Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
10
"සම්බාහනේ කරගෙන සල්ලි වෙනුවට දරුවා දීලා"

"සම්බාහනේ කරගෙන සල්ලි වෙනුවට දරුවා දීලා" - "සම්බාහනේ කරගෙන සල්ලි වෙනුවට දරුවා දීලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,458 Views
මුදල් ගෙන එන්නෙමැයි පොරොන්දුව පිට සම්භාහන මධ්‍යස්ථානයේ රඳවා ගිය තම මුත්තණුවන් පැමිණෙන තුරු 6 හැවිරිදි සියායෝ මාසයක කාලයක් පුරා තවමත් බලා සිටින්නීය.

චීනයේ කුන්මින්ග් ප‍්‍රදේශයේ පිහිටි මේ සම්භාහන මධ්‍යස්ථානයට සියායෝගේ මුත්තණුවන් ඇය කැටුව පැමිණ ඇත්තේ මීට මසකට පමණ ඉහතදීය.සියායෝ තම මිණිබිරිය යැයි හඳුන්වාදී තිබෙන ඔහු තමා පැමිණියේ හොද ස්නානයක් හා සම්භාහනයක් ලබා ගැනීමේ අරමුණින් බව පවසා ඇත.

ඒ කටයුතු අවසානයේ ඔහු කියා ඇත්තේ මුදල් ගෙන එමට අමතකවූ බවය.තමන් මුදල් ගෙන එන තෙක් ඇපයට තමන්ගේ මිණිබිරිය සියායෝ මෙහි තබා යන බව පවසා තිබෙන ඔහු පිටව ගොස් ඇත.

දැන් මසක් ගතවී ගොසිනි.ඔහු තවමත් පැමිණ නැත.තම මුත්තණුවන් පැමිණෙන තෙක් සියායෝ බලා සිටින්නීය.

සියායෝගේන් ඇයගේ පවුලේ විස්තර ලබාගැනීමට සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය උත්සාහ කර ඇතත් එය සාර්ථකව නොමැති බව සඳහන්ය.අවසානයේ සියායෝ ගැන ප‍්‍රදේශයේ පොලිසියට මෙන්ම සමාජ සේවා සේවකයින්ට දැනුම් දුන් විට ඔවුන්  ආ අද හෙට එයාව එක්කන් යන්න එයි” යැයි පවසා සිටි බව කාර්යමණ්ඩලය කියයි.

සියායෝ දැන් සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය හා ඉතාම කුළුපගය.ඇයට අවැසි ආරක්ෂාව හා සෙනෙහස ලබාදෙන්නේ ඔවුන්ය.ඇය වෙනුවෙන් වෙනම ඇඳක්ද පිළියෙල කර දී තිබෙන අතර පාලූව මකා ගැනීමට ඇයට රූපවාහිනියක්ද ලබාදී ඇත.

සියායෝගේ තොරතුරු මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ වීමත් සමග මෙතෙක් නිදා සිටි පොලිසිය හා සමාජ සේවා ආයතය ඇය ගැන ලොකු උනන්දුවකින් මේ දිනවල කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය.හැකි ඉක්මනින් සියායෝ රැගෙන යෑමට පැමිණෙන්නැයි ඇයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් කියයි.

කිසිවෙකුහෝ ඉදිරිපත් නොවුනහොත් ඇයව සමාජ සේවා සේවකයින්ගේ භාරයට ගැනෙනු ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top