Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
12
"රන්බීර්ට කට්රිනා හමුවීම අභිෂේක් තහනම් කරලා"

"රන්බීර්ට කට්රිනා හමුවීම අභිෂේක් තහනම් කරලා" - "රන්බීර්ට කට්රිනා හමුවීම අභිෂේක් තහනම් කරලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,284 Views
‘ෆිටූර්’ – (ප්‍රයෝගය) යනුවෙන් අභිෂේක් කපූර් අධ්‍යක්ෂණය කරනෆිල්ම් එකේ  ප්‍රධාන චරිත රඟන්නේ රේඛා, කට්රිනා කායිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් ආදිත්‍යයි.
චිත්‍රපටය රූගත කිරීම් ඇරැඹුණේ ගිය අවුරුද්දේයි. ඒත් නොයෙකුත් බාධක මතුවීම නිසා මෙහි රූගත කිරීම් ප්‍රමාද වුණා. මුලින්ම මෙහි ප්‍රධාන නළුවා හැටියට තෝරාගෙන තිබුණේ සුශාන්ත් සිං රාජ්පුට්.

ඔය අතරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අභිෂේක් වඩාත්ම උනන්දු වුණේ ආදිත්‍ය රෝයි කපූර්ව සුශාන්ත් වෙනුවට යොදා ගන්නයි. ටික දිනකින් මේ බව සුශාන්ත්ට දැනගන්න ලැබුණා.

ඔහු හෙමින් සීරුවේම මේ චිත්‍රපටයෙන් ඉවත් වුණා. ඒ සමඟම ‘ෆිටූර්’ චිත්‍රපටයේ රූගත කිරීම් කල් ගියා. ඒ දිනවල සමහරු කියා සිටියේ මෙහි සියලු වැඩ කටයුතු තවදුරටත් සිදු නොවේවි ය කියලයි. අධ්‍යක්ෂ අභිෂේක් ‘ෆිටූර්’ චිත්‍රපටයේ වැඩ නතර කර වෙනත් චිත්‍රපටයක රූගත කිරීම්වලට යොමුවීම නිසයි එවැනි කට කතා පැතිරුණේ.

කොහොම වෙතත් බාධක, කම්කටොලු මැද්දේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් දැන් සිදුවෙමින් පවතිනවා. මෙහි කට්රිනා සහ ආදිත්‍ය රඟන දර්ශන කිහිපයක්ම රූගත කිරීමේ කටයුතු පසුගිය සතියේ සිදුවුණා.

ඒ දර්ශන රූගත කිරීම් ආරම්භ කරන්න කලින්, අධ්‍යක්ෂ අභිෂේක් තහංචියක් පැනවූවා. චිත්‍රපටයේ රඟපෑ කෙනෙකුට නම් නොවෙයි. රන්බීර් කපූර්ටයි ඒ තහනම බල පැවැත්වුණේ. අධ්‍යක්ෂවරයා රන්බීර්ට දැන්වූයේ කිසිඳු හේතුවක් නිසා හෝ දර්ශන තලයට නොපැමිණෙන ලෙසයි. ඔබට හිතාගන්න හැකියි නේද ඒ ඇයි කියලා? ඔව්. ඔබ හිතුවා හරි.

රන්බීර්ගේ පෙම්වතිය කට්රිනා නිසයි ඒ තහනම ක්‍රියාත්මක වුණේ. රන්බීර් සහ කට්රිනා දැන් සැබෑ ජීවිතයේ පෙම් යුවළක් බව නොදන්නා කෙනෙකු නැති තරම්. මේ දෙදෙනා නිතරම හමු වෙනවා. අධ්‍යක්ෂවරයා මේ බව දන්නවා. තමන්ගේ හද බැඳි ප්‍රියාවිය මුණ ගැසෙන්නට රන්බීර් කොයි මොහොතක හෝ පැමිණිය හැකි බව අධ්‍යක්ෂවරයාට කල්පනා වුණා. ආදිත්‍ය සහ කට්රිනා මේ චිත්‍රපටයේ රඟන්නේ පෙම් යුවළක් හැටියටයි.

ඉතින් ඔවුන් දෙදෙනා එවැනි නිරූපණයක් කරද්දී රන්බීර් පැමිණියහොත් එම රංගනය අසාර්ථක විය හැකි නිසයි. අධ්‍යක්ෂ අභිෂේක් විසින් රන්බීර්ට මෙවැනි තහංචියක් පනවනු ලැබවේ. කිසිම අයුරකින් හෝ ‘ෆිටූර්’ චිත්‍රපටයට‍ සම්බන්ධ නොවන ලෙස ද ඔහු රන්බීර්ට දැන්වූවා. අභිෂේක්ගේ ‘නියෝගය’ පිළිගත් රන්බීර් ‘ෆිටූර්’ චිත්‍රපටයේ රූගත කිරීම් බලන්න ආවේ නැතිලු.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top