ඇස්වලින් බොරු කරන්න බෑ කියල අපි කතාවක් අහල තියනවා.
ඒ වගේම තමයි අපේ ඇස් දෙකෙන් අපේ ඇඟ ඇතුළේ තියන ලෙඩ රෝග ගැනත් යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
හර්දයබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී ලෙඩ රෝග මෙන්ම ජාන විකෘතිවීම නිසා ඇතිවන ලෙඩ රෝගවලින් 1/3ක් ම ඇස හා සම්බන්ධ බවට සොයාගෙන තිබේ.
ශරීරයෙ පෝෂණ ඌනතා සහ අභ්‍යන්තරයේ ඇති ආසාත්මිකතාවයන් පිළිබඳව ද යම් කිසි නිගමනයන්ට එළැඹීමට ද හැකියාවක් තිබේ. ඇසෙහි විවිධ කොටස් මගින් විවිධ රෝග නිර්ණය කරගැනීමේ හැකියාව පවතී.
අක්ෂි විශේෂඥයන් පවසන අන්දමට ඇස යනු අපගේ අභ්‍යන්තර ශරීරය පිරික්සිය හැකි විවරයකි. බොහෝ විට වෛද්‍යවරුන් අන්වීක්ෂ භාවිතයෙන් ඇස පරීක්ෂා කර මෙම රෝග ලක්ෂණ හඳුනා ගනී.
මානසික ආතතිය වැනි තත්ත්ව යටතේ ද ඇසෙහි විවිධ වෙනස්කම් දැකිය හැකි වේ. ඇසෙහි ඇති තවත් එක් විශේෂත්වයක් නම් මෙම රෝග ලක්ෂණ ශරීරයේ වෙනත් ස්ථානවල මතුවීමට පෙරම ඇස් පරික්ෂා කිරීමෙන් හඳුනාගත හැකිවීමයි.