සියෝනා චානා කියන්නේ ලෝකේ ලොකුම පවුලේ ගෘහ මූලිකයා. එයාට භාර්ය්‍යාවෝ 34යි, ලමයි 94යි, මුනුබුරන් මිනිබිරියන් 33ක් ඉන්නවා.
ඊට අමතරව එයාට ලේලිලා 22ක් ඉන්නවා. මේ අය ජීවත්වෙන්නේ ඉන්දියාවේ මිසොරම් කරන ප්‍රදේශයේ බක්ට්වැන්ග් ගමේ තට්ටු 4ක් තියන ගෙදරක. මේ ගෙදර කාමර 100ක් තියනවා. මේ ලෝකේ ලොකුම පවුලට රෑ කෑම හදන්න කුකුල්ලූ 30ක් වත් පාවිච්චි වෙනවා. මේ පවුලේ ඔක්කම වැඩ බලාගන්නේ වයසම බිරිද. එයා කියන විදිහට තමා පවුලේ අනික් අය වැඩ කරන්න ඕනේ. චානා නම් කියන්නේ එයාට මේ වගේ ලොකු පවුලක් ලැබිලා තියෙන්නේ දෙවියන්ගේ ආශිර්වදයක් හැටියට කියලයි.
