Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
09
"මධුරිගේ හිනාව ලස්සන උනේ මෙහෙමයිලු"

"මධුරිගේ හිනාව ලස්සන උනේ මෙහෙමයිලු" - "මධුරිගේ හිනාව ලස්සන උනේ මෙහෙමයිලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,183 Views
උදේට, රෑට දත් මැදීම, ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක්ලු.
මෙහෙම කියන්නේ සුපරි නිළි මධුරි ඩික්සිත්. ඇය එහෙම නොකිව්වත් කාටවත් ඒ කාරණය ගැන අලුතෙන් කියන්න ඕනෙ නැහැ.

ඒත් මධුරිට හිටි හැටියේම දත් මැදීම ගැන කතා කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ ඇයි කියල කවුරු කවුරුත් හොයල බලන්න පටන් ගත්තා.

මධුරි දත් රැක ගැනීමේ වැදගත්කම ගැන වෙනදාට වඩා උනන්දුවක් දක්වන්නෙ කාරණා දෙකක් නිසයි. මුල්ම කාරණය තමයි ඇය තම පුතුන් දෙදෙනාගේ දන්ත සෞඛ්‍යය ගැන නිතරම සොයා බැලීම.

අනෙක් හේතුව තමයි මධුරි, ලෝක ප්‍රකට දන්තාලේපයක් වෙනුවෙන් නිර්මාණය වූ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටීම.

මධුරි තම සැමියා සමඟ දීර්ඝ කාලයක් පදිංචිව සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ. මෑතකදී ඇය, සැමියා සහ පුංචි පුතුන් දෙදෙනාත් සමඟ ඉන්දියාවේ ස්ථිර පදිංචියට පැමිණියා. මධුරිගේ ආදර සැමියා වන ශ්‍රීරාම් නෙනේ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

ඔහු කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා පුංචි පුතුන් දෙදෙනා වන ආරින් සහ රායන් ගේ වැඩ කටයුතු ගැන නිරතුරුවම යෙදී සිටින්න සිදුවී ඇත්තේ මධුරිටයි. ඒ නිසා ඇය, පුංචි ආරින් සහ රායන්ගේ නිරෝගීකම විශේෂයෙන්ම දන්ත සෞඛ්‍යය ගැන අවධානය යොමු කරනවා.

“පුතාල දෙන්න නියම විදිහට දත් මදිනව ද කියල මම සෝදිසි කරනව. රෑට නිදාගන්න කලින් මම නොවරදවාම ඒ දෙන්නගෙ දත් මැදල ද කියල බලනවා. එහෙම නොකළොත් නින්දට යන්න දෙන්නෙ නැහැ.

මං හිතන්නෙ නිරෝගිමත් සිනහවකින් පෙන්නුම් කරන්නෙ මුළු පවුලේම ප්‍රීතිය කියලයි. ඕනෑම පවුලක සාමාජිකයන් ගෙන් මතුවෙන්න ඕනෙ මූලිකම දේ ප්‍රබෝධවත්, ලස්සන සිනාවයි.

මේ වගේ හිනාවකින් වචන දහස් ගණනකින් කියන්න බැරි දේ කියවෙනවා.” මෙහෙම කියන මධුරිගේ සිනහව කෙතරම් ලස්සනදැයි සිනමා රසික පිරිසට අමුතුවෙන් හඳුන්වා ‍දිය යුතු නැහැ.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top