දීර්ඝ කාලයක් සිටි නවතම උපාංග හදුන්වා දෙමින් ජනප්‍රිය වූ ඇපල් සමාගම ලෝකයේ ලාභදායිත්වය වැඩියෙන්ම උපයන ආයතනය බවට පත්වී තිබෙනවා.
ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, ඩෙස්ක්ටොප් පරිගණක නිපදවමින් සාර්ථක ගමනක් යාමට ඔවුන්ට හැකිවී තිබෙනවා. ඔවුන්ටම පමණක් සිමා වූ යම් යම් නිර්මාණ හේතුවෙන් පාරිභෝගිකයින් අතර ඉමහත් ආකර්ෂණයක් ලබා ගැනීමට සමත්වුණා.
ඇපල් ආයතනය විසින් උපයා ඇති ලාභය වන්නේ අමරිකානු ඩොලර් බිලියන 74.6කි. පැයකට ඩොලර් මිලියන 8.3ක අදායමක් ඉපයීමට සමත් වී තිබෙනවා. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා කුඩාවට ආරම්භ කල ආයතනය අද වන විට ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙනවා.
2011 වසරේදී ස්ටීව් ජොබ්ස් මහතා මියයාමෙන් පසු නව සභාපති ලෙස පත් වූ Tim Cook මහතා මේ දක්වා ආයතනයේ දියුණුවට නව වැඩපිළිවලවල් රැසක් හඳුන්වා දුන්නා