Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
02
"අයි එස් අලූගෝසුවා අසුවෙයි - බි‍්‍රතාන්‍යයේ නිල බුද්ධි අංශයෙන්"

"අයි එස් අලූගෝසුවා අසුවෙයි - බි‍්‍රතාන්‍යයේ නිල බුද්ධි අංශයෙන්" - "අයි එස් අලූගෝසුවා අසුවෙයි - බි‍්‍රතාන්‍යයේ නිල බුද්ධි අංශයෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,424 Views

ජිහාඞ් ජොන් නම් අයිඑස් සංවිධානයේ කූප‍්‍රකට අලූගෝසුවා කුවෙට් රාජ්‍යයේ උපත ලැබ පසුව බි‍්‍රතාන්‍යයට පැමිණ එරට පදිංචිව තිබෙන මොහොමඩ් එම්වාසි නම් පුද්ගලයෙක් බව හඳුනාගැනීමට ඇමරිකා හා බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ අවසානයේ සමත්ව තිබේ.

අයිඑස් අන්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටින විදේශ සිරකරුවන් මුදා ගැනීමට කප්පම් මුදල් ගෙවීම එම පුද්ගලයින් අයත් රටවල් ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ඔවුන්ව ප‍්‍රසිද්ධියේ මරා දමන්නේ ජිහාඩි ජොන්ය.මේ වන විට දෙඅතේ ඇගිලි හා සමාන ගණනක් පුද්ගලයන් ජිහාඩි ජොන්ගේ පිහියට බිලිව ඇත.

ජිහාඩ් ජෝන් යනු මෙම අලූගෝසුවාව හදුන්වාදීමට බටහිර මාධ්‍ය යොදාගත් නමකි.ඔහු ඉංගී‍්‍රසි ඌරුවකින් බස හැසිරවීමට ඊට ප‍්‍රධානම හේතුවයි..

ජිහාඩ් ජොන් හෙවත් මොහොමඞ් එම්වාසි පාසැල් සමයේ ඉතාම සාමකාමී හා මිත‍්‍රශීලී පුද්ගලයෙකු බව ඔහුගේ සමකාලිනයෝ කියති. තම මිතුරා අයිඑස් සංවිධානයේ දරුණුතම අලූගෝසුවා යැයි අනාවරණයවී තිබීම හමුවේ ඔවුන්ද සිටින්නේ කම්පනයට පත්වය.

ජිහාඩි ජොන්ගේ පවුලේ තොරතුරුද මේ වන විට සොයාගෙන තිබෙන අතර ඔහුගේ පියා ලන්ඩන් නුවර කුලී රථ රියදුරෙක් ලෙස සේවය කරන බවත් පවුලේ සහෝදරියන් දෙදෙනෙක්ද සිටින බවත් හෙළිව තිබේ.

ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ අනන්‍යතාව සඟවන බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ ඔවුන් හා කළ සාකච්ඡා වලින් පසු දැනගැනීමට හැකිවූ ආකාරයට මොහොමඞ් එම්වාසි වෙනස්වීමට පටන්ගෙන ඇත්තේ ඔහු වෙස්මිනිස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ දිනයේ සිටය.වෙස්මිනිස්ටර් විශ්වවිද්‍යාලය විප්ලවවාදී ඉස්ලාමික අදහස් වල තිඹිරි ගෙයක් යැයි හදුනාගෙන තිබෙන්නකි.

පසුව ඔහු විනෝද චාරිකාවක යන්නේය කියා සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.කතාව වෙනස් මුහුණුවරක් ගන්නේ මෙතැන් සිටය.

බි‍්‍රතාන්‍යයේ නිල බුද්ධි සේවය වන එම්.අයි 5 එම්වාසිගේ කි‍්‍රයාකාරකම් ගැන සැලකිල්ලෙන් සිට ඇතැයි තොරතුරු හෙළිව තිබේ.ඔහු සෝමාලියාවට යෑම වළක්වමින් කටයුතු කර තිබෙන එම්.අයි 5 එහි සේවයට පැමිණෙන්නැයි එම්වාසිට බලකර තිබෙන බවද සදහන් වේ.

ඒ සියල්ල ඔහු ප‍්‍රතික්ෂේප කර ඇත.නමුත් තත්ත්වය කෙතරම් දුරට වර්ධනය වූයේද යත් ඔහු නිවසට පැමිණි විටද නොයෙක් නිලධාරීන් ඔහු හමුවට පැමිණෙමින් ඔහුට තර්ජනය කරද ඇත.

මේ සියල්ලෙන් ගැලවීමට පියාගේ උපදෙස් මත ඔහු තම නම මොහොමඞ් අල් ආයන් ලෙස වෙනස් කර තිබේ.

පසුගිය 2013 වර්ෂයේ ඔහු හදිසියේම නිවසින් අතුරුදන්ව ඇත.සොයාබැලීම් වලදී හෙළිව තිබෙන්නේ මොහොමඞ් සිරියාව බලා ගොස් තිබෙන බවය.

ජිහාඩ් ජොන් යන පුද්ගලයා කරළියට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය.

මෙතෙක් කල් රහසක්ව පැවති ජිහාඩ් ජෝන්ගේ අනන්‍යතාව දැන් අනාවරණයව තිබෙන හෙයින් ඔහු සොයා පරීක්ෂණ කටයුතු සිදුකිරීම පහසුවනු ඇතැයි විශේෂඥයෝ පවසති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top