Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
26
"හැට අටේ කෙල්ල යුද පුහුණුවේ"

"හැට අටේ කෙල්ල යුද පුහුණුවේ" - "හැට අටේ කෙල්ල යුද පුහුණුවේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,248 Views
යුක්රේන ජාතික ඉකටෙර්නියා බිල්යික් 68 හැවිරිදිය.ඇයගේ සමකාලිනියන් ඔවුන්ගේ නිවෙස් වලට වී ජීවිතයේ සැදෑ සමය සුවසේ ගත කරද්දී බිල්යික් සිටින්නේ ඇයට වඩා දශක 4 ක් පමණ වයසින් බාල තරුණ කැඩෙට් කණ්ඩායමක් සමග යුද පුහුණුව ලබමින්ය.
යුක්රේන ආරක්ෂක අංශ ‘දඩුවම් දෙන්නිය’ යන ආදර නමින් හඳුන්වන ඇය තම කණ්ඩායමේ සිටින අනෙක් සාමාජිකයින් හා සමව දස්කම් පෙන්වීමට සමත්ය.ඉලක්කයට වෙඩි තැබීමට ඇය උපන් හපනියකි.හිම ගොඩවල් වල බඩගාගෙන යෑමට,දිවීමට,පැනීමට ආදී ඇයගේ වයසේ කිසිවෙකුත් නොසිතන,නොකරන කි‍්‍රයාකාරම් වලට ඇය එක පයින් සූදානම්ය.

දෙදරු තිදෙනෙකුගේ මවක් වන බිල්යික් මුණුබුරු මිණිබිරියන් පස් දෙනෙකුගේ ආදරණීය මිත්තණියකි.ඔවුන් හා කාලය ගත කිරීමට හැකියාව තිබියදී මෙසේ යුධ වදින්ට පැමිණියේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට බව ඇය කියන්නීය.

‘නාසිවරුන් මගේ රටට ආපු කාලය ගැන අත්දැකීම් මට තියෙනවා.ඒ වගේ කාලයක් මගේ රටට ආයේ එන්න ඉඩ දෙන්න බැහැ.ලොකුම දේ තමයි මගේ රටේ ඉන්න තරුණ තරුණියෝ දැනගන්න  ඕනේ ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා මෙතැන.ඔවුන් දන්නේ නැහැ ඔවුන් එක්වුනොත් එතැන ඇතිවෙන්නේ මොන වගේ බලයක්ද කියලා.මට ඔවුන්ට ආදර්ශයක් වෙන්නට  ඕනේ.මහලූ වයසෙත් මම රට වෙනුවෙන් සටන් වදිනවා දැක්කහම ඔවුනුත් ඉදිරියට ඒවි කියලා මම හිතනවා.’’ ඇය පවසන්නීය.

පුහුණු සමය කෙමෙන් අවසානය දක්වා ලඟාවෙමින් තිබෙන මේ දිනවල ඇය සූදානම් වෙමින් සිටින්නේ යුධ පෙරමුණට යෑමටය.රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකර ඇති හෙයින් තමන්ට අත්වන ඉරණම කුමක්හෝ වේවා එයට සතුටින් මුහුණදෙන බව ඇය කියන්නීය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top