Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
23
"කොරියානු නිළියන් සුරූපි හා සරාගී ඇයි"

"කොරියානු නිළියන් සුරූපි හා සරාගී ඇයි" - "කොරියානු නිළියන් සුරූපි හා සරාගී ඇයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,276 Views
කොරියානු, චීන, ජපන්, තායි වගේ හැම රටකම මිනිසුන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් ‍පොදු පෙනුමක්.
මේ අය සාමාන්‍යයෙන් මිටියි.කොණ්ඩය වුණත් අපේ රටේ වගේ විවිධත්වයක් නැති තරම්. ඇස් සිහින්. නමුත් කොරියානු සාමාන්‍ය තරුණියන් කෙසේ වෙතත් නිළියන් ගැන සලකා බැලුවොත් නම් පෙනෙන්න තියෙන දෙයක් වන්නේ මේ කියන ‍පොදු ලක්ෂණ ඔවුන්ගෙන් පෙනෙන්නට නැති බවයි.

ඔවුන් බොහෝ දෙනකුගේ ඇස් සිහින් නැහැ. හිසකේ පවා ‍පොදු පෙනුමට වඩා බොහෝ වෙලාවට වෙනස්. කැරළි සහිත හිසකේ මේ රටවල මිනිසුන්ට සාමාන්‍යයෙන් පිහිටා නැතත් ඇතැම් නිළියන්ගෙන් එවැනි ලක්ෂණ පවා දකින්නට පුළුවන්.
ඇත්තටම මේ සිල්ලටම හේතුව වෙන මොනවත් නොවෙයි ඔවුන්ගේ රුව ලස්සන කිරීමේ ක්‍රම. මේ ක්‍රම පසුපස තියෙන ප්‍රධානතම ක්‍රමය තමයි ප්ලාස්ටික් සැත්කම්. අනෙක තමයි කොරියානු නිළියන් සහ නළුවන් යන දෙපිරිසගේම රුව සම්බන්ධව පිළිගත් ප්‍රමිතියක් පවත්වාගෙන යාම. ඉන්දියාවේ පවා මෙවැනි ක්‍රමයක් අප දන්නා තරමට නම් නැහැ.


සෑම සංස්කෘතියකම රූමත් බව සම්බන්ධව විවිධ අර්ථකථන තිබෙනවා. කොරියානුවන් ඔවුන්ටම ආවේණික ක්‍රම ඔස්සේ මෙය අර්ථකථනය කොට තිබෙන ආකාරය දකින්නට පුළුවන්. කොරියාවේ සාමාන්‍යයෙන් තරුණියක් සැලකිල්ලක් නොදක්වන ඇතැම් අංශ ගැනද ගැඹුරින් සිතන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

සියලු දෙනාම මේ සැලකිල්ල සමාන අන්දමින් තබාගැනීම තහවුරු කරගන්නට තමයි ඔවුන් ඒ සඳහා යම්කිසි ප්‍රමිතියක් ඇතිකරගෙන තියෙන්නේ. මොකද කොරියාව කියන්නේ ඉන්දියාව වගේම සිනමාව හා ටෙලි නාට්‍ය කර්මාන්තය අතිශය දියුණු රටක් නිසයි.
ඔවුන්ට කොරියාවේ වගේම ඉන් බැහැරත් සැලකිය යුතු තරම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. අපේ රටේ සිටින ප්‍රේක්ෂක පිරිස් ගැන වුණත් අඩු තක්සේරුවක් කරන්න බැහැ. කොරියානු නිළියන් පහත සඳහන් අංග ගැන වැඩිපුර අවධානය දක්වන බව තමයි කියැවෙන්නේ.


ඇස්

ඇස් වර්ග දෙකක් තිබෙනවා. ඇතැම් ඇස් පිහාටුවල වැඩිපුර නැම්මක් දකින්නට පුළුවන්. ඇතැම් ඇස් පිහාටුවල මේ වැඩිපුර නැම්ම දකින්නට නැහැ. පසුගිය අවුරුදු 10-20 කාලය තුළ මෙවැනි ද්විත්ව ඇහි පිහාටු තිබෙන අය ලස්සනයි කියා රැල්ලක් පැවැතුණා. නමුත් දැන් බොහෝ දෙනෙක් සිතන්නේ තනි ඇහි පිහාටුව වඩාත් ලස්සන බවයි.


