Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
26
"අපේ නිළියෝ ඒ අතින් කොච්චර හොදයිද කියලා ඔබට හිතෙයි"

"අපේ නිළියෝ ඒ අතින් කොච්චර හොදයිද කියලා ඔබට හිතෙයි" - "අපේ නිළියෝ ඒ අතින් කොච්චර හොදයිද කියලා ඔබට හිතෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,035 Views

“අත නොතබනු, තීන්ත වේලී නැත“ කියලා බෝඩ් ගහපු තැන් කීයක් නං මේ වෙද්දි ඔබ අල්ලලා තියෙනවද? ලැජ්ජාවෙන්න දෙයක් නැහැ ඉතිං ඒක අපේ පුරුද්දක්නේ.ඒ හින්දද මන්දා “රජයේ අවවාදය- දුම් බීම හෘදයාබාධ ඇති කරයි “ කියලා සිගරට් පැකට් එකේ ගහලා තිබ්බත් ඒක දිහා බලාගෙන සිගරට් පැකට් එකක් වුනත් හිස් කරන්න අපේ අයට පුළුවන්.බවලත් අයත් ‘මතට තිත‘ තියන්න හදන්නේ ඉස්සරහටත් ඔහොම අවවාද දීලා නම් ඉතිං ඒ ගැන කතා කරන්න දේකුත් නෑ.

සිගරට් ලංකාවට නිල වශයෙන් පුරුදු කරේ සුද්දො වුණාට ව්‍යාප්ත කරන්න උදව් කරේ හින්දි Films කියලයි හැමෝම චෝදනා කරන්නේ. ශාරුක්,සල්මාන් වගේ වෙන්න ලංකාවේ තරුණ පිරිස සිගරට් බොන්න පටන් ගත්තා කියලා කිව්වට ධනපති කාන්තාවට සිගරට් බොන්න පුරුදු කරේ කවුද කියලා තාම හොයා ගන්න බැහැ.හැබැයි ඉතිං නිළියෝ දුම් බොන දර්ශන, හින්දි Films වල නැත්තෙමත් නෑ.

ඒ වුණාට ඇත්ත ජීවිතේදි සිගරට් බොන හින්දි නළුවො ඉන්නේ දෙතුන් දෙනයි,නිළියො නම් ඇත්තේම නැහැ කියලයි අපි හිතන් ඉන්නේ.ඔන්න අකමැත්තෙන් වුණත්අදින් පස්සේ ඒ කතාව වෙනස් කරගන්න වෙනවා.ඇත්ත ජීවිතේදි සිගරට් බොන හින්දි නිළියොත් 5 දෙනෙක් ඉන්නවා.මෙච්චර කල් රහසේ සිගරට් බිව්ව ඒ පස් දෙනාගේ නම් දැන් හෙළිවෙද්දි ඔබ එකපාරටම පිළිගන්න කැමතිවෙන එකක් නැහැ.ඒත් ඇත්ත මේකයි.

සුෂ්මිතා සෙන්, රාණි මුකර්ජි,මනීශා කොයිරාල,කංගානා  සහ priyanka chopra කියන හින්දි නිළියන් 5 දෙනාම සැබෑ ජීවිතයේදී සිගරට් බොනවා කියලා සාක්ෂි ඇතුව මේ වෙද්දි ඔප්පු වෙලා.ඔබ පණ වගේ ආදරේ කරපු නිළියෝ කී දෙනෙක් මෙතන ඉන්නවද?

සුෂ්මිතා සෙන් කියන්නේ 1994 ඉන්දියාවේ රූ රැජින.ඇයට නම් මේ පුරුද්දට කවදාවත් අත හැරගන්න බැරි තරමට ඇබ්බැහි වෙලා.

රාණි මුකර්ජිට උදේ නැගිට්ට ගමන් සිගරට් එකක් බීලයි දවස පටන් ගන්නේ.

Gangster Film එකේ රගපාන කංගානා රනාවුට් දුම් පයිප්ප උරන්න ඇබ්බැහි වුණ කෙනෙක්.

තමාගේ විවාහය දවසේ පවා හැමෝටම හොරෙන් සිගරට් බීපු මනීෂා කොයිරාල පිළිකා රෝගියෙක් වුනාට පස්සේ තමයි බොහොම අමාරුවෙන් සිගරට් බොන එක නැවැත්තුවේ.

ඡන්දෙ ඉල්ලුවට මොකද,අපේ නිළියෝ ඒ අතින් කොච්චර හොදයිද කියලා ඔබට හිතෙයි.හැබැයි මේ රහස හෙළිවෙනකං ඉන්දියාවේ අයත් හිතාගෙන හිටියේ සැරින් සැරේ Boy Friend ව මාරුකරාට මොකද එයාලගේ නිළියො තමයි හොදම කියලා...







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top