8,056 Views
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.
ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:
උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.

ඔබාමාගේ ආරක්ෂක රථ පෙළ
“Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.

ඔබාමාගේ නිල රථය ප්‍රවාහණය කරන ආකාරය
ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.

ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිළධාරීන්
ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.

ඔබාමා මෙවර නවාතැන් ගත් ITC Maurya හෝටලය
මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.

මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ

ඇමරිකානු ජනපති වැඩි වේලාවක් එළිමහනේ සිටින අවස්ථාව ලෙස ජනපති ලෙස ජාතිය අමතන ප්‍රථම අවස්ථාව හැඳින්වේ.
ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.




මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.






මේ දැක්වෙන්නේ එවැනි එංජිමක් සහිත කැඩිලැක් රථයක්
අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.

18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.


ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්)