Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
06
"ඩුබායි කිරුළේ හිමිකාරිනිය සොනාල්ද"

"ඩුබායි කිරුළේ හිමිකාරිනිය සොනාල්ද" - "ඩුබායි කිරුළේ හිමිකාරිනිය සොනාල්ද"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,973 Views
ලෝකයේ පළමවැනි වරට සංවිධානය කරනු ලබන Bollywood Dubai Lifestyle Exhibition ප්‍රදර්ශනය මෙම මස 11 වැනිදා ඩුබායි හිදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
එය පෙබරවාරි මස 12 සහ 13 වැනි දෙදින තුළදී ඩුබායි ජනතාව සඳහා නොමිලේ විවෘතව පවතී. මෙම ප්‍රදර්ශනය තුළදී විලාසිතා දැක්මක්ද සංවිධානය වන අතර, එය තරගකාරී මට්ටමින් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. ඒ සඳහා බොලිවුඩයේ නිරූපණ ශිල්පීන් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ද, නිළියන්ද සහභාගී වී සිටී. මේ දක්වා ලබා දී ඇති ලකුණු අතරින් නවක නිළි සොනාල් චෞහාන් ඉදිරියෙන් සිටියි.


මෙම විලාසිතා දැක්ම සඳහා නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් ලෙස සොනාල් චෞහාන්, සරීන් ඛාන්, නේහා ශර්මා, සනා සයීඩ්, ජියා මුස්තාෆා, රූප් දුර්ගාපාල්, ෆලක් නාස්, ජෙයොට්ස්නා චන්ඩෝලා, ම්‍රිනාලිනි තියාගි, පරුල් චෞහාන්, ප්‍රෙර්නා වන්වාරි සහ ලීනා ජුමානි යන පිරිස සහභාගී වන බව සංවිධායකයෝ පවසති.

කෙසේවෙතත් පෙබරවාරි 12 සහ 13 දෙදින පවතින විලාසිතා තරගය තුළදී Bollywood Dubai Lifestyle කිරුළ හිමිවන්නේ මේ අතරින් කාටද යන්න තවමත් සිතාගැනීමට නොහැකි කාරණයක් වී තිබේ.

මෙම තරගයේ විනිශ්චකරුවන් මෙතෙක් ලබා දී ඇති ලකුණු අනුව ඉදිරියෙන් සිටින නිරූපණ ශිල්පිනියන් හතර දෙනා ලෙස සොනාල් චෞහාන්, සරීන් කාන්, නේහා ශර්මා සහ සනා සයීඩ් හඳුනාගෙන සිටියි. මේ අතරින් කිරුළ හිමිවිය යුත්තේ සොනාල් චෞහාන් හට බව බොලිවුඩ් රසිකයෝ පවසා සිටිති.

සොනාල් චෞහාන් යනු 2008 වර්ෂයේ එළිදැක්වූ Jannat චිත්‍රපටය තුළින් රසික ජනාදරයට පත් රංගන ශිල්පිනියෙකි. ඇය රංගනයෙන් දායක වූ පළමු වැනි චිත්‍රපටය තුළදීම සම්මානයක් සඳහා උරුමකම් කීමට සමත්විය.

ඉන්පසුව ඇය එම වර්ෂයේදීම තෙළිඟු චිත්‍රපටයක් වන Rainbow චිත්‍රපටය සඳහා දායක වනු ලැබීය. 2010 වර්ෂයේ Cheluveye Ninne Nodalu චිත්‍රපටය සඳහාද, 2011 වර්ෂයේ Bbuddah... Hoga Terra Baap චිත්‍රපටය සඳහාද, 2013 3G චිත්‍රපටය සඳහාද, 2014 වර්ෂයේ, Legend චිත්‍රපටය සහ Pehla Sitara චිත්‍රපටය සඳහාද ඇය දායක වූවාය.

මෙම වර්ෂයේ එළිදැක්වීමට නියමිතව ඇති Pandaga Chesko චිත්‍රපටය සඳහාද, Soggade Chinni Nayana චිත්‍රපටය සඳහාද ඇය දායක වෙයි. මෙම චිත්‍රපට දෙක තවමත් රූපගත කරමින් තිබෙන අතර, මෙම වර්ෂයේ අගභාගයේදී එළිදැක්වීමට නියමිතය. එපමණක් නොව මැය හට 2016 වර්ෂයේ තිරගත වීමට නියමිත Jaane Tu... Ya Jaane Na 2 චිත්‍රපටය සඳහාද ආරාධනා ලැබී තිබේ.


















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top