Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
23
"රාණි මුකර්ජි ප්‍රෙග්නන්ට්ද?"

"රාණි මුකර්ජි ප්‍රෙග්නන්ට්ද?" - "රාණි මුකර්ජි ප්‍රෙග්නන්ට්ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,862 Views
බ්‍රිතාන්‍යයේ රාජකීයයෙකු එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකට එකතු වෙන්න ලැබීම සුළු පටු දෙයක් හැටියට සලකන්න බැහැ.
මේ දුර්ලභ වාසනාව ලැබූ කෙනෙකු බොලිවුඩ් පුරයේ සිටිනවා. ඒ සුරූපී නිළි රාණි මුඛර්ජියි. පසුගියදා ලන්ඩන් නුවරට ගිය අවස්ථාවකදීයි, ඇයට මේ රාජකීය රාත්‍රී භෝජනයට ඇරයුම් ලැබුණේ. මේ සඳහා එක්වූ ප්‍රධාන ආරාධිත යුවළ ‍වුණේ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ කැමිලා පාකර්.

මේ භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ බ්‍රිතාන්‍ය – ආසියානු භාරකාර මණ්ඩලයයි. ලොව වෙසෙන ගැහැනු දරුවන් වහල් සේවයෙහි යෙදවීමේ ජාවාරම මැඬ පැවැත්වීම සඳහා එම සංවිධානය විසින් පවත්වන ලද වැඩසටහනකට සහභාගිවීමටයි, රාණි ලන්ඩන් නුවරට පැමිණ සිටියේ. රාණි මේ වැඩසටහන්වලට පසුගිය කාලය තුළ ක්‍රියාකාරීව දායක වී තිබෙනවා. රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රබෝධවත් සිතින් රාත්‍රී භෝජනය ගත්ත රාණි පසු දින දිල්ලිය බලා පිටත්වුණා.

තම රටට පැමිණි පසුව රාණිට කට කතාවක් පටබැඳුණා. මේ කටකතාව පැතිරී ගියේ ඇගේ නමින් නිර්මාණය වී තිබූ ව්‍යාජ Twitter පිටුවකින්. එහි සඳහන් වුණේ රාණිට දරුවෙකු ලැබීමට සිටින බවයි. ඒ කටකතාව සටහන් කර තිබුණේ ඇගේ ම වචන වලින්…

    “ මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම දැනුම් දෙන්න කැමැතියි, මම මවු පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් සිටිනවාය කියලා. මගේ මේ කුලුදුල් දරුවා වෙනුවෙන් ඔයාලා හැම දෙනාම ආශිර්වාද කරන්න.”

මේ ව්‍යාජ Twitter පිටුව ඇස ගැසුණු රාණි මවිත වුණා. ඇය වහාම තම සහයකයෙකුට කීවේ මෙම ව්‍යාජ Twitter පිටුව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න කියලයි. මේ වනවිට එය ඉවත් කර තිබෙනවා. ඒත් මේ සුපිරි නිළිය ගැබ්බරව සිටින බවට මේ අයුරින් කට කතා පැතිරෙන්නට හේතු වූ සිදුවීම් කිහිපයකුත් තිබෙනවා.

එක් සිදුවීමක් තමයි, රාණි රඟපෑ ‘මර්ඩානි’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වුණු ප්‍රේක්ෂකාගාරයේ වේදිකාවට ගොඩවෙද්දී ඇය වෙතින් දිස්වූ අපහසුතාව. මෙහිදී ඇය වේදිකාවට ගොඩවුණේ ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් ගේ උදව්වෙන්. තවත් උත්සව අවස්ථාවකට රාණි පැමිණ සිටියේ ලිහිල් ඇඳුමක් හැඳගෙනයි‍. රාණිව දුටු සමහරු පැවසුවේ ඇය තම කුස ආවරණය කරගන්නට උත්සාහ දැරූ බවයි. කොහොම වෙතත්, රාණි මේ වනතුරු මේ කටකතා ගැන කිසිවක් කියා නැහැ.


 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top