උපක‍්‍රමයක් කෙතරම් සාර්ථකව මෙහෙයවමින් සිටිනවාදැයි පෙන්වා දීමට මෙම සිදුවීම් හොඳ උදාහරණයන් බව ආරක්ෂක විශ්ලේෂකයින් කියයි.ඇමරිකාව ඇතුලූ බටහිර රටවල් අයිඑස් සංවිධානයේ ම්ලේච්ඡු බව ගැන කොතෙකුත් කීවද ඒවායින් අයිඑස් ගැතියන් තවත් වර්ධනය වීම විනා වෙන කිසිවක් සිදුව නොමැති බව ඔවුන් පෙන්වාදේ.

අයිඑස් සංවිධානය සමාජ වෙබ් අඩවිද තම මතය ප‍්‍රචාරය කිරීම සදහා ඉතාම සාර්ථකව යොදාගනිමින් සිටින අතර මෙම ඇතැම් සමාජ වෙබ් අඩවි වල ප‍්‍රතිපත්තීන් නිසා ඔවුන්ගේ එම ප‍්‍රචාරණ කටයුතු ව්‍යර්ථ කිරීම ඉතාම දුෂ්කරවී තිබේ.

යුධමය අතින්ද අයිඑස් සංවිධානය තව තවත් ශක්තිමත් වෙමින් සිටී.සාර්ථකව ප‍්‍රහාර එල්ල කිරීමට කුරදි සටන්කාමීන් ඇතුලූ අයිඑස් විරෝධී කණ්ඩායම් කටයුතු කරතත් ඒවා ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වෙමින් ඇත.

පසුගිය අවස්ථාවලදී මෙන් හුදෙක් අවි හරඹයෙන් මෙම සටන ජයගත නොහැකි බව විශේෂඥයින් නිතරම පෙන්වා දෙන්නකි.අයිඑස් සංවිධානය විනාශ කිරීමට මුල් පියවර තැබිය යුත්තේ ඔවුන්ගේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයට පහර එල්ල කිරීමෙන් බව ඔවුන් පවසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top