අද උදෑසන ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයා ගුවන් හමුදාව දීයත් කළ විශේෂ මෙහෙයුමකින් බේරාගෙන තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක" වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ෂා ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ගුවන් හමුදා විශේෂ බලකායේ සෙබලූන් යොදා මෙම මෙහෙයුම කි්‍රයාත්මක කළ බවයි. මෙම විදේශිකයා සහ ඔහුගේ බිරිඳ අද උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර" එහිදී එකවරම මෙම විදේශිකයා ඉන් පහළට ඇද වැටී තිබෙනවා. පසුව ඔහු ගසක අත්තක රැදී ඇති අතර ඔහු එම ගසේ එල්ලී සිටි බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඔහු බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවනු ලැබූව ද එම උත්සාහය අසාර්ථක වුණා. ඉන් අනතුරුවයි ගුවන් හමුදාවේ විශේෂ බලකායේ සෙබලූන් විපතට පත් මෙම විදේශිකයා බේරා ගැනිම සදහා මෙහෙයුම ආරම්භ කළේ. බේරා ගත් මෙම විදේශිකයා මේ වන විට දීයතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