සමෙහි වර්ණ ස්වභාවය

බොහෝ කාලයකට පෙර සුදු පැහැයට හුරු සමේ වර්ණයක් පවත්වාගෙන යන්නට සියලු දෙනාටම හැකි වුණේ නැහැ. අපට කොරියානුවන් සියලු දෙනාම සුදු සමේ වර්ණයක් ඇති අය ලෙස පෙනුණත්. ඔවුන්ට එහි වෙනස්කම් හඳුනාගන්නට පුළුවන්. අව්වට නිරාවරණය නොවන අයගේ සහ නිරාවරණය වන අයගේ සමේ වර්ණ ස්වභාවය ඔවුන්ටද බලපානවා.
කලකට පෙර මෙය පාලනය කරගන්නට හැකියාවක් නොතිබුණත් දැන් විවිධ ලෝෂන් වර්ග සහ සම සුදු පැහැයෙන් තබාගන්නට හේතුවන විවිධ ක්‍රීම් වර්ග වෙළෙඳ‍පොළට ඇවිත් තිබෙනවා. නමුත් කොරියානුවත් අතර ද සුදු නොවන සම ඇති ජනප්‍රිය නිළියන්ද සිටින බව අමතක කළ යුතු නැහැ.

හිසේ හැඩය

හිසේ හැඩය ද පුද්ගලයන් අතර විවිධයි. නමුත් බොහෝ කොරියානුවන් ඉංග්‍රීසි වී () අකුරේ හැඩය ඇති මුහුණුවලට වැඩි කැමැත්තක් දක්වනවා. අපේ රටේ ද කොරියානු නිළියන් මේ තරම් ජනප්‍රිය වී සිටින්නේ නම් මුහුණු හැඩය ගැන කැමැත්තක් ඇති වී තිබෙන නිසා විය යුතුයි.
මේ අනුව ඔවුන්ගේ නිකට උල් හැඩයකින් තිබිය යුතු වෙනවා. මුහුණේ ඉහළ කොටස පහළට වඩා තරමක් පළල්. ඒ වගේම බිත්තරයේ හැඩයේ මුහුණුද ජනප්‍රියයි. නමුත් එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයා සිතන පතන ආකාරය අනුවයි.


හිසේ ප්‍රමාණය

කොරියානුවන් හිසේ ස්වභාවය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. බොහෝ කොරියානුවන් අතර ජනප්‍රිය වී ඇත්තේ කුඩා ප්‍රමාණයේ හිස්, නමුත් එය ද තීරණය වන්නේ එක් එක් අය සිතන පතන විදිහ අනුවයි.

ප්ලාස්ටික් සැත්කම්

බොහෝ කොරියානු නිළියන් වගේම මුදල් වියදම් කරන්නට හැකි තරුණියන් මෙහි ඉහත සඳහන් කළ ආකාරයේ ජනප්‍රිය අංග තමන්ගේ සිරුරට එක් කරගන්නට ප්ලාස්ටික් සැත්කම් කරගන්නවා. එහිදී ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ තමන්ගේ සිහින් දෙනෙත් තරමක් විශාල කරගන්නයි.
සාමාන්‍ය කොරියානු තරුණියකගේ දෙනෙත් බොහෝ විට පවතින්නේ සිහින් ස්වභාවයක. නමුත් ඔබ රූපවාහිනියේ දකින නිළියන්ගේ එවැනි පෙනුමක් නැහැ. ඔවුන් සියලු දෙනාම පාහේ තම දෙනෙත් ප්ලාස්ටික් සැත්කම්වලට බඳුන් කළ අයයි. ඒ නිසා ඔවුන්ගේ දෙනෙත්වල සිහින් ස්වභාවයට වඩා ඇත්තේ තරමක් විශාල පෙනුමක්.


 2012 වසරේ කොරියානු රූ රැජින වූ කිම් යූ මී. ඇය ද ප්ලාස්ටික් සැත්කමකින් සිය දෙනෙත් සහ මුහුණේ පෙනුම වෙනස් කරගත් තැනැත්තියක්. සැත්කමට පෙර හා පසුව මුහුණේ ඇති වෙනස්කම් ඔබට පැහැදිලිව දැකගත හැකියි. මේ නිසාම එහි රූ රැජින තරග සඳහා ඉදිරිපත් වන බොහෝ දෙනෙකුගේ ඇත්තේ එක හා සමාන පෙනුමක්.
නිළියන්ගේ ස්වභාවයත් එයයි.  මේ නිසාම එහි ඇතැම් රූ රැජින තරග සඳහා අයැදුම්පත් කැඳවීමේදී ප්ලාස්ටික් සැත්කම් කළ තරුණියන්ව ප්‍රතික්ෂේප කරන්න පවා පටන් අරන් තිබෙනවා.
මේ උපක්‍රම හැරුණු විට ඔවුන් සාමාන්‍යයෙන් රුව රැකගැනීම සඳහා අනුගමනය කරන්නේ කොයි කවුරුත් දන්නා සාමාන්‍ය ක්‍රමයි. කෙසේ වුවත් රැලි කෙතරම් ආවත්, ඒවා සියල්ල කෙටිකාලීන බව අමතක කළ යුතු නැහැ. එක් එක් රටට ආවේණික පෙනුමක් තිබෙනවා.
තාවකාලික රැලිවලට වඩා වටින්නේ අපේ සහජ ස්වභාවයයි. විවිධ රැලි ඔස්සේ එන ක්‍රම අනුගමනය කිරීමට පෙර සියලු දෙනා මතක තබාගත යුත්තේ එයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top