මාලුවෙකුට මලබද්ධය කියන ලෙඩේ හැදෙන්න පුලුවන් කියල දන්නවද?
ඒ විතරක් නෙමෙයි මලබද්ධය තියන මාලුවෙකුට සැත්කමක් කරලා සුව කරපු කතාවක් අහල තියනවද?
මේ එහෙම කතාවක්.
නෝත් ෆෝර්ක් වල කෙනෙක්ගේ රන්මසුවෙක් හෙවත් ගෝල්ඩ් ෆිශ් වර්ගයේ සුරතල් මාලුවෙකුට මලබද්ධය හැදුනා. මේ පුද්ගලයා තමන්ගේ මාලුවාව පශු වෛද්‍යවරයෙක් ගාවට ගෙනිච්චම කිව්වේ මේකට සැත්කමක් කරන්න වෙයි කියලා. සැත්කමට පවුම් 300 පමණ වියදම් වුනා.

නෝර්ත් වොල්ශම් වල පශු වෛද්‍යවරියක් වුන ෆේ බෙතෙල් තමා මේ සැත්කම සිදු කලේ. ඉස්සෙල්ලම නිර්වින්දක ජලයෙන් මේ මාලුවාව සිහිනැති කලා. එක වෛද්‍යවරියක් නිර්වින්දක වායුවක් නාසය සහ කරමල් තුලින් යවන ගමන් අනෙක් වෛද්‍යවරයා මාලුවාගේ හදවත නිරෝගීව තියාගත්තා. මේ සැත්කමට පැයකට වඩා ගියත් අන්තිමට මාලුවා නිරෝගී තත්වයට පත් වුනා. දොස්තර බෙතෙල් කිව්වේ මේ මාලුවගේ මලබද්ධයට හේතුව බඩවැලේ තිබ්බ ඉදිමුමක් කියලා.