Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
02
"ඔබත් බිරිඳක් ද ? – සැමියෙකුට කිසිදා නොකිය යුතු දේ"

"ඔබත් බිරිඳක් ද ? – සැමියෙකුට කිසිදා නොකිය යුතු දේ" - "ඔබත් බිරිඳක් ද ? – සැමියෙකුට කිසිදා නොකිය යුතු දේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

37,467 Views
“ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ” ගැමියන් අතර කියමනක් ඇත.
එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.

 
“ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා”යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

 
පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

 
1. මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? – සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

 
02. ඒයි මම මෝඩියෙක්ද? ” – ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

 
3. ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

 
4. ඔයා ඇත්තටම මට ආදරයක් නෑ ” – ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

 
5. මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි ” – පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.

 
6.”ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය” – තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.

 
7.” මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ ” – මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.

 
එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය

 
8. ඔයා හොඳ නෑ” – ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.

 
9. “මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ ” – මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.

 
අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

 
එම නිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top