Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
16
"ජිවන රේඛාවෙන් මුළු ජීවිතයම කියවන්න පුළුවන්ද?"

"ජිවන රේඛාවෙන් මුළු ජීවිතයම කියවන්න පුළුවන්ද?" - "ජිවන රේඛාවෙන් මුළු ජීවිතයම කියවන්න පුළුවන්ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,095 Views
අත්ලේ රේඛා වලින් අපේ ජීවිතය ගැන බොහෝ කාරනා කියවෙන බව ඔබ දන්නා කරුණක්. අද අපි කතා කරන්නට යන්නේ ජිවන රේඛාව ගැනයි.
මෙම රේඛාව පීතෘ රේඛාව කියාත්, ආයුෂ රේඛාව කියාත් සමහරු හඳුන්වයි. මෙහිදී අපි පාරම්පරික ක්‍රමයට එයට ජීවන රේඛාව කියා හඳුන්වමු.

ජීවන රේඛාව ආරම්භ වන්නේ දබර ඇඟිල්ලේ මුල පිහිටි ගුරු මණ්‌ඩලය සමීපයෙන්. නැතිනම් දබර ඇඟිල්ලත්, මහපට ඇඟිල්ලත් අතරින් බව ඔබට පෙනෙනවා ඇති. එය අවසන් වන්නේ සිකුරු මණ්‌ඩලය වටකරමින් කවාකාර ලෙස විහිද ගොස්‌ මැණික්‌ කටුව ප්‍රදේශයෙන්.

ජීවන රේඛාවෙන් ආයු කාලය නිශ්චය කරන බව කියවෙන නමුත්, මෙම රේඛාවෙන් ආයු කාලය පමණක්‌ නොව තවත් බොහෝ කරුණු හෙළිකරන බව කිව හැක.


අත්ල හිමියාගේ ශරීර සෞඛ්‍යය, රෝගාබාධ හා ඒවා ඇති වන කාල වකවානු, ජීවිතයේ ජයග්‍රහණ හා පරාජය ආදී සුවිශේෂී සිදුවීම් යනාදී බොහෝ දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් පෙන්නුම් කරයි.

ගුරු මණ්‌ඩලය අසලින් මෙය පටන් ගන්නා බැවින් ජීවිතයේ මුල් අවධිය (ළමා කාලය) සංකේතවත් කරන්නේ ගුරු මණ්‌ඩලය අසල පවතින කොටසිනි.

මෙම කොටස ඇතැම් අයගේ දම්වැල් ආකාරයෙන්ද, සමහර විට රේඛාවේ දූපත් සලකුණු ආකාරයෙන්ද දැකිය හැක. ඒ අනුව අත් හිමියා කුඩා කාලයේදී රෝග පීඩාදියෙන් දුකට පත් ව සිටි බව කියවෙයි.

 

සමහර අයගේ ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව එකම තැනකින් පටන් ගෙන ඇත. එවැනි අය තර්කානුකූලව කතා කරන හොඳ බුද්ධිමත් අය වෙති. මෙම රේඛා දෙක අතර සුළු පරතරයක්‌ පවතී නම් එවැනි අය ස්‌වාධීන, සාධාරණ අදහස්‌ ගරු කරන අය වන අතර ඔවුන් තමන්ගේ ක්‍රියා පිළිවෙළ නිශ්ශබ්දව ඉදිරියටම ගෙන යයි.

එම රේඛා දෙක අතර ලොකු පරතරයක්‌ ඇත්තේ නම් ඔවුන් ඉතා ඉක්‌මන්කාරී මෙන්ම අන් අය සමඟ අඬ දබර කිරීමට ද පෙලඹෙයි. හදිසි ඉක්‌මන් තීරණ ගැනීම ද ඔවුන් තුළින් ප්‍රකට කෙරේ. ජීවන රේඛාවේ දිගින් පමණක්‌ කෙනකුගේ ආයු කාලය මැනිය නොහැක.

එහෙත් ශරීර ශක්‌තිය, එහි පුළුල් බව දැන ගැනීමට හැක. පැහැදිලිව, ඝනව, කා වැද්දුන රේඛාවකින් ප්‍රබල ශරීර ශක්‌තියකින් යුක්‌ත බව පෙන්නුම් කරයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණ දිය හැකිය. මෙවැනි අය රෝගී වුවත් ඉක්‌මනට ම සුවය ලබයි.

ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුතුව අපැහැදිලිව වැටී ඇත්නම් හෝ එයින් රේඛා පහළට විහිදී ඇත්නම් එවැනි අයගේ සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. මෙවැනි අයට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති ශාරීරික හා මානසික ශක්‌තිය දුර්වලය.

ඇතැම් අයගේ ජීවන රේඛා දික්‌ව පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක්‌ හිමිවන අතර. උසින් වැඩි බවක්‌ ද පෙන්වයි. මෙම රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම සුබ නොවේ. එවැන්නෝ බොහෝ විට නිතර අසනීපවලට ලක්‌වන අතර, අන්‍යයන් ද ප්‍රිය නොකරයි.

ජීවන රේඛාව කැඩීම්, බිඳීම් කැපීම් නොමැතිව දීර්ඝ ලෙස පිහිටියේ නම් ඔහු හෝ ඇයට නිරෝගී, සැපවත් දිවියක්‌ ගත කිරීමට හැකිය. ජීවන රේඛාව අතරමැද කැඩීම හා වෙන්වීම හදිසි අනතුරු, මාරක විපත් ගෙන දෙන්නකි.

රතු පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්‌ති සම්පන්න බව ද ප්‍රකට කරන අතර, රෝස පැහැති වූ ජීවන රේඛාව මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයක්‌ පෙන්නුම් කරයි.

කහ පැහැයෙන් යුතු රේඛාව දක්‌වන්නේ අලසකමින් යුතුව ගෙවෙන ජීවිතයකි. සියුමැලි වූද, දුර්වර්ණ වූද, ජීවන රේඛාව රෝගී තත්ත්වයක්‌ ඇති බවට සලකුණක්‌ වෙයි.

මෙම රේඛාවෙන් ලම්භාකාරව හෙවත් ඉහළට නැගෙන රේඛා වාසනාවන්ත රේඛා වෙයි. මෙය කෙනකුගේ ජීවිතයේ භාග්‍යය උදාවන කාලය පෙන්නුම් කරයි. එම වයස සීමාව නිවැරදිව ගණනය කිරීමට නම් රේඛාව මැනිය යුතු වේ.

ජීවන රේඛාවෙන් පහළට ගමන් ගන්නා රේඛා අශුභඵල ලැබීමට හේතු වේ. එමගින් ඉහත තත්ත්වයෙන් පසුබෑමක්‌ පෙන්නුම් කරයි. ඉහළට විහිද යන රේඛා වැඩි වූ තරමට සුභඵල ද වැඩියෙන් උදා කරයි. රේඛාවකින් ජීවන රේඛාව කැපී ගියහොත් දුක්‌ කරදර හදිසි අනතුරු බාධා, සතුරු වියවුල් ආදියට බොහෝ විට හේතු වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top