අඟහරු ග්‍රහයාට ඉහළින් පවතින අභිරහස් වලා පටලයක් පිළිබඳව විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වති.
එම වලා පටලය මුල් වරට දැක ඇත්තේ, 2012 වසරේදී ආධුනික තාරකා විද්‍යාඥයින් පිරිසකි.
වලා පටලය අධ්‍යනය කළ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ, එම තුනී මීදුම් පටලය කිලෝ මීටර් 1000 කට වැඩි දුරක් ව්‍යාප්තව ඇති බව ය.අඟහරු ග්‍රහයා වටා මෙතෙක් දුටු විශාලත ම වලා පටලය මෙය බව ද විද්‍යාඥයෝ පවසති.
එය කාබන්ඩයොක්සයිඩ් හෝ ජලයෙන් සැදී ඇති විශාල වලාකුලක් හෝ දීප්තිමත් අවුරෝරා එළියක් විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහස ය. කෙසේ වෙතත් මෙම අභිරහස් මීදුම් වලා පටලය දර්ශනය වීමෙන් දින 10 කට පමණ පසු යළි ත් එය අතුරුදන්ව ඇති අතර මීට මාසකට පමණ පසු එය නැවතත් දර්ශනය වී තිබේ.
මේ පිළිබඳ ගවේෂණය කරන විද්‍යාඥයින් මෙම වලා පටලය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට මෙතෙක් සමත් වී නොමැත.