Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
27
"දීපිකාට සාංකාව වගේලු"

"දීපිකාට සාංකාව වගේලු" - "දීපිකාට සාංකාව වගේලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,107 Views
රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් සුරූපී ජනප්‍රිය නිළිය දීපිකා පදුකෝන් ගැන තරමක දුක්මුසු පුවතක් බොලිවුඩ් පුරයෙන් දැනගන්නට ලැබුණා.
දීපිකා මේ දිනවල කාලය ගත කරන්නේ මඳක් අසනීප ගතියකින්ලු. ගතේ ලෙඩකින් නම් නොවෙයි. හිතේ ලෙඩකින්.

ඇය මේ දිනවල විෂාදය යන රෝගයන් ගෙන් පීඩා විඳිමින් සිටිනවාලු. බොලිවුඩයෙහි පමණක් නොව භාරත පුරවරයේත් මුළු ලොව තුළ ද, අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින මේ රුවැත්තිය මෙලෙස රෝගී වුණේ ඇයි? එයට හේතුව පැහැදිලි කරමින් දීපිකාම කියා සිටියේ පසුගිය වසරේ තිරගත වූ ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙද්දී තමන්ට මේ අපහසුකම දැනුණු බවයි. “මගේ හිතට අමුත්තක් දැනුණා. ඒ නිසා මම අම්මාට මේ ගැන කිව්වා. අම්මා ඉක්මනටම මාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා.” දීපිකා දැන් ඒ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

මේ ආරංචිය ලද ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස් බෙහෙවින් කම්පාවට පත්වී සිටිනවා. ඔවුන් මුලදී කෙලෙසින්වත් විශ්වාස කළේ නැහැ. තමන්ගේ ප්‍රියතම නිළිය මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින බව. ඒ වුණත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ සිනමා ලෝකයේ මන පිනවන රැඟුම් රඟමින් සිටිය ද මේ සියලුම නළු නිළියන් ලෙයින් මසින් සුසැදි මනුෂ්‍යයන් බව කවුරුත් අවබෝධ කරගත යුතු බවයි. දීපිකා පවසන්නේ විෂාදය වැනි මානසික රෝගී තත්ත්වයක් මතුවූ විට එය මාරාන්තික රෝගයක් ලෙස සැලකීමට බොහෝ දෙනෙකු හුරු පුරුදු වී සිටීම අභාග්‍යයක් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top