කුඩා කාලයේදිම මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්කම් දැක්වූ බීබර් ගැන පසුගිය කාලසීමාවේදි නිකුත් වූ ආරංචි එතරම් සුභදායී ආරංචි නෙමෙයි.ඒ හැම එකකින්ම කියවූනේ ජස්ටින් බීබර් විසින් සිදුකල කුමක් හෝ දඩබ්බර ක්‍රියාවක් ගැන.ඒත දැන් හදිස්සියේම ජස්ටින් බීබර්ට තමන්ගේ අම්මව මතක් වෙලා.ඒ ඇය සමඟ ගීතයක් නිර්මානය කරන්න. ජස්ටින් බීබර්ගේ මවගේ නම Pattie Mallette .පසුගියදා ඇයත් ජස්ටිනුත් එකතුවෙලා ඇයගේ පළමු ගීතය නිර්මාණය කලා. මේ ගැන ටුව්ටර් සමාජ ජාලයට ඇය අදහස් දක්වා තිබුනේ පහත ආකාරයට...
"That was the BEST night of my life @justinbieber you were SO sweet to me and I had so much fun #ILoveYou. Amazing night recording my first song. Thank you so much for writing it love,"
කොහොම වුනත් ඉදිරියේ නුදුරු දිනකම ජස්ටින් බීබර්ගේ මෙන්ම ඔහුගේ මවගේ කටහඩත් අහන්න ලැබෙවී.
