5,896 Views
ඩැරුශ් මිසරි කියන පුද්ගලයා සැත්කම කරල අවුරුදු 2ක් ගියත් එයාට තිබ්බ වේදනාව අඩු වුනේ නැහැ. ඉස්සෙල්ලම වෛද්‍යවරු හිතුවේ එයා මානසිකව මවාගත්ත වේදනාවක් කියලා. ඒත් ස්කෑන් එකක් ගත්තම එයාගේ බඩ ඇතුලේ උපකරණ 10කට වඩා තිබුනා. මේ විදිහටම ජර්මනියේ හිටපු ඩර්ක් ශොර්ඩගේ බඩ ඇතුලෙන් සර්ජරි උපකරණ 16ක් හොයාගත්තා.
දතක සැත්කමක් කරන ගමන් කටේ හරි උගුරේ හරි මොකක් හරි කැපුමක් වුනොත් කෙනෙක් කතාකරන විදිහ වෙනස් වෙන්න පුලුවන්. ඒත් ඒ අයගේ ඇක්සන්ට් එක වෙනස් වෙන එක නම් අමුතුම දෙයක්. කෙරන් බට්ලර් ගොඩක් සරල සර්ජරි එකකින් පස්සේ නැගිට්ටම එයා කතා කලේ වෙනම රටකින් ආපු කෙනෙක් වගේ.
කාන්තාවක් එපිලෙප්සි කියන ලෙඩේ සුව කරන්න සැත්කමක් කලාට පස්සේ එයාට අනෙක් අය වෙනුවෙන් දැනෙන සානුකම්පාව වැඩි වෙලා. එයා කියන්නේ එයා කියවන පොත් සහ බලන චිත්‍රපටි වල ඉන්න චරිත ගැනත් එයාට අසාමාන්‍යය විදිහට දුක හිතෙනවා කියලයි.
ඒමි හර්බ්ස්ට් කියන්නේ ඔපෙරා ගායිකාවක්. එයාට දරු උපතේදී කරපු සැත්කමක් නිසා පාලනයකින් නැතුව නිතරම වාතය පිටකරන ලෙඩක් හැදිලා. මේ නිසා ඒමිට එයාගේ ගායනයත් අතහරින්න සිදුවෙලා.