Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
08
"ලෝකේ වෙනස් කරපු කාන්තාවෝ"

"ලෝකේ වෙනස් කරපු කාන්තාවෝ" - "ලෝකේ වෙනස් කරපු කාන්තාවෝ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,028 Views
අද ජාත්‍යන්තර කාන්තා දිනය. ඈත අතීතයේ සිට අද දක්වා ලෝකේ හිටපු විශිෂ්ටම කාන්තාවන් කිහිප දෙනෙක් ගැන නොදන්න විස්තර මෙන්න.

ඈන් ෆ්‍රෑන්ක්
ලෝක යුද්ධ සමයේ ජීවත්වුන ඇන් අවුරුදු 15දී මරණයට පත්වුනා. නමුත් ඇය අවුරුදු 13දී ඇයට ලැබුන පොතක ලෝක යුද්ධය ගැන ලියපු තොරතුරු වර්තමානයේ වැඩියෙන්ම කියවුනු පොතක් බවට පත්වෙලා තියෙනවා.

ජේ. කේ. රෝලින්

හැරී පොටර් පොත් ලියපු මැය ගොඩක් දුප්පත් තත්වයක සිට ලෝකේ පොහොසත්ම කාන්තාවක් බවට පත් වුනා. ඇය ඉස්සෙල්ලම ලියන්න පටන් ගත්තම ඇය තමන්ගේ පළමු නම වෙන ‘ජෝ’ වෙනුවට ජේ.කේ. කියන මුල් අකුරු පාවිච්චි කලේ ඇය කාන්තාවක් කියල දැනගත්තම ඇයගේ පොත් ප්‍රසිද්ධ වෙන්නේ නැති බයටයි.



තෙරේසා මව්තුමිය
1979දී නොබෙල් සාම ත්‍යාගය ලබාගත්ත මෙතුමිය දුප්පත්, අසරණ අය වෙනුවෙන් ඇයගේ ජීවතයම කැප කලා.




බිලී ජීන් කින්
ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකාවක් වුන මැය විම්බල්ඩන් ජයග්‍රහණ 20ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම 1973දී බොබී රිගස් පිරිමි ක්‍රීඩකයන් ගැහැනු ක්‍රීඩිකාවන්ට වඩා දක්ෂ බව කියපු අවස්ථාවේ ඇය ඔහුව ඩොලර් 100,000 ත්‍යාගයකට පරාජය කලා



ෆ්ලොරන්ස් නයිටින්ගේල්
තුවාල වුන යුධ සෙබලුන්ට සත්කාර කල මැය හෙදි වෘතියට අලුත් අරුතක් වගේම ගෞරවයක් ගෙන දුන්නා.




එමීලියා ඉයර්හාර්ට්
1935දී හවායි සිට කැලිෆෝනියා දක්වා පියාසර කරල ලෝකේ පළමු ගැහැණු පයිලට් බවට ඇය පත් වුනා. ඇය 1937දී ලෝකය හරහා පියාසර කරන ගමනේදී අතුරුදහන් වුනා.

මාග්‍රට් තැචර්
බ්‍රිතාන්‍යයේ පළමු ගැහැණු අගමැතිනිය වුන මැය ලෝකේ පුරා ‘අයන් ලේඩී’ යන නමින් ප්‍රසිද්ධයි



රෝසා පාර්ක්ස්
ඇමරිකාවේ අප්‍රිකානු ඇමරිකානු පුද්ගලයන්ගේ අයිති වෙනුවෙන් නැගී හිටපු කාන්තාවක් තමා මේ. ඇය බස් රථයක ගමන් කරනකොට සුදු ඇමරිකානුවෙක් වෙනුවෙන් ඇයගේ ආසනය දෙන්න අකැමැති වෙලා ඇයගේ ජාතියේ අය වෙනුවෙන් සටන් කලා.




මාරී කියුරී
රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ ගොඩක් විශේෂ දේවල් කරපු මැය නෝබෙල් ත්‍යාග දෙකක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්වුනා.

සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය
ශ්‍රී ලංකාවේ පළමු ගැහැණු අගමැතිනිය පමණක් නොව ලෝකේ පළමු ගැහැණු අගමැතිනිය වුනෙත් මැයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top